
LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 1.මෙතනින්
LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 2.මෙතනින්
LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 3.මෙතනින්
අපි දැන් බලමු මුද්‍රිත පරිපත කොටස් ශ්‍රේණි ගතව සම්බන්ද කරන අයුරු.ශ්‍රේණිගත හා සමාන්තර ගත ක්‍රම ගැන ඔයාලා O/Lකාලේදී ඉගෙන ගෙන ඇතිනේ.මෙහිදී බල්බ 54බැගින් කොටස් දෙකක් (මුද්‍රිත පරිපත කැබලි 3බැගින්)සමාන්තර ගතව සවිකරන්න.බල්බයේ පහලට යොදන වුර්තාකාර කොටසේ LEDහතර බැගින් සමාන්තර ගත ක්‍රමයට සම්බන්ද කර ගන්න.දැන් මෙම කොටස් තුන ශ්‍රේනිගත ක්‍රමයට සවිකරන්න.මෙය ඉතා නිවැරදිව කලයුතුයි.
පහත උපදෙස් පිලිපදින්න.
1.ශ්‍රේණිගත සම්බන්දය නිවැරදිදැයි නැවත බලන්න.
2.බලසපයුම් පරිපථය පරික්ෂා කරන්න.
3.බලසපයුම LED වලට ලබා දෙන්න.මේ විදිහට
4.බල්බ සියල්ල දැල්වේ නම් සාර්ථකය.මේ විදිහට
5.බල සපයුම විසන්දි කරන්න.බලසපයුම් පරිපත කොටස බල්බ ආවරණ තුලට ඇතුළු කරන්න.එහි A/Cලබා දෙන වයර් කැබලි දෙක අනික පස සිදුරින් පිටතට ගන්න.පරිපථය බල්බ ආවරණ තුලට ඇතුළු කරන්න.මේ විදිහට
6.වුර්තාකාර කොටසද සවිකරන්න.මේ විදිහට
7.හෝල්ඩරයට සවිකරන විල්ල කොටසේ ඇති සිදුරු දෙකින් A/C සපයන වයර් කැබලි දෙක පිටතට ගෙන එහි පහත පරිදි ඊයම් හොඳින් යොදා පාසන්න.(සම්බන්දකරන සියලුම වයර් සඳහා සකිට් වයර් යොදාගන්න)
8.විදුලි සැපයුම ලබා දෙන්න.අපුරුයි නේද?මෙන්න මෙහෙම දැල්වේවි.
අමුද්‍රව්‍ය මිලදීගැනීම
පිට කොටුවේ පළමු හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් සාප්පු කීපයකින් ඉහත කොටස් සියල්ල ලබා ගත හැකිය.ඔබ දුර බැහැරක සිටින්නේ නම් බල්බ සැදීම සඳහා උපකරණ කට්ටලය ඔබට එවීමට මට පුළුවනි.තැපැල් ගාස්තුව හා අමුද්‍රව්‍ය සඳහා පමණක් අවශ්‍ය මුදල මාවෙත එවන්න.මා මෙසේ කරන්නේ මෙම කර්මාන්තය දියුණු කරගන්නන් ට හා අත්හදා බලන අයටත් මේ සම්බන්දයෙන් ආශාවක් ඇති අය සඳහා පමණි.අමුද්‍රව්‍ය ලබා ගැනීමට කැමති අය sisiramet@gmail.com යන ලිපිනයට දන්වා එවන්න.ඔබට හොඳම තත්වයේ අමුද්‍රව්‍ය පමණක් ලබා දේ.මුදල් ගෙවන අන්දම ඔබට ඊමේල් මගින් දන්වන්නම්.
