Thursday, March 7, 2013

මන්දගාමී පරිගණකයක් වේගවත් කරන හැටි..

     ඔබේ පරිගණකය කලින් තිබුනාට වඩා මන්දගාමී වී ඇත්දැයි ඔබට සිතෙන්නේද? ඔබ යම් කිසිකාර්යක් දිගු වේලාවක් කරගෙන යන විට පරිගණකය මන්දගාමී වන බව ඔබට වැටහී ඇති.මෙයට එක හේතුවක් වන්නේ ඔබ පරිගණකය ඩිෆ්රැග්මන්ට් කර නොතිබීමයි.ඇත්තටම Defragmentation යනු කුමක්ද? ඔබ පරිගණකයට ඇතුලු කරන සියලු දත්ත තැන්පත් වන්නේ එහි හාඩ් දිස්ක්කය මතය.ඔබ දැනටමත් ඇතුලත් කර ඇති ගොනුවක් මකා දැමුවහොත් හාඩ් ඩිස්ක් එකේ යම් ඉඩක් ඉතිරි වෙයි.දැන් ඔබ අලුත් ගොනුවක් හාඩ් ඩිස්ක් එකේ තැන්පත් කරන්නේ යයි සිතමු.එහි ධාරිතාව කලින් ඉවත්කළ ගොනුවට වඩා වැඩිනම් එම ඉඩ ප්‍රමාණයේ අලුත් ගොනුව තැන්පත්වීමට නොසෑහේ.එමනිසා
පරිගණකය විසින් හාඩ් ඩිස්කයේ වෙනත් තැනක අලුත් ගොනුවෙන් කොටසක් තැන්පත් කරයි.මෙහිදී දත්ත තැන්පත් කිරීමට බාධා නොවුනද නැවත දත්ත කියවීමේදී අදාල ගොනුව සොයා බලන්නට හාඩ් ඩිස්ක්කයේ කියවනයට ඩිස්කය පුරා පීරා බලන්නට සිදුවේ.එවිට ගතවන කාලය වැඩිය.මෙවිට පරිගණකය මන්දගාමී වී ඇති බව අපට හැඟෙයි.එනම් මෙවිට හාඩ් ඩිස්ක්කයේ එක් එක් ෆයිල් ගොනු පිහිටන්නේ වෙනවෙනම නොව කලවන්ව විසිරී ගෙනය.මෙයට හාඩ් ඩිස්කය 'ෆ්රැග්මන්ට්' වී ඇති බව කියනු ලැබේ.මෙලෙස කිසිඳු පිළිවෙලකට නැති ෆයිල් සියල්ල පිළිවෙලකට ගෙන එන පරිගණක වැඩසටහනකට ඩිෆ්රැග්මන්ටර් යැයි කියනු ලැබේ.(Defragmenter)
ඔබ භාවිතා කරන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නම් එහි මෙම Defragmenter වැඩසටහන ඇති බව දන්නවා ඇති.එම වැඩසටහන මගින් පරිගණකය ඩිෆ්රැග්මන්ට් කල හැකිය.එහෙත් පරිගණක මෙහෙයුම් පද්ධතියට අයත් සිස්ටම් ෆයිල් ඩිෆ්රැග්මන්ට් වන්නේ නැත.එම නිසා අපට ඩිෆ්රැග්මන්ට් ටූල් එකක් යොදා ගැනීමට සිදුවේ.අල්ට්‍රාඩිෆ්රැග්මන්ට්(Ultradifragment) මේ හඳහා හොඳම වැඩසටහනකි.මෙමගින් වින්ඩෝස් රෙජිස්ට්‍රියද ඩිෆ්රැග්මන්ට් වේ.මෙතන ක්ලික් කර එම වැඩසටහන බා ගත හැක.ඔබට අන්තර්ජාල පහසුකම් නැතිනම් එය වෙනත් තැනකදී බා ගෙන එම සෙටප් වැඩසටහන ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක දමාගෙන ගොස් තම පරිගණකයේ දී ක්‍රියා කරවන්නට පුළුවන.ඒ සඳහා අන්තර්ජාල පහසුකම් අවශ්‍ය නැත.එම සේටප්‍ වැඩසටහන ඩබල් ක්ලික් කිරීමෙන් එය පරිගණකයට ස්ථාපිත වේ.එවිට ඩෙක්ස්ටොප් මත UltraDefragment අයිකනය හෝ ස්ටාට් ස්ක්‍රීන් එකේ අයිකනයක් යොදා ගෙන එයට පිවිසෙන්නට පුළුවන.

