Saturday, February 16, 2013

මොකක්ද මේ .com

           ඔබ අන්තර්ජාලය භාවිත කරන අයකුනම් .com යන වචනය සුපුරුදු ඇති.ඒත් එහි නියම අරුත ඔබ නොදන්නවා විය හැකියි.ඇත්තටම අන්තර්ජාලය තුල වෙබ් අඩවි ලියාපදිංචි කිරීම ඇරඹුණේ අදින් වසර 28කට පමණ පෙරය.1985 මාර්තු 15වනදා ලොව පලමු වෙබ් අඩවිය ලියාපදිංචි කෙරිණි.ඒ ඇමරිකාවේ 'සිම්බොලික්ස් පරිගණක සමාගම' වෙනුවෙනි.
ඔබ අන්තර්ජාලයට පිවිසෙන විට .com,.org,.in,.lk,.biz,.edu ආදියෙන් අවසාන වන සම්පුර්ණ අඩවි නාම දැක ඇතුවාට සැක නැත.මෙය ප්‍රධාන ඩොමේන් නාමයකි.ටොප් ලෙවල් නමක් ලෙසද හැදින්වේ.ලංකාවට නම් .lk ලෙසද එක් එක් ආයතන සඳහා .com,.org ආදී නම් තෝරා දෙන්නේ 'අයිකැන් සමාගම' විසිනි.
1997 පමණ වන විට ලොව පුරා වෙබ් අඩවි දශලක්ෂයක් පමණ තිබුණි.එය අද ඉතා වේගයෙන් වැඩි
වෙමින් පවතී.අද ලොව අන්තර්ජාලය භාවිතාකරන අය කෝටි දෙසිය ඉක්මවා සිටි.වෙබ් අඩවි කෝටි විසි පහකට වඩා ඇත.ඉන් අඩකටම වඩා ඇත්තේ .com ඩොමේන්ය.අද ලොව මෙතරම් දියුණු වීමට .කොම් පද කෙතරම් වැදගත් වුවද එහි උපත පිළිබඳව හරිහැටි විග්‍රහයක් දීමට කිසිවකු තවම සමත්වී නැත.එහෙත් අන්තර්ජාලය දියුණු කරන්නට එකල දර දිය ඇදී පුද්ගලයකු වන 'ජැක් හවර්ටි'කියාසිටින්නේ company වචනයෙන් මෙය සාදා ගත් බවයි.ඒ සඳහා commercial වචනය යොදා නොගත් බවද ඔහු කියා සිටටි  මන්ද එකල ඉන්ටනෙට් හරහා වෙළදාම කල හැකි බව නොදැන සිටි නිසාය.අද ලෝකයේ .com වෙබ් අඩවි වලින් පමණක් ලෝක ආර්ථිකයට වාර්ෂිකවඋපයා දෙන මුදල ඩොලර් ට්‍රිලියන ගණනකි.හෙටදිනයේදී මෙය තවත් වැඩිවනු ඇති බව (ITIF-Information Technology and Innovative Foundation)ආයතනය පවසයි.ඉතින් .com ගැන දන්නවානම්  කොමෙන්ට් කරන්න.

ඔබට ජය!

1 comment:

  1. ඇත්තෙන්ම මාද හරියටම .com ගැන දැන සිටියේ නැහැ. මම සිතුවේ මෙය commercial වචනයෙන් බිදී ආ එකක් කියා.

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.