LED බල්බ නිෂ්පාදනය ඔබ දිගටම සිදුකරන්නට අදහස් කරන්නේනම්.එම බල්බ වලින් අත්වන වාසි අවාසි සඳහන් කරමින් කුඩා අත් පත්‍රිකාවක් පිළියෙළ කරන්න.ඔබ එයට වගකීම් කාලයක් ලබාදෙන්න.ඔබට නොමිලේ අලුත්වැඩියා කර දුන්නද පාඩුවක් නැත.මෙවැනි බල්බයක් වසර 5 ක් පමණ භාවිතා කල හැකිය.බල්බය තුල අඩංගු උපාංග සියල්ල එකවර දැවී යන්නේ ඉතා කළා තුරකිනි.(උදා:අකුණුවලින් දැවීයාම -ඒ සඳහා වගකීමක් කිසිඳු ඉලෙක්ට්‍රොනික උපකරණයක් නිපදවන අයකු ලබා නොදේ)එක LED බල්බයක් දැවීගිය හොත් ඔබට වය වන්නේ රුපියල් 5 ක් පමණි.එහෙත් නොමිලේ අලුත් වැඩියාවෙන් පාරිභෝගිකයා ඔබ ගැන තබන විශ්වාසය නිමකල නොහැකි තරම් වටින්නේය.තම නිවසේ,යාළුවන්ට මුලින්ම බල්බ අලෙවිකරමින් නමක් ඇතිකර ගන්න.අලංකාර පෙට්ටියක් නිර්මාණය කර එය තුල බල්බය ආරක්ෂිතව තබා අලෙවි කළ හැකිනම් තවත් ඔබට පාරිභෝගිකයා දිනා ගත හැකි වනු ඇත.විදේශීය රට වල අයට මෙවැනි බල්බ අලෙවිකළ හැකින්බම් ඔබට ඉතා ඉහල ලාභයක් ලද හැකිය.
ඔබට ජය!
api led bulb 50 danawanam serkit 1 wenas karanne onada
ReplyDeleteled 50 danawanam sirkit eke wenas karanne onada
ReplyDeleteපොඩි වෙනසක් වෙනවා..ඔයාලා..ඕනි නම්..සර්කිට් එක දෙන්නම්..LED අඩු වෙන කොට එලිය අඩුවෙනවා...
ReplyDeleteනියම වැඩක්... ව්‍යාපාරික උපදෙසුත් තියෙන්නෙ..
ReplyDeleteමමත් මේ වැඩෙ කලා ඒ බල්බ් 40 ගානක එකක් එවයිං බල්බ් 30ක් 40ක් එහෙම හැදුවා ඒත් මෙ ප්‍රශ්නෙකට තියෙන්නෙ එ බල්බ් මාසෙකට වඩා තිබුන්නෑ ඔක්කොම වගෙ පිච්චුනා මට එවා චෙක් කරගන්නත් වෙලාවක් තිබ්බෙ නෑ ඔයා හිතන්නෙ හෙතුව මොකක්ද මම ඔය බඩු ගත්තෙ පිටකොටුව 1 හරස් විදියෙ අතුල එකෙ 3වෙනි තට්ටුවෙන් ඔයා ගන්නෙත් එතනින්ද ප්ලීස් කියන්න මං මෙ සබ්ජෙක්ට් එකට හෙනට ආසයි තව ප්‍රශ්නයක් මෙකෙ අර හෝල්ඩරේට සෙට් වෙන ක්ලිප් එක තද කරගන්න විදියක් දන්නවද මහ වදයක් එක තද කරන්නත් බයයි අර ප්ලාස්ටික් හවුසිං එක කැඩෙයි කියන අන්තිමෙදි මං ඔක තද කලෙ සුපර් ග්ලූ ගාලා ඔය හවුසි පිටකොටුවෙ 1වෙනි හරස් වීදියෙන්ම ග්න්න පුලුවංද නැත්නං අපිම හදාගන්න ඕනද
ReplyDeleteඔයාගේ උනන්දුව ගැන සතුටුයි.ඔයා LED ගන්න කොට හොඳම එක ගන්න.SUPER BRIGHT LED එකක් රුපියල් 5 ක් වනවා.බාල LED එකක් රුපියල් 3 යි.ඒවා ටික දිනකින් එලිය අඩුවෙනෙවා..අනික පරිපතයට නිවැරදිව උපකරණ සවිකර තිබේද යන්න බලන්න.විශේෂයෙන් LED ශ්‍රේණිගත හා සමාන්තර ගත ක්‍රමය නිවැරදි විය යුතුයි.Power supply එකෙත් නිවැරදිව සකසා ගන්න..බල්බය හෝල්ඩ්රයට සවිකරන කොටස තද කර සවිකරන උපකරණයක් තියෙනවා ඒක රුපියල් 4000 ක් වෙනවා.විසාලවශයෙන් කරනවනම් ඒක ගන්න.එම කොටස සුපර් ග්ලු වලින් ඇලෙවුවාමහරි.ඔයා බඩු ගන්න යන්න.පිටකොටුවේ පළමු හරස් විදියේ වික්රමප්ලාසා බිල්ඩිමේ දෙවන තට්ටුවේ digital electronic වෙතට ඔයා දන්නැති දෙයක් වුනත් එකේ අයියා කියල දෙයි..
