Sunday, March 17, 2013

ඇත්තටම අන්තර්ජාලයෙන් අතිවිශාල මුදලක් ඉපයිය හැකිද.

    ඉතා පහසුවෙන් අන්තර්ජාලයෙන් අතිවිශාල මුදලක් ඉපයිය හැකිය යන්න වැරදි අදහසකි.
කුමන හෝ ව්‍යාපාරයකින් ඉතා පහසුවෙන් මුදල්  ඉපයිය නොහැක.අන්තර්ජාලයෙන් සාධාරණ ලෙස මුදල් ඉපයිය
හැකි ක්‍රම ගණනාවක් ඇත.එහෙත් එය ඉතා කල්පනාවෙන් කළයුතුව ඇත.නැතිනම් කාලයත් මුදලත් දෙකම නාස්තිවේ.
විශේෂයෙන් ඔබ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව හොඳ දැනීමක් තිබිය යුතුය.එමෙන්ම   අන්තර්ජාලය පිලිබඳව හොඳ වැටහීමක් ද තිබිය යුතුය.
ඔබගේ දක්ෂතාව මෙහිදී වැදගත්වන අතර වෙබ් අඩවි නිර්මාණය කිරීමේ හැකියාව ඔබ සතු නම්  විද්‍යුත් ලිපින සපයන ඉලෙක්ට්ට්‍රොනික් ඩිරෙක්ටරියක්
සොයා එහි ලිපින වෙත දැන්වීම් යැවීමෙන් පාරිබෝගිකයන් දිනා ගත හැක.
තමන් සතු නව නිර්මාණ භාණ්ඩ එම වෙබ් අඩවි හරහා ප්‍රචලිත කර ඒවා විකිණීමෙන් අදායමක් ලද හැකිය.
ඔබ නිර්මාණය කරන වෙබ් අඩවි මනා හරයකින් යුක්ත විය යුතුය.
එම අඩවි ජනප්‍රිය වූ පසු එහි දැන්වීම් ප්‍රචාරණය කර අදායමක් ලද හැකිය.
පුවත්පත් ආයතන තම පුවත්පත් ඉන්ටනෙට් තුල පිහිටු වීමෙන් ඒවා නොමිලේ ජනතාවට කියවන්නට ලබා දී වෙළෙඳ දැන්වීම් ලබා දී විශාල ලාභයක් ලබාගනී.
google,yahoo වැනි ප්‍රසිද්ධ වෙබ් අඩවි වල වෙළෙඳ දැන්වීම් වල කේත ඔබ වෙබ් අඩවි වලට එක්‌ කිරීමෙන් එම දැන්වීම් පාරිභෝගිකයන් නරබන වීට
අදාල සමාගම් වලින් අපට යම මුදලක් ගෙවයි.එය ඔබ වෙබ් අඩවි යේ ප්‍රචලිත බව අනුව තීරනයවේ.
google adsense මේ සඳහා උදාහරණයකි.එම වෙබ් අඩවි වල නීතිරීති දැඩි වන අතර ඔබ අතින් යම වංචාවක් සිදුවන බව ඔවුන් ට ඒත්තු ගිය හොත් ඔබගේ
adsense ගිණුම ජීවිත කාලයටම අත්හිටුවනු ඇත.
අන්තර්ජාලය භාවිතාකර මුදල් ඉපයීම
ඉක්මනින් කල නොහැකි අතර ඒ සඳහා දිගුකලක් වැයවන බව කිව යුතුය.
විවිද ආයතන වලින් දහස් ගණනක්‌ ගෙවා ව්‍යාපාර අවස්ථා සඳහා ඔබට ආරාදනා කලද ඒවායින් ඒ අය කියන තරමට මුදල් ඉපයිය නොහැක.ඔබ ඒවා පිරමීඩාකාර
ව්‍යාපාර දැයි කල්පනකාරී විය යුතුය.

අන්තර්ජාලය භාවිතාකර මුදල් ඉපයීම ලිපි පෙලක පළමුවැන්න වන මෙය
ඔබ මන්මුලාවේ වැටීම නැවැත්වීම සඳහා ඉදිරි දිනවල දීත් ලිපි පල කරන්නෙමු..
ඔබට ජය.!

4 comments:

  1. සමහරු හිතනවා අන්තර්ජාලය කියන්නෙ මැනික් ඉල්ලමක් වගේ එකපාර පෝසත් වෙන්න පුලුවන් දෙයක් කියලා...
    ඇත්තටම ඕනි දෙයක් ලේසියෙන් මුදල් එනවා නම් ඒ මුදල් එන ක්‍රමයට පැවැත්මක් නැති වෙනවා....

    ReplyDelete
  2. නොදන්නා අයගේ ඇස් අරවන කාලෝචිත අගනා ලිපියක්. 'ඉන්ටර්නෙට් මනි' කාරයෝ පත්තර පිටු ගණන් බොරු වපුරමින්, සති පොළවල්, කඩ සාප්පු, මහපාරේ, පත්‍රිකා බෙදාහරිමින්, අහිංසකයන් රවටා, 'මහා සම්මන්ත්‍රණ' කියා මුදල් ගසා කනවා. ඉදිරි ලිපි වලින් සියල්ල හෙළිකරන්න. ඇත්තටම මුදල් ඉපයිය හැකි ක්‍රමද සරලව කියාදෙන්න.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  3. ISP ලා තමයි අන්තර්ජාලයෙන් අසීමිතව මුදල් උපයන්නේ....

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.