වෙළෙඳ පොළට නිකුත් කරන සියලු ම ඖෂධ හා විටමින් වර්ගවල සිල්ලර මිල සඳහන් කිරීම 2013 ජනවාරි 01 දින සිට අනිවාර්ය බැව් සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා එම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවක දී පැවසී ය. මෙහි දී තවදුරටත් අදහස් දැක්‌වු අමාත්‍යවරයා "වසර 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ අංක 10 (1)(අ) වගන්තිය යටතේ පැවරී ඇති බලතල අනුව ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ ගැසට් නිවේදනයකිනුයි මේ නියෝගය නිකුත් කළේ. මෙම නියෝගය අනුව මින් ඉදිරියට අදාළ සමාගම් ඖෂධ වර්ග වෙළෙඳ පොළට නිකුත් කිරීමේ දී ඖෂධවල උපරිම සිල්ලර මිල සඳහන් කළ යුතුයි. ඔසු සල්වල ඖෂධ වර්ග හිතු හිතු මිල ගණන්වලට අලෙවි කරන බවට පැමිණිලි ලැබී තිබෙනවා. පළමු අදියර යටතේ මේ නියෝග ක්‍රියාත්මක කළත් දෙවැනි අදියර යටතේ ඖෂධ පාලන මිලක් නියම කිරීමට කටයුතු කරනවා. උපරිම සිල්ලර මිලට අමතරව, එහි කාණ්‌ඩ අංකය, නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වීමේ දිනය, ප්‍රබලතාව ද විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා" යෑයි පැවසී ය.
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.