Wednesday, March 13, 2013

සිංහල බ්ලොග් අවුරුදු කුමරිය 2013..

     ශ්‍රී ලංකාවේ පළමුවරට සංවිධානය කරන සිංහල බ්ලොග් අවුරුදු කුමරිය තේරීමේ තරගයක් දැන් හෙටදින බ්ලොග් මගින් සංවිධානය කරමින් පවතී.ශ්‍රී ලංකාව තුළ සිංහල බ්ලොග්කරණය දැන් සැලකිය යුතු මට්ටමක් දක්වා දියුණු වී ඇත.අපේ ආධයුනික සිංහල බ්ලොග් කරුවන් දිරිගැන්වීම සඳහාත් සිංහල බ්ලොග් අඩවි ජනතාව අතර ප්‍රචලිත් කිරීම සඳහාත් මෙම තරගය සංවිධානය කිරීමට සිතූ බව හෙටදින අඩවිය මින් ඔබට සතුටින් දැනුම දෙමි.
ශ්‍රී ලංකාවේ සිංහල බ්ලොග් අතර මනා සබැඳියාවක් ලබා ගැනීමත් ගුණාත්මක හා සදාචාරාත්මක මෙන්ම මනා විනයක් සැකසීමේ මහඟු කර්තව්‍යක්
පෙරදැරිකරගෙන මෙම නව තරගය සංවිධානය කල බව කිව යුතුය.
දීප ව්‍යාප්ත අන්දමින් සිදුකෙරන මම තරඟයට ලංකාවේ මෙන්ම පිටරට සිටින අපේ සිහල බ්ලොග් කරුවන්නට ද සහභාගී විය හැක.මේ සඳහා හෙටදින බ්ලොග් අඩවියේ දැන්ම ලියාපදිංචි වන ලෙස මින් ආරාධනා කෙරේ.
සිංහල බ්ලොග් අවුරුදු කුමරිය තරග කොන්දේසි.

1.ඇතුලත්කර ගනු ලබන්නේ සිංහල බ්ලොග් පමණි.
2.වෙනත් කෙනෙකුගේ චරිතයට හානි ගෙන දෙන අසභ්‍ය පින්තුර හා වීඩියෝ අඩංගු හා ව්‍යාජ වෙබ් අඩවි මේ සඳහා සුදුසුකම් නොලබයි.
3.අඩවිය මනා රූ සපුවකින් හා ගුණාත්මක බවකින් යුක්ත විය යුතුය.
4.අඩවියේ අරමුණ මුදල් ඉපයීම පමණක් නොවිය යුතුය.
5.වෙනත් බ්ලොග් අඩවි සඳහා සහයෝගය දක්වන අඩවි විය යුතුය.
6.වෙනත් අයෙකුගේ අඩවි ඉදිරිපත් නොකළ යුතුය.(සැබෑ අයිතිකරු සොයා බලනු ලැබේ)
7.එක් අයෙකුට ඕනෑම ප්‍රමාණයක් අඩවි ඉදිරිපත් කල හැකිය.(එක් ජයග්‍රාහී අවස්තාවක් සඳහා පමණක් යටත්වේ)
8.අඩවිය සඳහා ට්‍රැෆික් ගණකයක් තිබීම වැදගත්වේ.(අනිවාර්ය නොවේ)
9.ජයග්‍රාහකයන් තෝරනු ලැබූ පසු කිසිඳු පැමිණිල්ලක් බාරගනු නොලැබේ.
10.හෙටදින බ්ලොග් විසින් විනිශ්චය කරනු ලබන අතර විනිසුරුගේ තීරණය අවසාන තීරණය වේ.
11.අයදුම් පත geek.lk මගින් 2013.03.13 සිට 2013.04.20 රාත්‍රී 9.00 දක්වා යොමුකළ හැකිය.

සිංහල බ්ලොග්අවුරුදු කුමරිය 2013 සඳහා ත්‍යාග.
1.පළමු ත්‍යාගය -අදාළ වෙබ් අඩවියේ බැනරයක් වර්ෂයක් පුරාවට හෙටදින අඩවියේ ඉහලින්ම සෑම පිටුවකම ප්‍රදර්ශනය කරනු ලැබේ.හෙටදින සින්ඩියට ද ඇතුලත් කරනු ලැබේ.
2.දෙවන ත්‍යාගය-seo ගැන ලියවුන ඊ බුක් එකක්.adsense ගැන ලියවුනඊ බුක් එකක්,මාස 6ක් හඳහා seo සිදුකරනු ලැබේ.හෙටදින අඩවියෙන් බැක් ලින්ක් එකක් ලබාදේ.
3.‌තෙවන ත්‍යාගය-LED බල්බ නිෂ්පාදනය පිලිබඳ සම්පුර්ණ සිංහල විග්‍රහයක් ඇති පොතක්.හෙටදින අඩවියෙන් බැක් ලින්ක් එකක්ලබාදේ.
4 වන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා අඩවි වලට හෙටදින අඩවියෙන් බැක් ලින්ක් එකක් පිරිනැමේ.

ඉහත ත්‍යාග අමතරව ජයග්‍රාහකයන් සඳහා වෙනත් ත්‍යාග පිරිනැමීමට ඔබ පරිත්‍යාගශීලි වන්නේනම් sisiramet@gmail.com වෙත ඊමේල් එකක් එවන මෙන් කාරුණිකව දන්වමි.

 සිංහල බ්ලොග් කුමරිය 2013 සඳහා අයදුම් පත

1.ඔබේ නම-
2.දුරකථන අංකය-
3.ඔබේ වලංගු ඊමේල් ලිපිනය-
4.බ්ලොගයේ නම (URL)-
5.rss feed ලිපිනය-
6.ඔබේ බ්ලොගය ගැන කෙටි විස්තරයක්-

ඉහත තොරතුරු හැකි ඉක්මනින් geek.lk හි විවුර්ත කර ඇති සාකච්චා මණ්ඩපය හරහා එවන්න.මෙම තරගය සඳහා ඇතුලත් කරනු ලබන බ්ලොග් සියලු දෙනාට පෙනෙන බැවින් විනිවිද භාවය ද ආරක්ෂාවේ.


ඔබට ජය!

No comments:

Post a Comment