Tuesday, October 9, 2012

සිංහලෙන් ටයිප් කරන්න ලේසිම ක්‍රමය.

පේ කට්ටිය සිංහල ලිපි ලියාගන්න බැරිව ලත වෙනවා.හේතුව key board එක හුරුනැති කම.ඉතින් මම අද කියල දෙන්න හදන්නේ English key board එක හුරු නම් සිංහල ටයිප් කරන්න ඉතා පහසු ක්‍රමයක්.මෙයට ඕනෑම පරිගනකයක ඇති note pad එක යොදාගත හැකියි.අපට කරන්න තියෙන්නේ note pad එකේ සිංග්ලිෂ් වලින් type කරන එකයි.ඒ කියන්නේ උදාහරණ -mama ava dan.(මම අවා දැන්) මෙහිදී එක වචනයක් type කලාට පස්සේ space bar එක ඔබන්න.එම සිංග්ලිෂ් වචනය සිංහලට හැරේවි.අපූරු නේද වැඩේ..ඉතින් මේකට නිකම්ම note pad එකේ  type කරලා බැහැ..ඒ සඳහා google transliteration IME නමැති කුඩා සොෆ්ට්වෙයා එ‍ක අප පරිගණක යේ ස්තාපිත කරගත යුතුය.එහි සම්පුර්ණ අයිතිය google සතු වන අතර මෙතන click කර එය නොමිලේ බා ගත හැක.
හොඳයි බා ගත්ත කියමුකෝ ඒක දැන් ස්ථාපනය කරන්න.ඊට පස්සේ system tray එකේ EM කියල එකක් එනවා.ඒක එන්නේ නැත්නම් ඔයාගේ කොම්පියුටර් එකේ SIYABAS කියන සිංහල FONT නෑ.ඒක බාගන්න මෙතන CLICK කරන්න.තවත් තොරතුරු වීඩියෝ වකින් බලන්න ඕන නම් මෙතන CLICK කරන්න.

1 comment:

  1. මීට වඩා ලේසියිනේ පෙන්සිල් වලින් ටයිප් කරන එක .මං මේක ටයිප් කෙරුවෙත් පෙන්සිල් වලින්.කොපි පෙස්ට් මොනවත් නෑ .ඕනැම තැනක ටයිප් කරන්න පුලුවන්නේ .

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.