Friday, February 22, 2013

පෙන් ඩ්‍රයිව් එකක ඇති වයිරස් හදුනා ගන්නා අයුරු..

               ඔබ පෙන් ඩ්‍රයිව් භාවිතා කරන විට වයිරස් පරිගණකයට ඇතුළුවීම බලවත් හිසරදයක් වී ඇතිවාට සැක නැත.එහෙත් ප්‍රති වයිරස් මෘදුකාංගයක් ස්ථාපනය කර ඇති නම් ඔබ බිය විය යුතු නැත.එහෙත් එය මසකට වරක්වත් අන්තර්ජාලයට සම්බන්ධකර යාවත්කාලීන කලයුතුය.
දැන් අපි වයිරස් ආරක්ෂාව යොදා ඇති පරිගණකයකින් පෙන් ඩ්‍රයිව් එකක වයිරස් ඇතිදැයි සොයා බලා එය ඉවත් කරගන්නා අයුරු සලකා බලමු.පළමුව ඔබේ පෙන් ඩ්‍රයිව් එක පරිගණකයට සම්බන්ධ කරන්න.දැන් එය My computer තුල දිස්වේවි.පෙන් ඩ්‍රයිව් එකට අදාළ ෆෝල්ඩරය හෝ ඩිස්ක් එක මත රයිට් ක්ලික් කරන්න.එවිට' Scan with...Anti virus'යනුවෙන් විධානයක් ලැබෙනු ඇත.එය ලබාදීමෙන් වයිරස් වලින් ඔබ ආරක්ෂා වියයුත්තේ කෙසේද යන්න විමසනු ඇති.එය පහත පරිදි විය හැක.
1.වයිරසය ඉවත්කිරීම.(Clean/Ddisinfect)
2.වයිරසය අඩංගු ගොනුව මකා දැමීම.Delete the infected file)
3.වයිරසය පැතිරීම වැළැක්වීම.(Quarantine)
මෙලෙස සමහර වයිරස් මෘදුකාංග වලින් විමසුවද බොහොමයක් ඇන්ටිවයිරස් මෘදුකාංග ඉහත පියවර ස්වයංක්‍රීයව ඉටුකරනු ලබයි.එහිදී වයිරස් මැකීම හෝ විවුර්ත නොවන පරිදි පරිගණකය තුල සඟවා

තබයි.ඔබට ජය

No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.