Saturday, March 16, 2013

LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 3.

     නවතම විදුලි බල්බ නිෂ්පාදනේයේ පෙරලිය ලෙස මෙම LED විදුලි පහන හදුන්වා දිය හැක.මෙම පහනක් සවිකර නිවසේ විදුලි මීටරය පිරික්සන්න.ඔබට විදුලි මීටරයේ දර්ශකය කරකැවෙන අන්දම නොපෙනෙන තරම්ය.මෙම පහන් සවි කළහොත් නිවසේ විදුලි පිරිමැස්ම 90%කටත් වඩා වැඩි වේ.ලොවට මුලින්ම විදුලි පහන දායාද කලේ තෝමස් අල්වා එඩිසන්ය.එතැන් පටන් විදුලි බුබුල විශාල දුරක් පැමිණියද විදුලිබලය ඉතා හොඳින් පිරිමසින පරිදි නවීකරණය වුයේ නැත.LED පහන ඊට කදිම විසදුම ලබා දී ඇත
.LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 1.මෙතනින් LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 2.මෙතනින්
අද අපි බලමු LED 100 කින් යුතු පහනක් සකස් කරගන්න අයුරු.ඒ සඳහා මම එදා කියූ පිටකොටුවේ කඩ සාප්පුවලින් අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගත හැක.ඔබට ඔබ කැමති පරිදි පහන් වර්ග රාශියක් සැදිය හැක.
1.LED 48 කින් යුතු පහන.
2.LED 100කින් යුතු පහන.
3.LED 126කින් යුතු පහන.
4.LED 07කින් යුතු රාත්‍රී පහන.
5.LED 07කින් යුතු බුදු පහන.
6.ආගමික ස්ථාන සඳහා පහන.
LED 100කින් යුතු පහනට පහත උපාංග අවශ්‍ය වේ. 
1.IN 4007 දියෝද -04 (D1 සිට D4)
2.560 Ohms 1/2 වොට් ප්‍රතිරෝධක -01(R3)
3.680 Ohms 1/4 වොට් ප්‍රතිරෝධක -02(R1-R2)
4.4.7 මයික්‍රෝ ෆැරඩ් 400v ඉලෙක්ට්‍රොලිටික් කැපෑසිටර් -01(C2)
5.0.68මයික්‍රෝ ෆැරඩ්400v කැපෑසිටර් -01(C1)
6.බ්‍රයිට් LED 100ක්
7.පහත රූපයේ පරිදි බල්බ ආවරණයක්.
ඉහත උපාංග නිවැරදිව පරිපථ පුවරුවට පාස්සා ගන්න.පහත රූප පෙළ අනුගමනය කරන්න.රූපය විශාලව බැලීමට නම් රුපය උඩ ක්ලික් කරන්න.
වැදගත්.
LED සවිකිරීමට පෙර ඒවා දැල්වෙන ඒවා දැයි එකින් එක පරීක්ෂා කල යුතුය.මන්ද එක LED එකක් හෝ නොදල්වෙන්නේ නම පරිපථයේ ඇති සියලුම LED ද නොදැල්වේ.මෙන්ද මෙහි ඇත්තේ ශ්‍රේණිගත සම්බන්දයක් නිසාය.LED පරික්ෂා කිරීමට පෙන්ටෝච් බැටරි කැබලි දෙකක් ගෙන එය PVC බට කැබැල්ලක් තුලට දමා දෙපසින් වයර් කැබලි දෙකක් සවිකර එම වයර් දෙකෙලවරට කනෙක්ටර් කැබැල්ලක් සවිකර සරල LED පරීක්ෂයක් සාදා ගන්න.
ඔබට ඇති ගැටළු ලියා එවන්න..ඊ ළඟ පාඩමින් හමුවෙමු..

ඔබට ජය!


28 comments:

  1. ලංකාවට ආපු දවසක කරලා බලන්න වටිනා වැඩක්, බොහොම ස්තුතියි ඔබගේ දැනුම බෙදා ගන්නවාට,
    බල්බයට කොටස් මිලදී ගත හැකි ස්ථාන මොනවද?

    ReplyDelete
    Replies
    1. පිටකොටුවෙන් ගන්න පුළුවන් තව විස්තර ඊළඟ පෝස්ට් එකකින්..දෙන්නනම්..

      Delete
  2. බල්බ ආවරණයක් කඩෙන් ගන්න පුළුවන්ද?

    පරිපථය සවි කරන්නේ කොහොමද?

    හොඳ විස්තරයක්..

    වෙලාවක කරලා බලන්න හිතෙනවා..

    ReplyDelete
  3. ඔයාට බොහොම ස්තුතියි.

    මටත් තියන ප්‍රශ්නේ මේකයි.ඔය "බල්බ ආවරණයක් කඩෙන් ගන්න පුළුවන්ද?" කියන එකම තමා.

