Thursday, February 21, 2013

කැමරාවට හෙටදිනක්..

          ලොව සන්නිවේදන තාක්ෂනය ඉතා සීග්‍රයෙන් දියුණු වෙමින් ඇත.ඇත්තටම පසුගිය කාලයේ කැමරාවතට තිබු ඉල්ලුම අඩු වූයේ දුරකථන වලින් චායාරූප ගැනීමේ කලාව දියුණු වීමත් සමගය.එහෙත් ලොව ප්‍රකට සමාගමක් වන samsung සමාගම පසුගියදා නව කැමරාවක් හඳුන්වා දුන්නේය.එහි අන්තර්ජාල පහසුකමද ඇත.ඉන් චායාරූපයක්‌‌ හෝ වීඩියෝවක් ලබා ගන්නා චායාරූප ශිල්පියාට එය වෙනත් අයකුට යැවීමට එවෙලේම කල හැකිය.එමෙන්ම මෙහි දුරකථන කැමරාවල නැති පහසුකමක්ද ඇත.එනම් optical zoom විශේෂාංගය ඇත. මෙහිදී කාචය ඉදිරියට හා පිටුපසට චලනය වන අතර දුරකථන කැමරාවල මෙය නැත.
samsung Galaxy Camera GC 100 ලෙස මෙය පසුගියදා සුබ
මොහොතින් දොරට වැඩිණි.මෙගා පික්ස්කල් 16.3ක් බලසම්පන්න කැමරාවේ චායාරුපයක් ගැනීමේදී ගැස්සීමේදී වන බොඳවීම නැවැත්විය හැකි තාක්ෂනයක්ද (Optical imege stabilization) අන්තර්ගතව ඇත.චායා රූප කිහිපයක් යොදාගෙන තැනිය හැකි එකතැනක සිට බලන විට තමා වටා අංශක 360 දර්ශනය පෙනෙන පරිදි සැකසිය හැකි 'පැනරෝමා තාක්ෂණය'ද මෙම කැමරාව සතුය.වර්තමානයේදී එම පැනරෝමා දර්ශන සකස් කරනුයේ විශේෂ මෘදුකාංගයක් යොදා පරිගණකයක් මගිනි.මෙම කැමරාවේ,මෙහෙයුම් පද්ධතිය ලෙස Android භාවිතාවේ.පහත දැක්වෙන්නේ එහි සුපිරි තාක්ෂණයයි.
1.720x1280 Resolution අගය.
2.අඟල් 4.8 touchscreen තිරය.
3.1.4 GHz Cortex A9 Quad Core ප්‍රොසෙසරය .
4.64GB දක්වා භාවිතා කළහැකි memory Slot එක.
5.HSDPA සිම් පත සවිකළ හැකි ස්ලොට් එක.
6.Micro USB Data Port එක.
7.facebook,youtube,skype & Viber
කමරාවද අන්තර්ජාලකරණය වීම සැබවින්ම කැමරාවේ හෙටදිනය වඩවඩාත් සුබ දායක වන බව කිව යුතුය.

*කැමරාවෙන් වැඩ දාන හැටි වීඩියෝව මෙතනින් බලන්න.
*කැමරාවේ තව විස්තර මෙතනින්..

ඔබට ජය.!

No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.