Friday, February 1, 2013
නොමිලේ වෙබ් අඩවි නිර්මාණය කරමු 1
ශ්‍රී ලංකාව තුල දැන් දැන් තොරතුරු තාක්ෂනය දියුණු වෙමින් පැවතීම සතුටට කරුණක්.ලංකාවේ වසර තිහක අනවශ්‍ය යුද්ධය අවසාන වීමත් සමග සියලු ශේෂ්ත්‍ර දියුණුවෙමින් පවතිනවා.යුද්ධය තිබුණානම් අපට IT ගැන හිතන්න වෙලාවක් නැහැ.පුපුරන බොම්බයි මැරෙන මිනිස්සුයි දිහා බලබල හුලන්නයි වෙන්නේ.එහෙත් මහින්ද රාජපක්ෂය ජනපතිතුමාට පින්සිද්ධ වෙන්න අපිත් අපේ අනාගත දරුවනුත් ඒ පාපයෙන් ගොඩවුනා.දැන් අපට තියෙන්න අපේ දැනුම යතාර්තයට හරවා රට ගොඩනැගීමට සහාය වීමයි .
ඉතින් ඔය කතා ඇති..මම අද සිට ඔයාලට නොමිලේ බ්ලොග් අඩවි හදලා ජනප්‍රිය කරන හැටි කියලා දෙන්න පාඩම් මාලාවක් අරඹනවා.ඔයාල හැමදාම මග බ්ලොග් එකට ඇවිත් ඒවා ඉගෙන ගන්න කියලා මම ඉල්ලනවා.මම බ්ලොග්කරණය ඇතුළු ITඉගෙන ගත්තේ අවුරුදු ගණනාවක් පට්ට කට්ටක් කාලා.ඔයාල නොදන්නවා ඇති සමහර විට අනාගතයේ දී පුවත්පත් පොත්පත් නැතිවවේලා යාවි.සියල්ල පරිගණක වලිනුත් අතේ ගෙනයා හැකි සන්නිවේදන උපකරනත් හරහා ඒ සියල්ල සපුරාලනු ඇති.ඒ මම කියුවේ අනාගතයට පෙරවදනක්.ඒකෙන් ඔබට අනාගතය වෙනුවන් IT ඉගෙන ගැනීමේ අවශ්‍යතාව දැනෙනවා ඇති.
කලබල වෙන්න එපා IT හරි ලේසියි පහසුයි.ටික ටික ඉදිරියට යන්න ඔබට නිසැකවම දක්ෂය තොරතුරු තාක්ෂණ ශිල්පියෙකු විය හැකියි.
ඔබට නොසිතුනාට ඔබ සමාජය වැඩදායක බ්ලොග් අඩවියක් නිර්මාණය කළහොත් එය මහා ධන උල්පතක් විය හැකියි.ඔබේ අඩවිය ජනතාව අතර ප්‍රචලිත වුවහොත් ඔබේ බැංකු ගිණුම් මුදල්වලින් පිරී යාම කිසිවකුට වලකාලිය නොහැකියි.එයට හොඳම උදාහරණය FACEBOOK අඩවියේ හිමිකරු,ඔහුට තාම වයස අවුරුදු 27 ක් පමණි.සිය මිතුරු මිතුරියන් කීප දෙනෙකුගෙන් ඇරඹි FACEBOOK අඩවිය අද ලොව විශ්හලතම සෙනගක් භාවිතාකරන අඩවිය බවට පත්ව ඇත.
Blog අඩවියක් නිර්මාණය කිරීම හා නඩත්තු කිරීම පහසු කටයුත්තක්. ඒ සඳහා ඔබට web development, graphics design වාගේ දේවල් ගැන වැඩි දැනුමක් අවශ්‍ය වෙන්නෙත් නෑ. සාමාන්‍ය internet භාවිතය ගැන දැනුමක් තිබුනොත් හොදටම ඇති. ඉතින් ඉතින් ඔබටත් පුලුවන් තමන්ගේම කියලා blog අඩවියක් නොමිලයේ සාදාගෙන තමන්ගේ දැනුම, අදහස්, සංකල්පනා ලෝකයත් සමඟ බෙදාගන්න.
