Thursday, February 14, 2013

මොකක්ද මේ Wi Fi තාක්‍ෂණය..


           අද අපරට තුල නිරන්තරයෙන්ම අසන්නට ලැබෙන තාක්ෂණික සන්නිවේදන ක්‍රමයක් වන්නේ වයි ෆයි තාක්ෂණ යයි.ඇත්තෙන්ම අන්තර්ජාලය ට වයර්ලස් ක්‍රමයට පරිගණක රාශියක් සම්බන්ද කිරීමේ පහසුම විදිහ වන්නේ මෙයයි.(wireles fidelity) මෙය ජාතියන්තර ප්‍රමිතීන්ට අනුකුලව ක්‍රියා කරන්නකි.
wi fi තාක්ෂනයෙදී අන්තර්ජාලය හා කේබල් මගින් සම්බන්ද රවුටරයක් භාවිතාවේ.එම රවවූටරය මගින් අන්තර්ජාලය තුලින් එන දත්ත ගුවන් විදුලි තරංග බවට හරවා විකාශනය කෙරේ.ඒවා අඩි 150ක් පමණ දුරකට විසිරී යයි.එම විකාශිත තරංග අපට wi fi ආදායකයක් (wi fi adapter)මගින් ප්‍රතිග්‍රහණය කලවිට අපට අන්තර්ජාලයට පිවිසිය හැකිය.මෙලෙස wi fi තරංග ලබා ගැනීමට wi fi ඇඩැප්ටරයක් හෝ USB ඇඩැප්ටරයක්‌ පරිගණකයට සවිකර තිබිය යුතුය.

පරිගණකය අන්තර්ජාලයට පිවිසි විට ඒ මගින් උපදින දත්ත ඇඩැප්ටරය මගින් ගුවන්විදුලි තරංග ලෙස විකාශය වේ.එය නැවත ග්‍රහණය කර ගන්නේ WI FI රවුටරය මගිනි.එම දත්ත නැවත රවුටරය මගින් අන්තර්ජාලයට මුදාහැරේ.
රවුටරය අපට නිවසේ මෙන්ම එළිමහනේද තැබිය හැක.රවුටරයකින් විකාශය වන විද්‍යුත් චුම්භක තරංග අප භාවිතා කරන අනිකුත් තරංග වලට වඩා සංඛයාතය  ඉහලය .එනිසා වැඩි දත්ත ප්‍රමාණයක් ගෙනයා හැකිය.මෙහිදී සංඛයාතය 2.4GHz වන රවුටරයකින් තත්පරයට මෙගාබිට්ස් 11 වේගයෙන් දත්ත සම්ප්‍රේක්ෂණය කල හැකිය.5GHz වන රවුටරයකට එම වේගය 54mpbs ය.වැදගත්ම කරුණ වන්නේ මේ ලෙස විකාශය කරන තරංග සඳහා අපි‍ට කාගෙන්වත් අවසර ලබා ගත යුතු නැතිවීමයි.ප්‍රබල ට්‍රාන්මිටරයක් භාවිතා කරන විට අප විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් අවසර ලබා ගතයුතුය.
එළිමහනක කුළුණක් තනා ඒ මත wi fi රවුටරය තබා අවශ්‍ය නම් එකවර විශාල පිරිසකට අන්තර්ජාලයට පිවිසිය හැකි පරිදි ජාලයක් තැනිය හැකිය.මය අඩි  150ක කවාකාර වුර්තයකට සීමා වනුඇත.(Hotspots-හොට්ස්පොට්ස්)එහෙත් එම වුර්තය අවසන් වන සීමාව තුල තවත් රවුටරයක් තැබිය හැකිනම් එතනින් එහාට තවත් අඩි 150 ක් අන්තර්ජාල සම්බන්දය රැගෙන යා හැකිය.මෙලස රවුටර ගණනාවක් cell එකක් ලෙස පිහිට වුවහොත් අපට විශාල ප්‍රදේශයකට අන්තර්ජාල පහසුකම් නොමිලේ දිය හැකි බව ඔබට වැටහෙනු ඇත.දියුණු රටවල මෙම ක්‍රමය දැනටමත් භාවිතා කරනු ලබයි.
wi fi net work

wi fi තාක්ෂණයේ වාසි
1.එක රවුටරයක් මගින් පරිගණක කීපයකට අන්තර්ජාල පහසුකම් ලබා දිය හැක.
2.කේබල් නැතිනිසා පරිහරණය පහසුය.
3.නව පරිගණක වල wi fi ඇඩැප්ටර් සවිකර  ඇති නිසා වියදම අඩුය.
4.මනා දක්ෂය තාවයෙන් ක්‍රියා කිරීමෙන් විශාල ප්‍රදේශයකට ඉන්ටනෙට් නොමිලේ ලබාදිය හැක.

wi fi තාක්ෂණයේ අවාසි.
1.රවුටරය භාවිතා කල හැක්කේ සීමිත දුරකටය.
2.පිටස්තරයකුට රවුටරයේ තරංග ජාලය ට රහසිගතව පැමිණ දත්ත සොරකම් කලහැකිය.
3.wi fi රවුටරය භාවිතා කරන විට ලැප්ටොප් පරිගණකවල බැටරිය ඉක්මනින් බැසයයි.

wi fi ජාලයක් පිහිහිටු වීම ගැන බලන්න මෙතනින් යන්න.

ඔබ wi fi තාක්ෂනය ගැන තවත් තොරතුරු දන්නේ නම් මාවෙත Email කරන්න.මම ඒවා බ්ලොගයේ පලකරන්නම්.කොමෙන්ටුවක් දාලම යන්න..

sisiramet@jmail.com

ඔබට ජය !

7 comments:

  1. වයි ෆයි ගැන අපැහැදිලි තැන්ද දැන ගැනීමට ලිපිය රුකුලක් වූවා.

    ReplyDelete
  2. වයි ෆයි ගැන අපැහැදිලි තැන්ද දැන ගැනීමට හැකි වූවා.
    නමුත්,
    පොඩි අඩුවක් තිබෙනවා. කොමන්ට් කරන්න අපහසුයි. ඔබ word verification , On කරලා ඇති බැවින්. එය Settings › Posts and comments › Show word verification ගොස් කොමන්ට් සෙටින් වලින් No කරන්න.

    එය බලන අයට කොමන්ට් කරන්න අපහසු කරවන්නක්.

    ReplyDelete
  3. මෙම ජාලය පිහිටුවන පුද්ගලයාට උපකරන වලට හැර අන්තර්ජාල භාවිතයට මුදල් අයවීමක් සිදුවෙනවාද?

    ReplyDelete
  4. Harindu Dasanjanaකනගාටුයි ඔබේ comment එකට ප්‍රතිචාර නැති එකට. මටත් ඕක දැනගන්න ඕනම දෙයක්

    ReplyDelete
    Replies
    1. ISP (internet service provider) [Ex:Sri Lanka Telecom, Dialog Axiata]
      වෙත ගෙවීමක් කිරීමට සිදු වෙනවා. මොකද ඔවුන් ලබා දෙන අන්තර්ජාල පහසුකමමයි අප WiFi තාක්ෂණය මගින් භාවිතා කරන්නේ. සරලවම කීවොත් WiFi Signal එකක් කරලා අපි ගන්නේ අපිට තියන internet connection එකේ data ම තමයි :-)

      Delete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.