Monday, February 25, 2013

මොකක්ද මේ බින්නෝන්මාදය..

     බින්නෝන්මාදය එහෙමත් නැතිනම් (schizophrenia)හැදින්වෙන්නේ ලොව පුරා වැඩිපුරම සෙනගක් පිඩා විඳින මානසික රෝගයකි.මානසික රෝග අතුරින් මෙය පිළිකාවක් බඳුය.
මෙම රෝගය හටගැනීමත් සමග පුදගලයෙකුගේ හැසිරීමෙහි හා සිතිවිලි වලත් හැඟීම් වලත් වෙනස්කම් ඇතිවේ.වයස අවුරුදු 15-35 අතර දී බහුලව ඇතිවන අතර ඕනෑම වයසකදීද ඇතිවිය හැක.පුද්ගලයින් සිය දෙනෙකු ගත්විට ඉන් එක අයෙකුට මෙම රෝග සිය ජිවිත කාලය තුලදී ඇතිවිය හැක.ගැහැණු පිරිමි බේදයක් නොමැතිව ඇතිවන අතර රෝගය හට ගැනීමත් සමග පහත ලක්ෂණ ඇතිවේ.
1.හුදකලාව ජීවත්වීම.
2.ශාරීරික පවිත්‍රතාව නොසලකා හරිම.
3.නින්ද නොයාම,අදික ලෙස කේන්තියාම,කලහකාරිවිම,
4.රෝගියා විසින් තරයේ එල්බගෙන සිටින වැරදි මත(Delusions)පැවතීම. උදා:තමන් 'මෛත්‍රී බුදුන්' යැයි පැවසීම.

5.දැඩි සැකය හා බිය.
6.වෙනත් පුද්ගලයෙකු විසින් හෝ යම් උපකරණ මගින් තමා පාලනය කරන බව කීම.
7.තමන්ට නොපෙනෙන කෙනෙකුගේ කටහඬ ඇසෙන බව කීම.මෙය රෝග්‍යා විසින් ඇත්තක් ලෙස දකින අතර බහුල රෝග ලක්ෂණයකි.
8.අසාමාන්‍ය රූප පෙනීම.බිත්තිවල රූප ඇඳ ඇතිලෙස පෙනීම.යම් පුද්ගලයෙකු වෙනත් සත්වයකු ලෙස පෙනීම.උදා-මෑත කාලයේ මෙවැනි රෝගියෙකු නිදාසිටින තම පියා දැක ඇත්තේ නයෙකු ලෙසය.වහා ක්‍රියාත්මක හෙතෙම උදැල්ලෙන් කොටා තම පියා මරා දැමිය.පසුව කල විමසීම් වලින් හෙලිවූයේ ඔහු මෙම රෝගයෙන් පෙලෙන බවය.

රෝගය ඇතිවන්නේ කෙසේද?
1.ජානමය බලපෑම.
2.මවට ගැබිණි සමයේ ඇතිවන වෛරස් රෝග නිසා
3.උපතේදී මොලයට හානි වීම.
4.ගංජා වැනි මත්ද්‍රව්‍ය භාවිතය.
මෙම රෝග සුව කල හැකිද?
1.රෝගය ඇතිවූ මුල් කාලයේදීම වහවහා ප්‍රතිකාර දීමෙන රෝගය නිට්ටාවට සුව කලහැක.
2.රෝගය ඇතිවී මාස ගණනක් හෝ වසර ගණනක් නම් ඖෂධ මගින් රෝගය පාලන කර ගත හැක. දිගටම ප්‍රතිකාර අවශ්‍ය.
3.ඖෂධ සඳහා ඇබ්බැහිවීමක් නොවන අතර කල යත්ම අතුරු අබාධ ද නැතිවී  යයි.
4.දිගුකලක් තිස්සේ මෙම රෝගයට පාත්‍ර රෝගීන්ට පුනරුප්තාපන ක්‍රියාකාරකම් අවශ්‍යවේ.උදා-තම දෛනික කටයුතු ඔහුට නැවත කුඩා දරුවකුට පරිද්දෙන් පියවරෙන් පිය වර කියා දිය යුතුය.(ඇඳුම් සේදීම,අහාර ගැනීම,නිවස අතුගෑම,ඇඳුමක් නැවීම වැනි දෑ ..)
මෙම රෝගීන් විශයෙන් පහත කරුණු කීහි සැලකිල්ල තබා ගතයුතුය.
1.මත්ද්‍රව්‍ය හා දුම්පානයෙන් වැලකීම.
2.ඖෂධ නිය මිත පරිදි භාවිතා කිරීම.
3.නියමුත කාලය තුලදී වෛද්‍ය උපදෙස් පැතීම.
4.ඉහල කායික සෞඛ්‍යය මට්ටමක තබා ගැනීම.
ඉහත දැක්වූ රෝග ලක්ෂණ ඇති අයෙකු හමුවුවහොත් ඔහු වහාම ප්‍රතිකාර සඳහා යොමුකළ යුතුය.නැතිනම් රෝග තත්වය උස්සන්න විය හැක.

තවත් තොරතුරු සඳහා පිවිසෙන්න ජාතික මානසික සෞඛ්‍යය විද්‍යායතනයේ වෙබ් අඩවියට..

ඔබට ජය!

2 comments:

  1. හොඳ ලිපියක් ස්තුතියි දැනුවත් කිරීමට

    ReplyDelete
  2. හැකිනම්, මෙවැනි රෝගී තත්වයන් පිළිබඳවත් ලිපි ලියන්න. මා දන්නා තරමට ශ්‍රී ලංකාවේ 80% ක් පමණ සිටිනුයේ මානසික ලෙඩුන්. නමුත්, සමාජයේ ජීවත් වීමට බැරි ප්‍රමාණයෙන් සිටිනුයේ ඉතාම සුළු පිරිසක්.

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.