ඩිෆ්රැග්මන්ට් කිරීමට සුදානම් වීම.
UltraDeragment අයිකනය මගින් එම වැඩසටහන ට පිවිසුන විට UltraDefragment වින්ඩෝව ලැබේ.මෙහි ඩ්‍රයිව් යන්න තෝරන්න.එවිට අවශ්‍ය හාඩ් ඩිස්ක් එක තේරිය හැක.දැන් ටුල් බාර් එක තුල ඇති ඇනලයිස් බටන් එක ක්ලික් කරන්න.මෙහිදී ඩ්‍රයිව් ඉදිරියෙන් කොපමණ ප්‍රමාණයක් Fragmentation වී ඇතිද යන්න බලා ගත හැකිය. UltraDefragment වින්ඩෝවේ පහළින්ම පරිගණකයේ ඇති ෆෝල්ඩර්ස් ප්‍රමාණය,ෆයිල් ප්‍රමාණයත් පෙන්වයි.fragmentation යන්න ඉදිරියෙන් ෆ්රැග්මන්ට් වී ඇති හාඩ් ඩ්‍රයිව් වල උප කොටස් නොහොත් ක්ලස්ටර්(cluster) ප්‍රමාණයයි.ඩ්‍රයිවර් ඇනලයිස් කලවිට දක්නට ලැබෙන නිල් පාට කොටස් වලින් පෙන්වන්නේ ෆ්රැග්මන්ට් නොවූ කොටස් ය.සිස්ටම් ෆයිල් කොල පාටිනුත් රතු පාටින් ෆ්රැග්මන්ට් වූ කොටස් ද දැකිය හැක.

ඩිෆ්රැග්මන්ට් කිරීම.

UltraDefragment වින්ඩෝව මගින් ඔබට අවශ්‍ය හාඩ් ඩ්‍රයිව් ලකුණු කර තිබියදී ටුල් බාර් එකෙහි ඇති Defragment බටන් එක ක්ලික් කරන්න.ඔප්ටිමයිස් කිරීම මගින් ෆයිල් පිළිවෙලකට පෙළගස්වයි.ටික වේලාවකින් defragment වාර්තාවක් ලබා දේ.එහිදී හාඩ් ඩිස්කය තුල සිදුවී ඇති ෆයිල් වල ක්‍රමවත් බව දැක ගත හැක.මෙලෙස ක්‍රමවත්ව ඇති ෆයිල් ගොනු ඉක්මනින් කියවා දීමට පරිගණකයට පුළුවන.දැන් පරිගණකය Restart කරන්න.කලින්ට වඩා වේගවත් බව දැනෙනු ඇත.

ඔබට ජය!

3 comments:

  1. ඕකට තවත් සොෆ්ට්වෙයා තියෙනවා අයෝබිට් එක තමා බෙස්ට්ම එක.

    ReplyDelete
  2. Are you looking for something that's entirely severe and stern, the location where the value lies within the precise movements along with the sleek style, otherwise you are after a wrist watch that is specifically made to showcase gems and jewels. Yes, a high-end designer name brand is a good thing, but make sure there is some substance behind the name. Sticking for your budget as well as in your price range is the smartest thing to do.

    my page - watches-bestprice.com []

    ReplyDelete
  3. To calculate the approximate price of your gold, you have to separate it by
    karat. But, this requires a process that triggers a negative impact on earth by
    melting metals or by using the acid as a way to remove the gemstones
    in the mountings. A magical look with an evening wedding would be to
    light your chuppah.

    Also visit my homepage ... jewelry []

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.