
හැකිනම් ඔබට තෘප්තිමත් විය හැකි අමතර ආදායම් මාර්ගයක් විවර කර ගත හැකිය.ඇරත් මෙම විෂය ඉගෙනීම කවදාවත් අපතේ යන්නේ ද නොවේ.තම එදිනෙදා ජිවිතයේ කටයුතු වලට ඉලෙක්ට්‍රොණික දැනුම අද කාලේ නැතුවම බැරිය.ඔබ අන්තර්ජාලයෙන් මුදල් උපයන්නාක් මෙන් මෙම විෂය පරිෂය ප්‍රගුණ කිරීමෙන් ඔබට අසීමිතව අදායමක් ලද හැකිය.
බොහෝ දෙනා ඉලෙක්ට්‍රොණික විෂයට කැමතිය.මම ද මෙම විෂයට කුඩා කල සිටම කැමැත්තෙන් සිටි අයෙකි.කෙදිනක හෝ මෙම විෂය වැඩිදුරටත් ඉගෙන ගන්න බව මාගේ අදිෂ්ඨානයක් විය. එහෙයින් කුඩා කල සිටම විවිධ ඉලෙක්ට්‍රොණික උපාංග අතපත ගෑමටත් ඒවා ගලවා නැවත සවිකිරීමත් මාගේ විනෝදාන්ශයක් විය.පසුව හොරණ වුර්තිය පුහුණු ආයතනයෙන් ඉලෙක්ට්‍රොණික පුහුණු ප්‍රාඨමාළාවක් හැදෑරීමෙන් මගේ අරමුණ වඩාත් සඵල විය.ඉලෙක්ට්‍රොණික විෂයට අයත් මුලික හරය දැන ගැනීමෙන පසු එය ඉගෙනීම ඉතා පහසුය.ලංකාවේ පාසල් සිසුන් ටත් අමතර ආදායම් මගක ඇතිකර ගැනීමටත් කැමති අයට මම ඉලෙක්ට්‍රොණික පාඩම් මාලාවක් සංවිධානය කර ඇත.එය කාටත් නොමිලේ ලබාගත හැක.කොටස් වශයෙන් පල කෙරෙන මම පාඩම් මාලාව හෙටදින අඩවිය ඔස්සේ ලබාදීමට මම සුදානමින් සිටිමි.කුඩා වයර් කැබැල්ලේ සිට පරිඝනකය දක්වා දැනුම නොමිලේ ලබා ගැනීමට ඔබට හැකි වනු ඇත.ELD බල්බ සකස් කිරීමේ පාඩම් මාලාවට ඉහල ප්‍රතිචාර ලැබී තිබේ.මෙම පාඩම් මාලාව කෙසේ සංවිධානය විය යුතු දැයි මා වෙත කොමෙන්ටුවක් ලෙස එවන්න..
ඔබට ජය!
මේකත් හොදයි.එත් LED නිෂ්පාදනය 3 ලිපියේදී කරපු comment වලට තාම පිළිතුරු ලැබුනේ නෑ නේ.
ReplyDeleteApi kohomada electronic lessons ekka ekathu wenne?
ReplyDeletelangadima mama oyalata thapal margikava lessons patan gannavaa..practical valata avashya upakarana gedaratama evannam..
ReplyDelete