Monday, February 11, 2013

ලංකාවට හා පුරා කියා පැමිණෙන NFC තාක්ෂණය.

Near Field Communication

          සුවිශාල කාමරයක් තරම්ව තිබු පරිගණකය අද අත්ල මතට ගෙන ඒමට තරම් දියුණු වී ඇත.පරිගණක ඉතිහාසය දෙස බැලීමේදී එය හරහා මුදල් හුවමාරුව සඳහා විශාල අවශ්‍යතාවක් තිබු බව පෙනේ.එහෙත් මිනිසා වඩවඩාත් කාර්ය බහුල වීමත් සමග ඔහුට සිය මුදල් හුව මාරු කටයුතු සඳහා පරිගණකය ප්‍රමාණවත් නොවන බව වැටහිණි.ජංගම දුරකථනය මෙයට කදිම තෝතැන්නක් බව ඔහුට වැටහුණි.මෙම සංකල්පය යථාර්තයක් බවට පත්වෙමින් විප්ලවීය වෙනසක් සමගින් එන NFC (Near Field Communication) තාක්ෂණ ක්‍රමය අද අප අතට එන අලුත්ම මුදල් හුව මාරු ක්‍රමයයි.මෙහිදී ඔබට බැංකු ගානේ රස්තියාදු වීමට අවශ්‍ය නොවේ.සියලු ගනුදෙනු සිදුවන්නේ ඔබේ ජංගම දුරකථනය හරහාය.

මෙහිදී ඔබේ බැංකු ගිණුමේ හෝ ක්‍රෙඩිට් කාඩ් පත ජංගම දුරකථනය හා සම්බන්ද කර වීමක් සිදුවේ.මුදල් ගෙවීමට ඔබ කල යුත්තේ ඔබේ ජංගම දුරකථනය වෙළෙඳසලේ කවුන්ටරයක ඇති NFC Reader උපකරණය අසලට ගෙන ඒම පමණි.මෙහිදී ඔබට මෙම පහසුකම ඇති ස්මාර්ට් ෆෝන් එකකින් පහසුවෙන්ම කලහැකිය.මෙම පහසුකම අනාගතයේදී ලංකාව පුරා සාප්පුවල දැකිය හැකි වනු ඇත. ඇත්තෙන්ම මෙහිදී වන්නේ ජංගම දුරකතනයට සම්බන්ද බැංකු ගිනුමක්‌ හෝ ක්‍රෙඩිට් කාඩ් එකකින් නැත්නම් ජංගම දුරකතනයේ ඇති මුදල් වලින් අදාළ ගාස්තුව ගෙවීමය.
මෙවැනි මොබයිල් ගනුදෙනුවලට පාරකපමින් ඩයලොග් සමාගම හඳුන්වා දුන් eZ cash මුදල් හුවමාරුවත් සම්පත් බැංකුව හඳුන්වාදුන් sampath mobile cash සේවාවත් අප රටට නවමු අත්දැකීමක් එක්කර ඇත.මොබයිල් වාණිජ කරණය අප ආක්‍රමණය කරත්ම ලෝකයේ සෙසු රටවල් යන දියුණුවේ ගමනට අප රටද එක්වනු නොවනුමානය.

මතු සම්බන්දයි!
ඔබට ජය!

No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.