ඒ වගේම ඔබට ඔබගේ blog අඩවිය භාවිත කර අතිරේකව මුදල් හොයන විදියත් කියලා දෙන්නම්.
කිසි වියදමක් යනනනේ නැතුව blog එකක් සාදා අලංකාර කර internet තුල ප්‍රචලිත කරන විදිය මේ web site එක හරහා කියලා දෙන්න සූදානම්.
නොමිලයේ blog අඩවි සාදාගත හැකි සේවා සපයන ආයතන අන්තර්ජාලය තුල බොහෝ ප්‍රමාණයක් තියෙනවා. blogger.com, wordpress.com, typepad, weeby.com, webnode.com මේ වඩා ජනප්‍රිය සේවා සපයන ආයතන කිහිපයක්.
මෙම වෙබ් අඩවියෙන් කියලා දෙන්න යන්නේ blogger සේවා සපයන ආයතනය සමඟ blog එකක් සාදන ක්‍රමයි.
Blog අඩවියක් සෑදිමට පෙර එය මනා ලෙස සැලසුම් කිරීම (Plan) ඉතා වැදගත්.
1. Blogging Subject - බ්ලොග් මාතෘකාව
Blog අඩවියකට ගැලපෙන මාතෘකාවක් තෝරා ගැනීම ඉතා වැදගත්. එය මත ඔබගේ පාඨකයන් සංඛ්‍යාව, blog අඩවියේ ආයු කාලය, Search Engine Optimization (පසුව කියලා දෙන්නම්) සඳහා වැදගත්. එම නිසා ඔබට පහසුවෙන් කරුනු එක්කර ගත හැකි(අන්තර්ගතය), දීර්ග කාලීනව පවත්වාගෙන යාහැකි, අනෙකුත් web/blog අඩවි වලින් හැකි තරම් ආවේනික, තරඟකාරී මාතෘකාවක් තෝරා ගැනීම සුදුසුයි. ඒ වාගේම පාඨකයන් අතරට ඔබගේ blog අඩවිය ජනප්‍රිය වීමටද වැදගත්වේ.
2. Blogging Medium - බ්ලොග් මධ්‍ය
ඔබට English, සිංහල හෝ වෙනත් භාෂාවක් භාවිත කර blog අඩවිය කරගෙන යාමට පුලුවන්. English හැර වෙනත් භාෂාවක් භාවිත කරනවා නම් unicode අකුරු භාවිත කර blog අඩවිය සකසන්න පුලුවන්.
සිංහලෙන් blog ලියමු.
3. Blogging Purpose - බ්ලොග් අරමුණ
blog අඩවිය භාවිත කර ඔබගේ දැනුම, අදහස්, සංකල්පනා හුවමාරු කරගන්න පුලුවන්. ඒ වගේම අතිරේකව යම් මුදලක් ඉපයීමේ බලාපොරොත්තුවන්ද blog අඩවියක් නිර්මාණය කරන්න පුලුවන්. තවද ඔබගේ භාණ්ඩයක් හෝ සේවාවක් ප්‍රසිද්ධ කිරීමට, විකිණීම ඒ ඔස්සේ කර ගැනීමට පුලුවන්.
4. Blogging Monetize - බ්ලොග් මුදල් ඉපයීම
ඔබගේ blog අඩවිය භාවිත කර මුදල් ඉපයීමට බලාපොරොත්තු වෙනවා නම් ඉතා ක්‍රමානුකූලව ඒ සදහා සූදානම් විය යුතුයි. උපයන මුදල් ප්‍රමාණය ඔබගේ පාඨකයන් ප්‍රමාණය මත රදාපවතින නිසා හැකිතාක් පාඨකයින් ගනන වැඩිකර ගැනීමට උනන්දු විය යුතුයි. මේ සම්භන්ධව ඉදිරියේදී ලිපි බලාපොරොත්තු වෙන්න.
