Wednesday, March 20, 2013

LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 4.

  බ්ලොග් ඒක බලන කට්ටිය LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව කියවලා තුති කරලා කොමෙන්ට් දාලා..ඔක්කොටොම ගොඩක් ස්තුතියි.අද ඔය ගොල්ලන්ගේ ප්‍රශ්න වලටත් පිළිතුරු අරන් අවා.පසුගිය ලිපි පෙළ කියවුයේ නැතිනම් මෙතනින් ගිහින් කියවන්න.
LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 1.මෙතනින්
LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 2.මෙතනින්
LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 3.මෙතනින්

අපි දැන් බලමු මුද්‍රිත පරිපත කොටස් ශ්‍රේණි ගතව සම්බන්ද කරන අයුරු.ශ්‍රේණිගත හා සමාන්තර ගත ක්‍රම ගැන ඔයාලා O/Lකාලේදී ඉගෙන ගෙන ඇතිනේ.මෙහිදී බල්බ 54බැගින් කොටස් දෙකක් (මුද්‍රිත පරිපත කැබලි 3බැගින්)සමාන්තර ගතව සවිකරන්න.බල්බයේ පහලට යොදන වුර්තාකාර කොටසේ LEDහතර බැගින් සමාන්තර ගත ක්‍රමයට සම්බන්ද කර ගන්න.දැන් මෙම කොටස් තුන ශ්‍රේනිගත ක්‍රමයට සවිකරන්න.මෙය ඉතා නිවැරදිව කලයුතුයි.
පහත උපදෙස් පිලිපදින්න.
1.ශ්‍රේණිගත සම්බන්දය නිවැරදිදැයි නැවත බලන්න.
2.බලසපයුම් පරිපථය පරික්ෂා කරන්න.
3.බලසපයුම LED වලට ලබා දෙන්න.මේ විදිහට

 4.බල්බ සියල්ල දැල්වේ නම් සාර්ථකය.මේ විදිහට
5.බල සපයුම විසන්දි කරන්න.බලසපයුම් පරිපත කොටස බල්බ ආවරණ තුලට ඇතුළු කරන්න.එහි A/Cලබා දෙන වයර් කැබලි දෙක අනික පස සිදුරින් පිටතට ගන්න.පරිපථය බල්බ ආවරණ තුලට ඇතුළු කරන්න.මේ විදිහට

6.වුර්තාකාර කොටසද සවිකරන්න.මේ විදිහට

7.හෝල්ඩරයට සවිකරන විල්ල කොටසේ ඇති සිදුරු දෙකින් A/C සපයන වයර් කැබලි දෙක පිටතට ගෙන එහි පහත පරිදි ඊයම් හොඳින් යොදා පාසන්න.(සම්බන්දකරන සියලුම වයර් සඳහා සකිට් වයර් යොදාගන්න)

 8.විදුලි සැපයුම ලබා දෙන්න.අපුරුයි නේද?මෙන්න මෙහෙම දැල්වේවි.
අමුද්‍රව්‍ය මිලදීගැනීම
  පිට කොටුවේ පළමු හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් සාප්පු කීපයකින් ඉහත කොටස් සියල්ල ලබා ගත හැකිය.ඔබ දුර බැහැරක සිටින්නේ නම් බල්බ සැදීම සඳහා උපකරණ කට්ටලය ඔබට එවීමට මට පුළුවනි.තැපැල් ගාස්තුව හා අමුද්‍රව්‍ය සඳහා පමණක් අවශ්‍ය මුදල මාවෙත එවන්න.මා මෙසේ කරන්නේ මෙම කර්මාන්තය දියුණු කරගන්නන් ට හා අත්හදා බලන අයටත් මේ සම්බන්දයෙන් ආශාවක් ඇති අය සඳහා පමණි.අමුද්‍රව්‍ය ලබා ගැනීමට කැමති අය sisiramet@gmail.com යන ලිපිනයට දන්වා එවන්න.ඔබට හොඳම තත්වයේ අමුද්‍රව්‍ය පමණක් ලබා දේ.මුදල් ගෙවන අන්දම ඔබට ඊමේල් මගින් දන්වන්නම්.

               LED බල්බ නිෂ්පාදනය ඔබ දිගටම සිදුකරන්නට අදහස් කරන්නේනම්.එම බල්බ වලින් අත්වන වාසි අවාසි සඳහන් කරමින් කුඩා අත් පත්‍රිකාවක් පිළියෙළ කරන්න.ඔබ එයට වගකීම් කාලයක් ලබාදෙන්න.ඔබට නොමිලේ අලුත්වැඩියා කර දුන්නද පාඩුවක් නැත.මෙවැනි බල්බයක් වසර 5 ක් පමණ භාවිතා කල හැකිය.බල්බය තුල අඩංගු උපාංග සියල්ල එකවර දැවී යන්නේ ඉතා කළා තුරකිනි.(උදා:අකුණුවලින් දැවීයාම -ඒ සඳහා වගකීමක් කිසිඳු ඉලෙක්ට්‍රොනික උපකරණයක් නිපදවන අයකු ලබා නොදේ)එක LED බල්බයක් දැවීගිය හොත් ඔබට වය වන්නේ රුපියල් 5 ක් පමණි.එහෙත් නොමිලේ අලුත් වැඩියාවෙන් පාරිභෝගිකයා ඔබ ගැන තබන විශ්වාසය නිමකල නොහැකි තරම් වටින්නේය.තම නිවසේ,යාළුවන්ට මුලින්ම බල්බ  අලෙවිකරමින් නමක් ඇතිකර ගන්න.අලංකාර පෙට්ටියක් නිර්මාණය කර එය තුල බල්බය ආරක්ෂිතව තබා අලෙවි කළ හැකිනම් තවත් ඔබට පාරිභෝගිකයා දිනා ගත හැකි වනු ඇත.විදේශීය රට වල අයට මෙවැනි බල්බ අලෙවිකළ හැකින්බම් ඔබට ