Monday, September 24, 2012

Facebook බොරුව හෙළිවෙයි...!


hetadina.com

ම ආයතනය වටා ලොව පුරා වැඩිම සෙනගක් එකතුවී සිටින බව facebook පැවසුවත් එය දැන් විවාදයට ලක්වී ඇත.ඒ ලොව පුරා ව්‍යාජ facebook ගිණුම් අටකෝටියකට වඩා තිබෙන බව හෙළිවීමත් සමගය.මෙම ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යන්නේ අරමුණු කීපයක් ඇතිවය.
1.තම වෙළෙඳ පරමාර්ථ සඳහා.සමාජ සේවයක් සඳහා.
2.ස්පෑම් හෝ ඊ මේල් එවන්නන්ගෙන් අනන්‍යතාව රැකගැනීමට..
3.තම ප්‍රධාන ගිණුමට අමතරව පවත්වා ගෙන යන ඒවා..
කෙසේවතත් මෙම ව්‍යාජ ගිණුම නිසා facebook ආයතනය බරපතල ගැටලුවකට මුහුණපා සිටි.facebook වලට ප්‍රධාන ආදයම් මාර්ගය වන්නේ වෙළෙඳ දැන්වීම්ය.එම වෙළෙඳ දැන්වීම් සඳහා ගාස්තුව තීරණය වන්නේ එම දැන්වීමට සෙනග දක්වන ප්‍රතිචාර මතය.එම ප්‍රතිචාර එකතුකර ගන්නේ likes ප්‍රමාණය ගනනය කෙරීමෙනි.එහෙත් ව්‍යාජ ගිණුම වලින් එන මෙම likes ව්‍යාජ ඒවාය.ඒ අනුව facebook හි වෙළෙඳ දැන්වීම් හිතන තරම් සාර්ථක නොවන බව පෙනීයන්නකි.
මෙය මැන බැලීමට පසුගිය අගෝස්තු මාසයේ limited press ආයතනය පරීක්ෂණයක් දියත් කරනලදී.එහිදී විශේෂ පරිගණක වැඩසටහනක් යොදා ගත්තේය.එමගින් පැහැදිලි වුයේ facebook වෙළෙඳ දැන්වීමකට එන likes ප්‍රමාණය 80% ක් ම ව්‍යාජ ඒවා බවය.සමහර ව්‍යාජ likes ලැබෙන්නේ පුද්ගල ගිණුම් වලින් නොව  විශේෂ පරිගණක වැඩසටහන් වලින් පවත්වාගෙන යන ගිණුම් වලින් බවද  එම ආයතනය තව දුරටත් හෙළි කළේය.මෙම තත්වය facebook ආයතනය ද පිළිගෙන තිබේ.එහෙත් එම ව්‍යාජ ගිණුම් වලට වැට බැඳීම facebook තවමත් ප්‍රමාද කරන්නේ මන්ද යන්න ගැටලුවකි.මෙහි දී ව්‍යාජ ගිණුම් මගින් තමා වටා අති විශාල සෙනගක් සිටින බව පෙන්වමින් ප්‍රේක්ෂකයා මුලා කොට ඔවූන් වෙළඳ දැන්වීම් හඳහා  යොමු කර ගැනීමට කටයුතු කරනවා ද යන්න සිතා බැලිය යුතු මාතෘකාවකි.මන්ද facebook ආයතනය පවත්වාගෙන යන්නේ වෙලෙඳ දැන්වීම් වලින් ලැබෙන ලාභය මගින් නිසාය.මෙහිදී පැහැදිලි කරුණක් ද තිබේ.එනම් facebook නිර්මාණකරු වන  Mark zuckerberg නමින්ම ගිණුම් අතිවිශාල ගණනක්‌ තිබීමයි.ඒවා පවා ඉවත් කිරීමට කටයුතු කර නැත.තත්වය කෙසේවෙතත් අන්තර් ජාල විශ්ලේෂකයන්ගේ අදහස වන්නේ facebook ආයතනය නිල වශයෙන් පෙන්වා ඇති ගිණුම වලට වඩා ව්‍යාජ ගිණුම් පවතින බවය. 

එහෙත් google සමාගම මීට හාත්පසින්ම වෙනස් ක්‍රමයක් අනුගමනය කරයි.ඔවුන්ගේ ද ප්‍රධාන ආදායම් මාර්ගය වෙළඳ දැන්වීම්ය.එම දැන්වීම් විවිද බ්ලොග් වල ට ඇතුලත් කල හැක.එම දැන්වීමද ලැබෙන්නේ බ්ලොගයේ අන්තර්ගත කරුණු අනුවය.එම දැන්වීම නරබන විට බ්ලොගයේ හිමිකරුට යම් කොමිස් මුදලක් ගෙවනු ලැබේ.එය ඔබ දන්නා පරිදි  google adsense ය.එහෙත් එකම පරිගණකයකින් ගිණුම් කීපයක් සැදීමට උත්සාහ කළහොත් එම පරිගණකයෙන් ලබාගතහැකි එකම ගිණුම ද අහෝසිවේ.නැවත එය ලබාගත නොහැකිවේ.මේ අකාරයට facebook වලටද එක පුද්ගලයෙකුට එක ගිණුමක ට වඩා පවත්වාගෙන යා නොහැකි ලෙසද පරිගණක වැඩසටහන් මගින් එය කල නොහැකි ලෙස ද සකස් කළහොත් facebook මගින් වන අපචාර අඩුවනවා පමණක් නොව facebook හි ආයුකාලය ද දීර්ඝ වනු ඇත.
ඔබට ජය..!

No comments:

Post a Comment