ඔබ QR කෝඩ් ගැන අසා ඇති..ඇත්තෙන්ම මෙය කුඩා පින්තුරයකි.වෙනසකට ඇත්තේ මෙහි තොරතුරු විශාල ප්‍රමාණයක් ගබඩා කල හැකි නිසාය.QR(quick read)දත්ත හුවමාරු ක්‍රමයක් ලෙස කරලියට ආවේ මෑතකදීය කේත සටහනක් ලෙස ලියවී ඇති රැපයේ අන්තර්ජාලය හා සබැඳිය හැකි ලින්ක්,වෙබ් ලිපින,දුරකථන අංක,ඊ ලිපින ,ආදී විශාල තොරතුරු රාශියක් රැඳවිය හැක.මෙය බිත්තියක හෝ දැන්වීමක පුවත්පතක ,සඟරාවක,වෙබ් පිටුවක වුවද ප්‍රදර්ශනය කල හැකිය.මෙම QR කෝඩ් එක ස්මාර්ට් ෆෝන් එකකින් චායා රුප ගතකර එම දුරකතනයේ ඇති විශේෂ APP එකක් අධාරයෙන් කියවිය හැකිය.ඇත්තටම මෙම QR කෝඩ් කියවීමට නම් ස්මාර්ට් ෆෝන් එකක් හෝ ටැබ්ලට් පරිගණකයක් අවශ්‍යවේ.ඔබ කල යුත්තේ මෙම QR කෝඩ් කියවීමට අවශ්‍ය මෘදුකාංගයක් මුලින්ම ඔබේ ටැබ්ලට් පරිගණකයේ හෝ ස්මාර්ට් ෆෝන් එකේ ස්ථාපිත කර ගැනීමය.ඒ සඳහා පහත අඩවි භාවිතා කරන්න.
Android සඳහා
1.https://play.google.com (RedLaser)
2.http://www.goo.gl/vBxml (QR Droid)
Blackberry සඳහා
3.http://appworld.blackberry.com (QR Code Scanner Pro)
එය ස්ථාපනය කර විවුර්ත කල විට එය ඔබේ දුරකතනයේ කැමරාව හරහා තිරයට විවුර්ත වේ.දැන් ඔබට තිබෙන්නේ කියවිය යුතු QR කෝඩ් එකට කැමරාව මදක් වෙලා නොසෙල්වී අල්ලාගෙන සිටීමයි.මද වෙලාවකින් ඔබේ දුරකතනයේ QR කෝඩ් හි තිබු දත්ත දිස්වනු ඇත.මෙම බොහෝ මෘදුකාන්ගයන්ගෙන් බාර් කෝඩ් ද කියවිය හැක.QR Droid මෘදුකාංගය මගින් ඔබේ දත්ත ඇතුලත් කර නව QR කෝඩ් එකක් වුවද සැදිය හැක.
දැන් අපි බලමු අපට අවශ්‍ය විදිහට නව QR කෝඩ් එකක් සදා ගන්නා අයුරු එසඳහා නොමිලේම අවස්තාව දෙන වෙබ් අඩවියක් ඇත.
මෙම අඩවියට පිවිසෙන ඔබට ලබාගත හැකි විපුල සේවාව වන්නේ පහසුවෙන් ඔබ සදහා ඔබේ වෙබ් අඩවිය සදහා නැතිනම් ව්‍යාපාරය කටයුතු සදහා QR කෝඩ් එකක් නොමිලේ නිර්මානය කරගත හැක.එයින් ගත හැකි ප්‍රයෝජනය වන්නේ එම රූසටහන පැහැදිලිව ඔනෑම මතුපිටක සටහන් කර ඇති විටකදී දුරකථන කැමරාවකින් පවා එය ලබාගෙන අන්තර්ජාලය හරහා එහි සැගව ඇති තොරතුරු ලබාගන්නට හැකිවීමයි.මෙම අඩවිය තුලදී ඔබට එම QR Code එක නිර්මානය කරගන්නටත් පසුව එය මතට පසුබිම් වර්නයක් යොදාගන්නටත් එය වඩාත් ඇසට ප්‍රිය අර්ථවත් කර ගැනීම සදහා මතු පිටට කුඩා චායරුපයක් යොදා ගන්නටත් පුළුවන.
එම අඩවියට පිවිසීමට මෙතනින් යන්න.
ඔබට ජය !
Monday, February 18, 2013
2 comments:
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.
Subscribe to:
Post Comments (Atom)
නියමයිනේ
ReplyDeleteමරු මාරු
ReplyDelete