    ඉන්ටෙර්නෙට් ඒකෙන oder කරන්න පුළුවන් තැනක් දෙනවනම් ගොඩක් ලේසී.මොකද මට මාතලේ ඉදන් පිටකොටුවේ එනවට වඩා ලාබයි මෙහෙන් එකක් ගන්න එක.

    :)

    මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්

    ReplyDelete
    Replies
    1. macho LED & parts api laga thiyanawa. oya pitakotuwe R5ta thiyana bulb hadanna ganna led aduwata thiyanawa bulb parts thawa bulb walata new circit warga denna puluwan...thawa new bulb parts ..thawa bulb hadana yaluwo innawanam e ayata kiyanna ..ok

      Delete
    2. Hello senaka
      Mata puluwawan nam led & parts
      aduwata ganda puluwan koohenda kiyala kiyannako
      plz puluwan nam oyage phone number eka Mata denda
      kasunbp93@gmail.com

      Delete
    3. #Senaka...apta gdrtma genwa gnna puluwand?

      Delete
  4. ඊළග කොටස් ටික තව ටිකක් පැහැදිලිව දාන්න පුලුවන් නම් ලොකු උදවුවක් වෙයි....කොහොම උනත් හොද වැඩක් දිගටම කරන් යන්න.....

    ReplyDelete
    Replies
    1. තව පෝස්ට් එකක් ලියමින් පවතිනවා...

      Delete
  5. මමත් ඔය එල්ඊඩී පිස්සෙකි. ඔය බඩු භාණ්ඩ ටික ගන්ට තැනක් කියන්ටකො. මම 29 වෙනිද කොළඹ යනව. බඩුටික එදාට ගන්ට ඇහැකිවෙයි.

    ReplyDelete
  6. මෙම සියලුම ද්‍රව්‍යවලට කොච්චර මුදලක් වැය වෙනවද?

    ReplyDelete
  7. මෙම සියලුම ද්‍රව්‍යවලට කොච්චර මුදලක් වැය වෙනවද?

    ReplyDelete
  8. LED 100 දාල හදන බල්බ් එකට වොට් කොච්චර යනවා ද? කොච්චර වොට් ගානක් යනවද කියල හොයන්නේ කොහොමද ?

    ReplyDelete
  9. machan patta watina lipi tikak...ubata pin sidda wenawa..math try ekak deela balanna haduwe..
    me sirkit eke PCB board eka kade ganna thiyenawada?nathnam apima foomika ekaka aluthin hadanna onida..mata poddak e gena kiyapan machan..

    ReplyDelete
  10. mamath me wage 230v LED lamp 1k haduwa. But 20 Hours witara wada kalata passe eka off una. dan on wen ne? mokd kyla kiyanna puluwanda?

    ReplyDelete
  11. 1weni haras wediye athula building 1ke mahinda aiyage kade me okkoma badu tiyenaawa...

    ReplyDelete
  12. මා චීනයෙන් රූපයේ පෙනෙන ආකාරයේ බල්බයක් ගෙන්වන ලදි..මාසයක් පමණ දැල්වීමෙන් පසු බල්බය දැල්වෙන්නේ නැති අතර..මද ආලෝකයක් පමණක් නිකුත් වෙයි

    ReplyDelete
    Replies
    1. අමෙරිකාවෙන් ගෙනත් බලන්න

      Delete
  13. niyamai godak hoda deyak thawath idiriyata karagena yanna obata jaya

    ReplyDelete
  14. bulb passaakota ewa heat unth awlda?

    ReplyDelete
  15. එලකිරි පොස්ට් එක කොල්ලො

    ReplyDelete
  16. මම හදපු 108 LED බල්බ් එකේ එක පැත්තකම LED වැඩ කරන්නේ නැතිව ගියා. මෙහෙම වෙන්නේ ඇයි.මෙය හදාගන්නේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. බල්බය හෙමිහිට ගලවන්න..දැල්වෙන්නේ නැති පැත්ත මතක තියා ගන්න..ඒ පැත්තේ LED පිළිවෙලකට මල්ටිමිටරයෙන් පරික්ෂා කරන්න..එක LED එකක් පිච්චිලා ඇති..ඒක අලුතින් දාන්න...නැවැතත් ඊ ආකාරයට LED එකක් පිච්ච්චේනවා නම් 39 ඕම්ස් විතර ප්‍රතිරෝධකයක් හරහා 560 Ohms 1/2 වොට් ප්‍රතිරෝධක යට ශ්‍රේණිගතව සවි කරන්න..තවත් එකක්..LED බල්බ වල පෑස්සුම් බුරුල් වෙලා නම් ආයේ පාස්සන්න...

      Delete
  17. kiyak yaida eka bulb ekak hadanna

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.