Friday, February 15, 2013

අන්තර්ජාලයට සම්බන්ද මුලික හරය..


        අන්තර්ජාලයට සම්බන්ද වී සිටින පාසැල් සිසුන්ටත් නවක බ්ලොග්කරණයේ යෙදෙන සියලු දෙනාටත් වැදගත් වන ලිපියක් ලියන්න කල්පනා කළා.ඇත්තෙන්ම අප අන්තර්ජාලය භාවිතා කරන විට එහි මුලිකව සිදුවන සිද්ධාන්තය දැන සිටිය යුතුයි.විශ්ෂයෙන් it වලට සම්බන්ද පාසැල් සිසුන් මුලික IT දැනුම  විභාග වලදී හොදින්පෙන්විය යුතුයි.අප ලොකු ගමනක් පටන් ගන්නේ කුඩා පියවරකින් එහෙත් එය තම ජිවිතයේ යෝධ පිම්මකට යන පියවරක් විය හැක.එනිසා හැකි සෑම විටම මුලික හරයේ සිට ක්‍රමයෙන් ඉදිරියට යන්න.. ඔබට නිසැකවම ජය ලැබෙනු ඇත. 
  •  URL(Uniform Resource Locator)

ඔබ දන්නවා ලෝකයේ ඕනෑම නිවසකට ලිපිනයක් තියෙනවා.. නිවැරදි ලිපිනයක් නැතිනම් අපට එම නිවස සොයා ගැනීම ඉතා අපහසුයි.අන්න ඒ වගේ තමයි මේකත් ලෝකයේ ඕනෑම බ්ලොග් අඩවියකට ආවේනික ලිපිනයක් තියෙනවා..මේක තමයි URL කියන්නේ.උදා-http://www.hetadina.blogspot.com/)

  • HTTP-(Hyper Text Tranfer Protacol)
මෙය  අන්තර්ජාලය තුල සන්නිවේදනය කරන පොදු සම්මුතිය ලෙස අර්ථ දැක්විය හැක.ලොව ඕනෑම වෙබ් ලිපිනයක මෙම http කොටස අන්තර්ගත වෙනවා.

  • HTHL-(Hyper Text Markup Language)
වෙබ් අඩවියක ඇති අකුරු පින්තුර ආදී සියලු තොරතුරු එම වෙබ් පිටුවට ලියා ඇති භාෂාව මෙලෙස හැදින්වේ.තවත් මෙවැනි ඒවාට ආවේනික ලක්ෂණ ඇති පරිගණක භාෂා ගණනාවක් ම ඇත.

  • හයිපර්ලින්ක් -(Hyperlinks)
වෙබ් පිටුවක හෝ වෙනත් පිටුවක සිට තවත් වෙබ් අඩවියක ට ගමන් කිරීම සඳහා යොදා ඇති කෙටි මගක්‌ ලෙස මෙය හැදින්විය හැක.මෙය යොදනු ලබන්නේ එසේ අප යොමු විය යුතු අඩවියේ හෝ පිටුවේ URL එක කලින් සඳහන් කල පිටුවට සම්බන්ද කිරීමය.ඒ සඳහා වචන පෙළක් හෝ පින්තුරයක් වුවද භාවිතා කල හැකිය.එම පින්තුර මගින් දැක්වෙන කරුණ අප ගමන් කල යුතු පිටුවේ කරුණු හා බැඳීමක් තිබිය යුතුය.

  • සර්ච් එන්ජින්
මෙයද වෙබ් අඩවියකි.මහි වෙබ් text ඇතුලත් කල හැකි දිගු කොටුවක් ඇත.එතුල අදාළ වෙබ් ලිපිනය හෝ වචන ලිවිය හැක.නැතිනම් වෙබ් බ්‍රවුසරයේ ,ලිපිනය සඳහන් කරන කොටසේ වෙබ් ලිපිනය යොදා enter කිරීමෙන් කෙලිම වෙබ් අඩවියට යාහැක.
සර්ච් එන්ජිමේ කොටුවේ ඇතුලත් කරන්නේ නම් ඔබට අවශ්‍ය කාරනාව සහිත වචනයක් එම කොටුවේ ඇතුලත් කර සර්ච් යන්න ක්ලික් කලවිට.අදාළ කරුණු සහිත වෙබ් අඩවියට යොමුවෙයි.වැදගත්ම කරුනක් වන්නේ ඔබ සොයන මාත්තෘකාවට අදාළ වචන ඇතුලත් කිරීමේදී දී පොදු වචන ඇතුලත් නොකිරීමය.(උදා and,the,to,a)

  • වෙබ් බ්‍රවුසරය
මෙය කුඩා මෘදුකාංගයකි.අන්තර්ජාලය හරහා නොමිලේම ලබාගත හැකිය.Internet Explorer ,Mozilla Firefox ගුගල් ක්රෝම් ජනප්‍රියම බ්‍රවුසර්ය.මේවයින් එකක් පරිගණකය ස්ථාපිත කරගැනීම අවශ්‍යය.මේවායේ නවතම සංස්කරණ බ්‍රවුසර් හිමි සමාගම් විසින් නොමිලේ ලබාදෙනු ලැබේ. 

මතු සම්බන්දයි!
ඔබට ජය!

No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.