Wednesday, July 25, 2012

ඔලිම්පික් යන ක‍්‍රීඩක

ඔලිම්පික් යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ තහනම් උත්තේජක පරීක්ෂණ කෙරුණේ නෑ......
 ක‍්‍ර‍්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප‍්‍රධානී



ලන්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තහනම් උත්තේජක පරීක්ෂණවලට යොමු කිරීමට අවස්ථාව නොලැබුණු බව ජාතික ක‍්‍රීඩා වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අර්ජුන් ද සිල්වා මහතා පැවසීය.
කොළඹදී ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මහාචාර්ය අර්ජුන් ද සිල්වා මහතා වැඩිදුරටත් පවසා සිටියේ, මෙවර ඔලිම්පික් යන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බහුතරයක් විදේශගතව සිටීම නිසා තහනම් උත්තේජක ගැනීම පිළිබඳ පරීක්ෂාව නිසි ලෙස කළ නොහැකි වූ බවයි.

‘‘ලන්ඩන් ඔලිම්පික් උළෙලට යන ශ්‍රී ලංකා කණ්ඩායම තහනම් උත්තේජක පරීක්ෂාවට ලක් කළ යුතුව තිබුණා. නමුත් අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සම්බන්ධයෙන් එවැනි කිසිදු ගැටලූවක් පැන නොනගිනු ඇතැයි කියලා’’ යයි ද මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය.
ලන්ඩන් නුවරදී ලබන සිකුරාදා (27) ආරම්භ වන ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පිටත්ව යාම පසුගිය 20 වැනිදා සිට ආරම්භ විය.

ජාතික ක‍්‍රීඩා වෛද්‍ය විද්‍යායතනය විසින් පසුගිය මාස හයක පමණ කාලසීමාවකදී කරන ලද කාර්යභාරයන් ගැන කරුණු දැක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.
ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ද, ජාතික ක‍්‍රීඩා වෛද්‍ය විද්‍යායතනයේ වෛද්‍යවරුන් වන වෛද්‍ය සීවලී ජයවික‍්‍රම, වෛද්‍ය ලාල් ඒකනායක, වෛද්‍ය ශිරෝමි පිලපිටිය සහ  ඕස්ටේ‍්‍රලියානු ජාතික භෞත චිකිත්සක ෂේන් වෙන්ට් යන මහත්ම මහත්මීන් ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.

No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.