Deleteඑතකොට බල්බ් වල තමා අවුල මං ගත්තෙ නං රුපියල් තුනෙ එක කොහොම හරි එලිය අඩු වෙච්ච ප්‍රශ්නයක් නම් ආවා බොහෝම ස්තුතියි !! ඔබතුමාට :)
Deleteනියමයි මේක මාත් කරන්න ඕන.
ReplyDeleteමට මේක පාස්සගන්න විදිය එච්චර පැහැදිලි නැහැනේ..... පුලුවන් නම් එක කරන හැටි පොඩ්ඩක් කියන්න..
ReplyDeleteAs I website possessor I believe the content matter here is rattling fantastic ,
ReplyDeleteappreciate it for your hard work. You should keep it up forever!
Best of luck.
Here is my web blog facebook for sex
අද ඉඳන් ලයිට බිල් ඩබල් ඩබල් නිසා මාත් මෙහෙම දෙයක් හොයද්දි තමයි මේ බ්ලොගේ අහුවනේ. ස්තුතිය මේ විස්තරවලට. ට්‍රයි කරල බලන්නෝනෙ.
ReplyDeleteබොහොම ස්තුතියි, වෙන අයනම් මෙහෙම දෙයක් දැනගත්තම කරන්නේ තමන්ම බදාගෙන කන්න,එත් ඔයා දැනුම බෙදන ගමන් ප්‍රයෝජනයට ගන්න හැටියත් කියල දෙනවා
ReplyDeleteමන් ඉන්න රටෙනම් දැනටමත් විශාලවශයෙන් LEDබල්බ් පාවිච්චි කරනවා, සිවිලින්වලට ගොදක්දුරට සවි කර තියෙන්නේ මේ වර්ගයේ බල්බ්,
ReplyDeleteපින් සිදුවන කාර්යයක් ඔබගේ බ්ලෝග් අඩවියෙන් සිදුකරයි. දේශපාලන වල් පල් වලට වඩා අපට මේවගේ වැදගත් දෙයක් ලබාදීම ඉතාම හොද දෙයක්.
ReplyDeleteඇත්තටම සිංහල බසින් මේ වගේ දෙයක් උගන්වපු එක ලොකු පිනක් මෙවැනි දේවල් තවතවත් කිරීමට ශක්තිය ධෛර්ය ලැබෙිවා
ReplyDeleteඇත්තටම සිංහල බසින් මේ වගේ දෙයක් උගන්වපු එක ලොකු පිනක් මෙවැනි දේවල් තවතවත් කිරීමට ශක්තිය ධෛර්ය ලැබෙිවා
ReplyDeleteW1 led balb walin hadana balb hoda nedda.
ReplyDeleteethtatama meye agayakala yutuma wedaki...
ReplyDeleteWow, this paragraph is nice, my sister is analyzing these kinds
ReplyDeleteof things, therefore I am going to convey her.
