Saturday, February 16, 2013

පෘතුවිය නුලෙන් බේරෙයි..


                     අප මිහිමඩලට වීමට තිබු තවත් විනාශයක් දෛවයේ සරදමකට මෙන් ගැලවී ගිය බව ලොව නං දෙසින් ලැබෙන පුවත් වලින් සනාථ වේ.ක්‍රමයෙන් අප වෙත සමිප වෙමින් තිබු 2012 ඩී ඒ 14 නමැති ඇස්ටරොයිඩය අප පෘතුවිය පසුකර ගිය බව නාසා ආයතනය පවසයි.මෙහිදී වැදගත්ම කරුණ වන්නේ මෑත ඉතිහාසයේ මෙතරම් යෝධ ග්‍රාහකයක් පෘතුවිය සමිපයට පැමිණ පෘතුවියට කඩානොවැටී ඉවතට ගිය පළමු අවස්තාව වීමය.පෘතුවියට මෙවැනි යෝධ ග්‍රාහක සමිප වන්නේ කලාතුරකිනි.

2012 ඩී ඒ 14 නමින් නාසා ආයතනය නම්කර ඇති යෝධ ග්‍රාහකයකිලෝමීටර27000ක්‌ ආසන්නයෙන් ගමන් කල බව කියවෙනවා..

අඩි 150 ක විශ්කම්භයකින් සහ මෙට්රික් ටොන් දෙලක්ෂයක බරකින් යුතු  මෙම ග්‍රහ වස්තුව යම්හෙයකින් මහපොළවට කඩා වැටුණොත් එමගින් ඇතිවියහැකි පීඩනය ජපානයේ හිරෝෂීමා නුවරට ඇමෙරිකානුවන් දැමූ පරමාණු බෝම්බය මෙන් දහස් ගුණයකින් විනාශකාරී බව විද්‍යාඥයෝ පවසනවා.

නාසා ආයතනය පවසන්නේ මෙයට දින 366ක අවර්ත කාලයක් ඇති බවයි.

මීටර 45ක පමණ විශ්කම්භයකින් එනම් පාපන්දු පිටියකින් හරි අඩක් පමණ ප්‍රමාණයකින් යුතු  2012 DA14 ලෙස නම් කර ඇති මෙම ග්‍රාහකය, පෘථිවියට කෙතරම් ආසන්න වනුයේ දැයි කියතොත් සාමාන්‍ය දුරේක්ෂයකින් එය නිරීක්ෂණය කළ හැකි බව පැවසෙනවා.

මෙය වඩාත්ම පෘතුවියට සමීප වූ ග්‍රාහකයා බවත් 1990 සිට සාමාන්‍ය ආකාශ ගවේෂණ (Sky Surveys) ආරම්භ කළදා පටන් මෙතරම් විශාල වස්තුවක් පෘථිවියට මෙතරම් සමීපව පැමිණෙනු කිසිදාක දැක නොමැති බව නාසා ආයතනය පවසනවා.

ඉතා වේගයෙන් ගමන් කරන බැවින් පෘථිවියට ආසන්නවත්ම මෙම ග්‍රාහකය සෑම මිනිත්තුවකදීම අංශකයක් එනම් පූර්ණ චන්ද්‍රයාගේ පළල මෙන් දෙගුණයක් පමණ චලනය වන ආකාරයට පෙනෙනු ඇති බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.කෙසේ වෙතත් මෙම ග්‍රහකයේ කක්ෂය පිළිබඳව නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටින බව නාසා ආයතනය පවසනවා.නාසා ආයතනය වැඩිදුරටත් පවසන්නේ මෙවැනි ග්‍රාහකයක් කල්තියා හදුනා ගත හැකිනම් ඒවා පෘතුවියට කඩාවැටීමට කලින් අබ්යවකාශයේදී පරමාණු බෝම්බ යොදා විනාශ කල හැකි බවයි.නැතිනම් එහි කක්ෂය වෙනස් කර එය පෘතුවියෙන් ඉවතට යාමට සැලැස්විය හැකි බවයි.එහෙත් එවැනි තාක්ෂණයක් තවමත් දියිනුවී  නැති අතර මෙවැනි පර්යේෂණ කඩිනම් කලයුතු බව අකාෂ වස්තු නිරීක්ෂකයන් පවසනවා.

2 comments:

  1. 99.9% යි. ග්‍රහකය ආවානම් හෙද දින නෑ....

    ReplyDelete
  2. අපේ ලෝකේ මිනිස්සු එතරම් අවාසනාවන්ත නැහැ.

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.