![]() |
led bulbs sri lanka |
ඔබේ සුළු ඉලෙක්ට්‍රොණික හැකියාවෙන් ගෙදර සිටම ආදායමක් ලබා ගන්නා හැටිය..මේ සඳහා ඔබට කිසිඳු ප්‍රාඨමාලාවක් හැදෑරිය යුතු නැත.මෙන්න මේකයි අලුත් ක්‍රමය.
LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 01.
ආලෝකය ලබා ගැනීම සඳහා අප දැනට භාවිතා කරන සුත්‍රිකා පහන කෙතරම් නාස්තිකාර විදුලි පහනක් දැයි ඔබට අමුතුවෙන් කියා දිය යුතු නැත.එම බල්බයට යෙදෙන විදුලි ශක්තියෙන් 90% ක් පමණ තාපය වශයෙන් අපතේ යයි.තාපය නොව අපට අවශ්‍ය වන්නේ ආලෝකයයි.මා හදුන්වා දෙන LED විදුලි පහනට සැපයෙන විදුලි ශක්තියෙන් 90% ක් ආලෝකය බවට හැරේ.එය හැල්මේ දිවයන ඔබේ නිවසේ විදුලි මීටරයට මහා අස්වැසිල්ලක් වනු ඇත.ළඟදීම විදුලි බිලද වැඩිවන නිසා මෙවැනි අලුත්දෙයකට අත ගැසීම සැබවින්ම අත්යවශ්‍ය දෙයකි.දැනට අප භාවිතා කරන CFL බල්බ වලද අප හිතනතරම් විදුලියක් ඉතිරි නොවේ.බාල හා ව්‍යාජ CFL බල්බ් වෙළෙඳ පොළ ආක්‍රමණය කර ඇත.ඒවා දැමීමෙන් කොහෙත්ම විදුලියක් ඉතිරි නොවේ.රටට අත්‍යවශ්‍ය මොහොතක LED විදුලි බල්බ ඉතා පහසුවෙන් සකසන අයුරු මම ඔබට නොමිලේ කියාදෙමි.මා ඉලෙක්ට්‍රොනික තාක්ෂණයට අත ගැසුවේ කුඩා කලම නිසා මෙම තාක්ෂනය පිළිබඳව හොඳ අත්දැකීමක් මාහට ඇත.ඔබට මා මෙය පියවරෙන් පියවර පාඩම් මාලාවක් ලෙස හදුන්වා දෙන අතර.ඔබේ එය කියවා ඔබට ගැටළු ඇත්නම් geek.lk හරහා හෝ මාහට කොමෙන්ට් එකක් ලෙස එවන්න.ඒ සෑම ගැටළුවකටම මම පිළිතුරු ලබාදෙමි.
අද පලමු පාඩමින් අප LED විදුලි බල්බ වල වාසි අවාසි කතාකරමු.
වාසි
1.වැයවන විදුලි බලය ඉතා අඩුය.
2.සුදු ආලෝකයක් විහිදුවයි.
3.ඉතා දිගුකලක් භාවිතා කලහැකිය.(වසර 5ක්)
4.ඉතා අඩු මුදලකින් අලුත්වැඩියා කල හැකිය.
5.දැනුමින් අඩු අයකු ට වුවද සැකසිය හැක.
6.නිවසේ සිට කල හැකි ලාභ දායි ව්‍යාපාරයකි.
7.අමුද්‍රව්‍ය ඕනෑ තරම් ඇතිනිසා සපයා ගැනීම පහසුය.
8.ස්වයං රැකියාවක් ලෙස ආරම්බ කර ඉක්මනින් දියුණුවිය හැක.
අවාසි
1.මුලික වියදම තරමක් වැඩිය.(එහෙත් බල්බය දල්වන විට එම මුලික වියදම මෙන් කීප ගුණයක ලාභයක් ලැබේ.)
ඊළඟ පාඩමින් හමුවෙමු..
- LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 2.මෙතනින්
- LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 3.මෙතනින්
- LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 4.මෙතනින්
- LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 6.මෙතනින්
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.