ඔබ ජංගම දුරකතනයක් භාවිතා කර එය යළි තව අයෙකුට විකිණිමට යන්නේ නම් එහි අන්තර්ගත සියලු දත්ත ස්ථිරවම මකා දැමුවා දැයි සැලකිලිමත් වන්න.ඔබ එය දුරකථනය මගින් ෆෝමැට් කර දැමුවත් එහි ඔබගේ දත්ත සුරැකිව තිබේ.ඔබ වෙනත් දත්ත ගොනුවක් දුරකතනයට හෝ එම මෙමරි කාඩ් එකට ඇතුලත් කරන තෙක් එම දත්ත එහි රැඳී තිබේ.ඔබේ රහසිගත දත්ත එහි තිබෙන නිසා වෙනත් අයෙකුට රිකවරි සොෆ්ට්වෙයා එකක් යොදා නැවත එම දත්ත ලබා ගත හැකියි.එම නිසා ඔබ සියලු දත්ත සදහටම මැකීමට නම් දුරකතනයේ මෙමරිය වීඩියෝ ලෙස පළමුව දුරකතනයට ලබාදී බිත්තියක් වැනි තැනකට එහි කැමරාව යොමුකර වීඩියෝ වීමට තබන්න.දුරකථනය සම්පුර්ණයෙන්ම පිරුණු විට එම වීඩියෝ එක මකා දමන්න.එවිට දුරකතනයේ කලින් තිබු සියලු දත්ත මැකියයි.රිකවරි වැඩසටහනකින් ලබාගත්තද ලැබෙන්නේ වැඩකට නැති බිත්ති වීඩියෝවයි.මෙමරිය මෙමරි කාඩ් ලෙසද ලබා දී පෙර පරිදි අනවශ්‍ය ස්ථානයක් වීඩියෝ කර එයද මකා දැමීමෙන් මෙමරි කාඩ් එකද ඔබේ පවුද්ගලික තොරතුරුවලින් නිදහස් කළ හැක.ඔබ පරිගනකයක අධාරයෙන් මෙම ෆෝමැට් කිරීම සිදුකරයිනම් දුරකථනය USB මගින් පරිගණකයට සවිකර 'මෘදුකාංග මකන පරිගණක වැඩසටහනක්' මගින් එහි ඇති දත්ත සහමුලින්ම මකා දැමිය හැක.එම SOFTWARE ERASER මෘදුකාංගය බාගැනීමට මෙතන ක්ලික් කරන්න.
ඔබට ජය.!
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.