Friday, March 8, 2013

බ්ලොගයට ට්‍රැෆික් ගන්න හොඳම විදිහක්..

       ඔබ වෙබ් අඩවි නිර්මාණය කරන්නෙක් නම් ඔබේ අඩවියට හොඳ සෙනගක් නිතරම බලාපොරොත්තු වෙනවා ඇති.බ්ලොගයක සාර්ථකත්වයට එය කෙලින්ම බලපානවා.අප වැදගත් දෙයක් මතක තබා ගත යුතුයි.අපේ බ්ලොගය නිතර අප්ඩේට් කරන්න ඕන එතකොට ලිපි කියවන අය අලුත් තොරතුරු හොයාගෙන එන නිසා බ්ලොග් එකේ ට්‍රැෆික් නිකම්ම නගිනවා.ඒවාගෙම තමයි වැඩි සෙනගක් නිතර ගැවසෙන බ්ලොග් එකකට අපේ අඩවියේ ලින්ක් එකක් ඇතුලත් කිරීම.එහිදී එම අඩවියට පැමිණෙන්නන් ඔබේ ලින්ක් එක හරහා ඔබ අඩවියට පැමිණෙනු ඇත.
ලංකාවේ දැනට ඉතා ඉහල දිනපතා ට්‍රැෆික් එකක් ඇති අඩවියක් වන්නේ geek.lk වෙබ් අඩවියයි.එය ලංකාවේ පළමු බ්ලොග් අඩවි 10අතර සිටිනවා.දිනකට එයට සෙනග 10000ක් පමණ එනවා.එම අඩවිය අපට තාක්ෂණික ගැටළු නිරාකරණය කර ගැනීමට සාකච්චා මණ්ඩපයක් ලෙස ක්‍රියා කරන අතරම අපේ බ්ලොග් ලිපි ප්‍රචාරය කරන සින්ඩිකේටරයක් ලෙසද ක්‍රියා කරනවා.geek.lkඅඩවියේ ලියාපදිංචි වන්නන් තම අඩවියේ ගීක්‌ සතු විශේෂ ගැජට් එකක් දමාගන්නවා.එමගින් වෙනත් සහෝදර වෙබ් අඩවි වලද ඔබේ ලිපි වල මාතෘකාව ප්‍රදර්ශනය වෙනවා.එය කියවීමට කැමති අයෙක් දුටුවා හොත් ඔහුට එම මාතෘකාව ක්ලික් කර ඔබ අඩවියට පැමිණිය හැකියි.එපමණක්ද නොව ගීක්‌ අඩවිය මගින් ඔබේ ලිපි සමාජ ජාල වෙතද ඇතුලත් කරනු ලබනවා.එමගින් ඔබේ බ්ලොගයේ ට්‍රැෆික් දෙගුණ තෙගුණ වනවා.ඒ නිසා මම සියලු බ්ලොග් කරුවන්න්ගෙන් ඉල්ලා සිටිනවා ගීක්‌ කෙනෙක් වන්න කියලා..
ගීක්‌ අඩවිය දැන්වීම් පසුපස හඹා යන අඩවියක් නෙමෙයි.එය නව තාකෂණික තොරතුරු සාකච්චාවට බඳුන් කරන අඩවියක්.එම අඩවියේ තාක්ෂණය ඉතා ඉහල අගයක් ගන්නවා.ඔබට අවශ්‍යනම් දැන්වීම් ද එහි පලකල හැකියි.ඉතා සාධාරණ ක්‍රමයක් එහි භාවිතා වෙනවා වැඩි විස්තර සඳහා ගීක්‌ අඩවිය බලන්න.ඉතා කුඩාවට ඇරඹි මෙම අඩවිය අද විශාල දුරක් පැමිණ තිබෙනවා.හෙටදින සිංහල ජනසමාජය තුල නව තාක්ෂණ දැනුම ප්‍රචලිත කිරීමට තව දුරතත් කැප වෙන්න කියල මම ගීක්‌ ගෙන් ඉල්ලනවා.ගීක්‌ අඩවියට අනාගතයේදී ලංකාවේ ජනප්‍රියම වෙබ් අඩවිය බවට පත්වීමට අවස්තාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..

ඔබට ජය!

1 comment:

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.