Monday, February 18, 2013

මොනවාද මේ එරර් මැසේජ්ස්..

                   ඔබ යම් වෙබ් අඩවියකට පිවිසෙන්න හදන විට හතර ඉලක්කමෙන් පටන් ගන්නා හෝ පහ ඉලක්කමෙන් පටන්ගන්නා අංන්කයක් සහිත පණිඋඩයක් දිස් වනවා දැක ඇත.මේවා ලැබෙන්නේ එක්කෝ ඔබ එම අඩවියට ඇතුලත් වීමේදී කල වරදක් හෝ සර්වර්  වල පවතින අඩුලුහුඞු තාවයක් නිසා විය හැක.ඒ අතුරින් හතර ඉලක්කමෙන් පටන් ගන්නා එරර් මැසේජස් ලැබෙන්නේ ඔබ බ්‍රවුසරය වැරදි ලෙස භාවිතා කරන විටය.පහ ඉලක්කමෙන් ඇරඹෙන එරර් මැසේජ් වලින් කියවෙන්නේ වෙබ් අඩවි ගබඩා කර ඇති සර්වර් වල හෝ අන්තර්ජාල සම්බන්දතාවල වරදක්‌ ඇති බවය.
400 Bad requst-
මෙමගින් කියවෙන්නේ ඔබ විසින් ඉල්ලු වෙබ් ලිපිනය වැරදි බවයි.නැවත ටයිප් කර නිරවද්‍යතාව සහතික කර ගත යුතුය.

401 Unautherized-
ඔබට මෙම අඩවියට ඇතුළු වීමට අවසර නැත.ඔබ මෙම අඩවියේ ලියා පදිංචි විය යුතුය.ඔබේ පරිශීලක නාමය හා මුර පදය ඇතුලත් කිරීමෙන් ඔබට මෙම අඩවියට ඇතුලත් විය හැක.
403 Forbidden-
මෙහිදී ද ඇතුළු වීමට අවසර ලබා ගතයුතු බව දන්වයි.එනම් ලියාපදින්චි විය යුතුය.
404 Page not found-
වෙබ් පිටුව සම්බන්ද කිරීමට යම් තාක්ෂණික අපහසුතාවයක් ඇත.කලින් සිටි පිටුවට නැවත පැමිණ යලිත් පිටුව ඉල්ලුම් කිරීමත් වෙබ් පිටුව රිෆ්‍රෙශ් කිරීමත් මෙයට විසඳුම වේ.වෙබ් අඩවියේ නම වෙනස් කර තිබීම ,එය අන්තර්ජාලයෙන් ඉවත්කර තිබීම,අඩවියේ පිටු මකා දමා තිබීමෙන් ද මෙම පණිවිඩය දිස්වේ.
404 Request time out-
ඔබ පමාවී ලිපිනය ක්ලික් කර ඇත.නැවත ටයිප් කර ඉක්මනින් අදාල ලිපිනය ක්ලික් කරන්න.
500 Server error-
අන්තර්ජාල සේවා සපයන ආයතන වල ඇති වැරදි නිසා සිදුවේ.ටික වෙලාවක් අන්තර්ජාලයෙන් ඉවත්ව සිට නැවත ස්ම්බන්දවීම මෙයට විසඳුමකි.
502 Server overload-
වෙබ් අඩවි තැන්පත් කර ඇති සර්වර් වල ඇති කාර්යය බහුලතාවය නිසා ඇතිවේ.මදවේලාවක් සිට නැවත සම්බන්ද වන්න.
503 Service unavailable-
අන්තර්ජාල පහසුකම් සපයන්නා ඔබව විසන්දිකලවිට මෙම දෝෂය ලැබේ.ඉන්ටනෙට් සේවා සපයන්න අමතා මෙය නිවැරදි කර ගත හැක.



 send error report
සැමට පුරුදු send error report පණිවිඩය.
ඔබ සමහර විට ඔබේ පරිගණකය අන්තර්ජාලයට සම්බන්ද කල සැනින් මෙම ඩයලොග් බොක්ස් එක ලැබෙනු දැක ඇති.මින් කියවෙන්නේ ඔබේ පරිගණක මෙහෙයුම් පද්ධතියේ යම් bug එකක් එනම් දෝෂයක් ඇති බවත් එය මයික්‍රොසොෆ්ට් ආයතනයට දන්නවා යවන්නද යන්නයි.මෙහිදී ඔබට do'nt sent & Send Error Report යන විකල්ප දෙකින් එකක් තෝරා දිය හැක.send error report ක්ලික් කල හොත් ඔබගේ පරිගණකයේ මෙයෙයුම් පද්ධතියේ දෝෂය එම ආයතනයට දන්වා යැවේ.මෙම පනොවිදය ලැබීමට නම් ඔබ ඔර්ජිනල් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත කර තිබිය යුතුය.මින් ඔබට කෙලින්ම වාසියක් අත් නොවුනද මතු සංස්කරණ වලදී එම දෝෂය මග හැර එය සකස් කිරීමට මයික්‍රොසොෆ්ට් ආයතනය පියවර ගනු ඇත.

ඔබට ජය!

1 comment:

  1. නියමයි සහෝ හොද පැහැදිලි කිරීමක්.

    Graphic Designing වලට ඕනේ දේවල් මං බාගන්නේ http://gfxmediafire.blogspot.com

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.