Friday, November 2, 2012

සිංහලෙන් ටයිප් කරන්න ලේසිම ක්‍රමය 2


සිංහලෙන් ටයිප් කරන්න හිහිං මල පැනලා ඉන්න කට්ටියට තවත් ලේසිම ලේසි ක්‍රමයක් අද මම කියල දෙනවා..මේකට internet සම්බන්දය තියෙන්න ඕනා..මෙය google සමාගමේ නවතම හදුන්වාදීමක් බව කිව යුතුයි.සිංහල විතරක් නොවේ වෙනත් භාෂාවක් වුවත් ඉංග්‍රීසි භාෂාව භාවිතා කර ලේසියෙන් ලියා ගත හැකියි.ඔබේ පරිගණකයේ සිංහල යුනිකෝඩ් ස්ථාපනය කර තිබීම මෙයට අවශ්‍ය වෙනවා.ඔබේ පරිගණකයේ සිංහල අකුරු පේන්නේ නැතිනම් මෙතනින් ගිහින් සිංහල යුනිකෝඩ් බා ගෙන ස්ථාපනය කරගන්න.ඊට පසු ඔබේ පරිගණකය නැවත පන ගන්වන්න.දැන් google වෙත යන්න...දැන් එහි google transliteration sinhala යන්න ටයිප් කරන්න.දැන් අලුත් වින්ඩෝවක් ලැබේවි.එහි මුලින්ම ඇති කොටුවෙන් ඔබ කැමති භාෂාව තෝරන්න.sinhalese ලෙස.දැන් පහල තියෙන සුදු පාට කොටුවෙහි ඔබ කැමති වචනයක් සිංග්‍රීසි වලින් ටයිප්‍ කරන්න.උදා .mama (මම )ලෙස.දැන් ස්පේස් බාර් එක ඔබන්න."මම "යන වචනය මතුවේවි. මේ විදිහට ලියන කොට,backspace කරන කොටත් අපට අවශ්‍ය වචන පෙළක් drop down menu එකක් ලෙසට මතුවේවි.එයිනුත් අපට අවැසි වචනය තෝරා ගත හැකියි.අපුරුයි  නේද? මෙම වචන ලැබෙන්නේ සිංහල සම්මත යුනිකෝඩ් වලින් බව කිවයුතුයි.එය save කර ඕනෑම තැනක     භාවිතා කලහැකියි.


ඔබට ජය.!

No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.