Visit my web-site - bet angel
ඔයා නමි නියමයි. තනියම හමිබකරන් කන මිනිස්සු අතරේ ඔයා නමි ගොඩක් වටින මනුස්සයෙක්. නියමයි!!!
ReplyDeletecan u teal me how to join 6 parts pl
ReplyDeleteපරිපතයකට අවශ්‍ය බඩු පැක්කරලද තියෙනනෙ බඩු අදුරනනැති අඋල තමා තියෙනෙ
ReplyDeleteමේ වගේ දේවල් අවංතව උගන්වන අය අද ලොකේ අඩුයි.එත් ඔබ ගොඩක් අවන්කව ඔබ දන්න දේ අපට කියලා දුන්නා.අද ගොඩක් බ්ල්ග් මුදල් හා තම ජනපුියත්වය සදහා පමණයි.මෙවන් දේ තව තවත් කිරිමට ඔබට තව තවත් ශක්තිය ෙධර්්‍ය ලෙබෙවා.ඔබට සදා ජය සොහොයුර !!! බුදුසරණයි !!!
ReplyDeletepapuwa honda kollek................
ReplyDeletecircuit diagram ekak denna (led 108 bulb eke) ,passana hati pahadili na
ReplyDeleteSamantha -galle
ඇත්තටම මේක ගොඩක් හොඳ වැඩක්.අපිවගේ මූලික දැනුම නැති අයටත් සර්කිට් වලට පාහන හැටි තවටිකක් සවිස්තරව කියල දෙන්න පුලුවන්ද?
ReplyDeleteVery good aiya. Thank you very much. pinata danuma laba dena oya wage aya dawasin dawasa diyunu wenawa. mamath try karanawa wadeta.
ReplyDeletepuluwannam rubber stamp hadana widiya kiyala denawada.
ReplyDeletethank gl niyama wadak
ReplyDeleteHoda Wadak, kiya nima karanna be......
ReplyDeleteholder eka alwanna hoda gam ekak kiyanwada?
ReplyDeletemama pitakotuwa hamathanama awidda,ath r5 bulb walin hadana LED bulb aka hambuna na.mata aka ganna puluwan thanak kiyanna
ReplyDeleteFirst cross st eke wickrama plasa building eke digital electronis No 58 kade balanna
Deleteno58 kade balanna wickrama plasa building eke digital
ReplyDeleteමට 10w LED 5ක් සමාන්තරව සකසන හැටි විස්තර කරන්න පුලුවන්ද හැබැයි transformer එකක් නැතිව capacitor වලින්
ReplyDeleteමට 5w LED බල්බ 5ක් සදහා පරිපතයක් කියන්න පුලුවන්ද
ReplyDeleteLED bulbs 126 Bulb eka hadanne kohomada?
ReplyDeletemama LED bulbs 126 KIT eka Digital Electronic eken buy kala.
ReplyDeleteAiye Kohomada PCB tika connect karaganne? ( Series or Parallel ).
Please somebody advice me on this.
thanks.
මාත් උත්සහ කරලා බලන්නම්
ReplyDeletepodi hathares led passanna oni hot gun ekenda bawuth ekenda
ReplyDeleteඇත්තම කිව්වොත් සාමාන්‍ය LED යොදා බල්බ් හදන එකේ වැරද්දක් තියෙනවා. සාමාන්‍ය LED එකක ආලොකය එක තැනකට එකතුවෙන ලෙසයි එක හදලා තියෙන්නේ. නමුත් LED බල්බයකින් අපි බලපොරොත්තු වෙන්නේ එලිය විහිදෙන්නයි.
ReplyDeleteඉතින් සාමාන්‍ය LED දාලා හදන බල්බ් එකකකින් අපට අවශ්‍ය වැඩේ කෙරෙන්නේ නැහැ. ඒ නිසා SMD LED දාලා බල්බ් හදන්න කියලා දෙන්න
මෙය ඉතාමත් අගනා සද්ක්‍රියාවක්.ඔබට ජයෙන් ජයම වේවා
ReplyDelete