අද නොමිලේ වෙබ් අඩවි නිර්මාණයට මහත් උනන්දුවක් ඇතිවී තියෙනවා.අතින් සල්ලි වියදම් කරලා අවුරුද්දක් ගානේ බිලක් ගෙවන්න DOMAINS ගන්න පුළුවන්.නමුත් මම අද කියලාදෙන්නේ ඔයාලා දැනටමත් හදාගෙන වැඩකරන free blog එකේ නම කෙටි කරගන්න ආකාරයයි.
ඉතින් ගොඩක් අය blogger,worldpress,වගේ site තමයි නිතර භාවිතා කරන්නේ.මේ කුමන අඩවිය භාවිතා කර බ්ලොග් එක හැදුවත් තමන් යෙදූ බ්ලෝගයේ නමට පසුව .blogspot.com/.woldpress.com/කියල කෑල්ලක් එනවා.(උදා .www.myname.blogspot.com/)මේක මතක තියාගන්න ගියහම තමයි එපා වෙන්නේ.කොටින්ම කියනවනම් සුද්දෝ නම් ඔය blogspot.com කියන කෑල්ලට කැමතිම නැහැ.සුද්දෝ විතරක් නෙමේ කළු සුද්දොත් එහෙම තමයි.හැමෝටම ඕන අකුරු තුන හතරෙන් මතක තබාගන්න ඕන ඩොමේන් එකක්.
හරි..දැන් ඒ ප්‍රශ්නෙත් ඉවරයි..මෙහෙමයි කරන්නේ..මෙතනින් ගිහින් www.dot.tk බ්ලොග් එකට යන්න.අලුත් window එකක් විවුර්ත වෙයි.එකේ shorten url කියල tab එකක් ඇති, ඒක ක්ලික් කරන්න.එවිට ඔබ කෙටි කල යුතු URL එක ලිවීමට කොටුවක් එනු ඇති.එහි ඔබ දැනට භාවිතා කරන ඔබේ බ්ලොගයේ url එක සම්පුර්ණයෙන්ම ලියන්න.පස්සේ ඊට ඉදිරියෙන් තියෙන GO කියන එක ක්ලික් කරන්න.ඊට පසු පහලින් තියෙන කොටුවේ ඇති අකුරු මකා ඔබ කැමති බ්ලොගයේ නම දෙන්න.කැපිටල් වලින් එයි බය වෙන්න එපා.ඔබට මේ නම ඕනා මාස කියකටද කියල තෝරන්න පුළුවන්.එය මාස 12 ක් ලෙස දෙන්න.ඊට පසු පහලින් තියෙන varification code එක නිවැරදිව ලියන්න.පසුව sin up කියන බට්න් එක ක්ලික් කරන්න.ඔබේ නව URL එක පහලින් පෙනේවි..අපුරුයි නේද?
මෙහෙම කලාට ඔබේ පැරණි URL එකට කිසිම හානියක් වෙන්නේ නැහැ.දෙකෙන්ම බ්ලොග් එකට පිවිසිය හැකියි.
ඔබට ජය !
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.