Sunday, February 24, 2013

ප්‍රවේසම් වන්න..අන්තර්ජාල රෝගය සීග්‍රයෙන් පැතිරේ..


        අද නුතන ලෝකයේ අන්තර්ජාලය අපට නැතිවම බැරි සම්පතකි.අප අලුත් තොරතුරු සෙවීමට අද්‍යාපන කටයුතුවල ට,ක්‍රීඩා හා චිත්‍රපට නැරඹීමටත් යාළුවන් හඳුනා ගැනීමටත් යන එන ඕනෑම තැනකදී අප භාවිතා කරන්නේ අන්තර්ජාලයයි.එය කෙතරම් ද යන්න පෙනේනේ facebook සමාජ ජාලයට ලංකාවේ පමණක් දිනපතා ඇදෙන සෙනග මිලියන ගණනක් වීමය.ඇත්තෙන්ම මිනිසා අන්තර්ජාලයට ඇබ්බැහි වන්නේද යන්න දැන් බරපතල ගැටලුවක්ව ඇත.'ඇබ්බැහිවිම'යම් කාර්යයක් කෙතරම් අත්‍යවශ්‍යය කටයුතු තිබුනද ඒවා අතපසුකර අන්තර්ජාලයේ එල්ලී  සිටීමත් එයින් බලෙන් ඉවත්කර දැමුවහොත් ඊට අකමැත්ත පෙනුම් කිරීමෙනුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත්ය.

ඇත්තවශයෙන්ම ලෝක ජනයා අන්තර්ජාලයට ඇබ්බැහිවීමේ අවදානමක් පවතින බව ලෝක විද්වත්හු පෙන්වා දෙති.මෙය ඉන්ටනෙට් ඇබ්බැහිය (internet addiction)ලෙස විද්‍යාත්මකව තවම පිළිගෙන නැත.එහෙත් රෝග තත්ව විග්‍රහ කෙරෙන හා වෛද්‍යවුර්තිකයන්  පොදුවේ රෝග විමර්ශනය සඳහා භාවිතා කරන Diagnostic and Statistical Menual of Mental Disorders මීළඟ සංස්කරණයෙන් ඉන්ටර්නෙට් ඇබ්බැහිය මානසික රෝගයක් ලෙස වර්ග කරන බවට දැන් ප්‍රචලිත වී තිබේ.
මෙය විග්‍රහ කරනුයේ ඇමරිකාවේ ඔරිගොන් විශ්ව විද්‍යාලයේ මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයකු  වන ජෙරල්ඩ් බි ලොක්ය.ඔහු ලියු ලිපියක ඉන්ටර්නෙට් රෝග ලක්ෂණ ගණනාවක් දක්වා ඇත.

1.අසීමිත ආශාව-කෑම බිම පවානොගෙන,තම දිනපතා කටයුතු අතහැර අන්තර්ජාලයට පිවිස සිටීම.
2.නොලැබීමේ පීඩාව-අන්තර්ජාලයට සම්බන්ද වීමට නොහැකි වුවහොත් හෝ ඉන් ඉවත් කලහොත් දැඩිලෙස කනස්සලු වීම.
3.තාක්ෂනය පිළිබඳව අධික තන්හාව.-අන්තර්ජාල වේගය කෙතරම් වැඩි වුවත් එය තමන්ට ප්‍රමාණවත් නොවන බව කීම.තම පරිගණකයේ  වැඩසටහන් අන්තර්ජාලය සඳහා ප්‍රමාණවත් නොවන බව සිතමින් අලුත් අලුත් වැඩ සටහන් සොයා යාම.
4.නරක පසුවිපාක -අන්තර්ජාලය භාවිතා කිරීමෙන් පසුව සාමන්‍ය ජීවිතය කලහකාරිවවීම,නිදිමත ගතිය,හුදකලාවීම,නිතර තෙහෙට්ටුවෙන් සිටීම,අන්තර්ජාලෙන් ඉවත්වීමෙන් පසුව වුවද තමන් නැවත ඊට සම්බන්ද වුවිට කරන කියනා දෑ පිළිබඳව මෙනෙහි කිරීම.

මෙවැනි රෝග ලක්ෂණ තිබෙන මිනිසුන් බුරුතු පිටින් ලොව සෑම තැනක සිටින බව දැන් හෙළිවී තිබේ.
මොහොතක් සිතන්න ඔබටත් ඉහත රෝග ලක්ෂණ තිබෙනවාද?මින් අපට පිළිඹිඹු වන්නේ 'ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනා නෑ'යන කතාවේ සත්යාර්තයයි.

ඔබට ජය..!

2 comments:

  1. මලා ශුවර් මට මේ ලෙඩේ තියනව මේ ලක්ශන ඔක්කොම මට තියෙනව

    ReplyDelete
  2. ඔය කියල තියෙන ලක්ෂන ටික ඔක්කොම මට ඒ විදිහටම එකක්වත් නෑර තියෙනව.

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.