Tuesday, February 19, 2013

ඔබත් දුරකථනයත් රැක දෙන IMEI අංකය..


                       වර්තමානයේ දුරකතන භාවිතය සීග්‍රයෙන් වැඩි වී ඇත.ඒ සමගම දුරකථන සම්බන්ද වංචා අපරාධ ආදියද වැඩිවෙමින් ඇත.වැඩිපුර දුරකථන වෙළඳ පළට පැමිණිමත් සමග ඒවායේ ගුණාත්මය පිළිබඳව ගැටළු තත්වයක් ද පැන නැගී ඇත.ඉතා අඩු මිලට දුරකථන ලබා ගත හැකි වුවද ඒවායේ ප්‍රමිතිය පිළිබඳව අප හොඳින් අවධානය කල යුතුය.මන්ද ඇතැම් නියමිත ප්‍රමිතියෙන් තොර දුරකථන වලින් අහිතකර විකිරණ ආදිය නිකුත් වියහැකි බැවිනි.
ඔබ දැනටමත් ජංගම දුරකතනයක් භාවිතා කරන්නේනම් එය අන්තර්ජාතික ප්‍රමිතතියට යටත්ද යන්න පහසුවෙන් සොයා ගත හැක.මේසඳහා ඔබ කලයුත්තේ *#06# යන යතුරු එබීමය.එවිට මතුවන අංක පහළොවක් හෝ දාහතක් ඇති අංකය ඔබේ දුරකතනයේ හැඳුනුම්පත් අංකය හා සමාන ඉමි අංකයයි.මෙය ඔබට වැදගත් අංකයකි.එක දුරකතනයකට මෙම අංක ඇත්තේ එකකි.වෙනත් ලොව පුරා කිසිම දුරකතනයකට ඒ හා සමාන අංකයක් නැත.උක්ත පරිදි ඔබ ලබා ගත අංකය
   අරාක්ෂිත තැනක ලියා තබන්න.දැන් ඔබ දුරකතනයේ බැටරිය ගලවා ඊට යටින් ඇති කොටසේ මුද්‍රණය කර ඇති අංකය හා කලින් ඔබ ලියා ගත් අංකය සංසන්දනය කරන්න .එම අංක දෙක සමාන නම් ඔබේ දුරකථනය ප්‍රමිතීන්ට අනුකුල එකකි.අංකය අසමාන නම් එය ව්‍යාජ එකකි.එවැනි දුරකතනයක් භාවිතා කිරීමෙන් ඔබට සිදුවන කිසිඳු ගැටලුවකදී කිසිවකුගේ පිළිසරණක් නැත.
එය ව්‍යාජ එකක් ද යන්න සෙවීමට වෙබ් අඩවියක් ඇත.ඔබ පළමුව මෙතනින් ඇතුළු වී කලින් ලියා ගත් ඉමි අංකය එම අඩවියට ලබා දෙන්න.එවිට ලැබෙන මූලික තොරතුරු වලින් එය හොඳ එකක්ද යන්න දැන ගත හැකිය.
යම්  හෙයකින් ඔබේ දුරකථන කිසිවකු සොරාගෙන එහි ඇති දත්ත ආදීය ලබාගෙන ඔබේ බැංකු ගිණුම් වලින් පවා මුදල් ලබා ගන්නට බැරි නැත.එනිසා වහා දුරකථනය නැති වූ සැනින් එහි ඉමි අංකය අදාල දුරකථන සමාගමට දැන්වීම වැදගත්ය.එවිට ඔවුන් එම දුරකථනය භාවිත කල නොහැකි පරිදි බ්ලොක් කරනු ඇත.ඔබ නැතිවූ දුරකතනය පිළිබඳව පොලිසියක් හරහා පැමිණිලිකර ඇතිනම් ඔබට ඇතැම් විට දුරකතනය හා එහි සොරා ද හසුකර ගත හැකිවනු ඇත.දුරකතනය සොරා ගත් පුද්ගලයා එහි සිම් පත ඉවත් කර ඔහුගේ සිම් පතක් එම ජංගම දුරකතනයට දැමු සැනින් එම සිම් පතේ ඊට ආවේනික සිම් අංකය එම දුරකථන සමාගමේ සර්වර් වල සටහන්වේ.එම සිම් අංකය ඔස්සේ ඔබේ ඉමි අංකය දරණ දුරකථනය භාවිතාකරන්නේ කවුරුන්ද යන්න පහසුවෙන් සොයා ගත හැක.එපමනක් නොව ඔහු දුරකතනය දිගටම භාවිතාකරයි නම් ඔහු ස්ථාන ගතවී ඇති තැන් පවා දුරකථන කුළුණු වල ඇති පරිගණක වල සටහන් වේ.එම දුරකතනය නැතිවූ අවස්තාවක චායා රුපයක් ගතහැකි මෘදුකාංගයක් ස්ථාපිත කර තිබුනේ නම් එහි කැමරාව හරහා එය සොරාගෙන භාවිතා කරන්නාගේ චායාරුපයක් වුවද ගෙන්වා ගතහැකිය.මෙවැනි තාක්ෂණික ක්‍රම අද පරිගණක සොර ගැනීම් වැලැක්වීමට ද බහුලව යොදා ගැනේ.
ඔබ භාවිතා කරන දුරකතනයේ ඉමි අංකය ලියා තැබීමේ තවත් වැදගත් කමක් වන්නේ නීතිමය ගැටළු අවස්ථාවකට ඔබට මුහුණ නොදී  සිටීමටය.යම් හෙයකින් ඔබේ නැතිවූ සිම්පත යොදා වෙනත් දුරකතනයකින් අපරාධ යකට සම්බන්ද සිදුවීමකදී ඔබේ දුරකතනයේ ඉමි අංකය ඔබව නිදහස් කරනු ඇත.පසුගිය කාලයේ ඉන්දියාවේ සිදුවූ මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේදී ඉමි අංක රහිත දුරකථන භාවිතා කර ඇති බව කියවේ.එනිසා පරීක්ෂණ කටයුතද ගැටළු කාරී වී ඇත.ඒ අනුව ඉමි අංක රහිත දුරකථන භාවිතය ඉන්දියාව තහනම් කරන ලදී.
ඔබට ජය!

2 comments:

  1. තාක්ශනය පිලිබදව දෑනුවත් කිරීම පිලිබදව ස්තුතියි

    එම දුරකතනය නැතිවූ අවස්තාවක චායා රුපයක් ගතහැකි මෘදුකාංගයක් ස්ථාපිත කර තිබුනේ නම් එහි කැමරාව හරහා එය සොරාගෙන භාවිතා කරන්නාගේ චායාරුපයක් වුවද ගෙන්වා ගතහැකිය.මෙවැනි තාක්ෂණික ක්‍රම අද පරිගණක සොර ගැනීම් වැලැක්වීමට ද බහුලව යොදා ගැනේ.


    මෙවෙනි තාක්ශනයක් තිබුනද හොරා ඊට වඩා තාක්ශනය බාවිතාකරන බෑවින් හොරා පලමුව කරන්නේ සිම් එක ගලවාදමා දුරකතනයේ එක මරුකිරීමය් එවිට මෙමෙ තාක්ශනය බාවිතා කල නොහෙක,

    ReplyDelete
  2. ඉමි අංකය තිබ්බත් ලංකාවේ නම් ඕවා වැඩක් වෙන එකක් නැහැ.ලංකාව තාම දියුණු මදි ඉමි අංකයෙන් ෆෝන් හොරු අල්ලන්න.

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.