එමෙන්ම වැඩි පිරිසක් කියවීමට රුචි ලිපි පළකිරීමත් වැදගත්.එම ලිපිවල නිවැරදි බව ගැන ඔබ වඩ වඩාත් සැලකිය යුතුයි.අනුන්ගේ ලිපි කොපි කර දැමීම ද නොකල යුතුයි.උපුටා ගැනීමක් ඇතිනම් එම ලිපිය ලබාගත් මුලාශ්‍රය හා එයට සබැදුමක් එක් කිරීම සදාචාරාත්මක සම්ප්රදායකි.ලිපියේ මාතෘකාව දැමීමේ දී එය දුටු වහාම ජනතාවට සිත ඇදීයන අන්දමින් දැමීමට කල්පනාකාරී විය යුතුයි.අනුන් හෙලාදකින අසබ්ය වචන සහිත ලිපි ලිවීමත් ඔබ අඩු තක්සේරුවට ලක්වීමට හේතු විය හැකියි.ලිපියේ විවිධ තැන වලින් තවත් තොරතුරු ලබා ගැනීමට අවශ්‍යනම් වෙනත් පිටු වලටත් වෙනත් බ්ලොග් වලටත් ලින්ක් දීම කල යුතුයි.එය ඔබේ බ්ලොගය සෙවුම් යන්ත්‍ර වලට හසු වීම පහසු කරවනවා.ඔබ ලියන ලිපියට ගැලපෙන කුඩා පින්තූරයක් දී මට ද මතක තබාගන්න.එය අඩු ධාරිතාවකින් යුතු එකක් වීම වැදගත්.නැතිනම් කියවන්නාට දිස්වීමට වැඩි වේලාවක් ගතවේ.තවත් මෙවැනි උපක්‍රම ඔබ දන්නේ නම් කොමෙන්ටුවක් ලෙස දක්වන්න.
ඔබට ජය!
සමහර වෙබ් අඩවිවල ලිපිය අතරතුර වෙලද දැන්වීම් දාලා තියෙනවා.කියවන කෙනාට එක පාරටම පේන්නෙ නෑ ඒක දැන්විමක් කියලා.ඒකෙන් අවාසියක් වෙන්න පුලුවන්.
ReplyDeleteවිවිධ මාතෘකා ගැන කතාකරන ෆෝරම් වල ඒ මාතෘකාවට අදාල පෝස් වල ලින්ක් දැන්මොත් හොද ට්‍රැෆික් එකක් එන්න පුලුවන්.....