5. Blogging Content/Posts - බ්ලොග් අන්තර්ගතය
ඔබගේ අන්තර්ගතයේ තිබෙන Text, Images, Video පිලිඹඳව සැලසුම් කරන්න. එය වඩාත් ආකර්ෂණීය blog අඩවියක් සදහා වැදගත්.
ඉදිරිපත් කරන පිටුවක/post එකක කරුණු ප්‍රමාණය ගැනද සැලකිලිමත් විය යුතුයි. එයට එකතු කරන පිටුවක වචන ප්‍රමාණය 300 සිට 750 අතර පවත්වාගෙන යාම වැදගත්. පිටුව වඩාත් දීර්ඝ වූ විට පාඨකයන්ට කියවීමට හිත යොමු නොවේ. එසේ වුවහොත් වෙනත් පිටුවකට/post එකකට එය ගෙන යාම වඩාත් සුදුසුයි.
blog අඩවියකට එකතුකරන තොරතුරු නිවරදි, ක්රමාණුකූල හා සංවිධානාත්මක විය යුතුයි. එසේ නොමති උවහොත් ඔබගේ කරුණු කෙතරම් වැදගත් වුවත් එය පාඨක සංඛ්‍යාව අඩුවීමට බලපාවී.
වඩාත් තරඟකාරී, කාලෝචිත කරුණු/post එක් කිරීම පඨකයන් ප්‍රමණය වැඩිකර ගැනීමට වැදගත්.
blog අඩවියට posts එකතු කරන කාල සීමාවද වැදගත්වේ. හැකිතාක් කරුණු එක්කිරීමෙන් පාඨක සංඛ්‍යාව මෙන්ම Search Engine Optimization සඳහාද වැදගත්වේ.
ඉහත දැක්වූ කරුණු සම්භන්ධව දීර්ඝ වශයෙන් ඉදිරියේදී ලිපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබටත් එම ලිපි e-mail හරහා ලබා ගැනීමට පුලුවන්. ඒ සඳහා මෙම blog අඩවියේ "ලිපි EMAIL මගින් ලබා ගන්න " ලෙස දක්වා ඇති කොටසේ ඔබගේ e-mail ලිපිනය සදහන් කර Subscribe බටනය මත click කරන්න.
ඔබට ජය!
10 comments:
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.
Subscribe to:
Post Comments (Atom)
මෙම ලිපියේ තවත් තොරතුරු මට අවශ්‍යව ඇත. ඒ සදහා ඹබගේ සහයෝග අවශ්‍යව ඇත.තොරතුරු මට එවන්න tecmrb1@gmail.com
ReplyDeleteනියමයි.තවත් විස්තර දාන්න.
ReplyDeleteමගෙ සයිට් එක http://widenations.blogspot.com/ අඩුපාඩු ඇත්නම් කියන්න.
ReplyDeleteMatath ewannako... thank tou.. k1649.udayanga@gmail.com
ReplyDeletematah evanna cseevali@gmail.com
ReplyDeletematath visrara e mail karanna cseevali@gmail.com
ReplyDeleteනියමයි...මටත් ඵ් ලිපි මේල් ක්රන්නකෝ
ReplyDeleteමට වෙබ්සයිට් එකක් හදන විදිහ කියන්න.ඔබට ස්තුතියි..
ReplyDeleteSmb.kandalama@gmail.com
මට වෙබ්සයිට් එකක් හදන විදිහ කියන්න..
ReplyDeleteඔබට ස්තුතියි.
Smb.kandalama@gmail.com
Mata wisthara ewanna..
ReplyDeleteSmb.kandalama@gmail.com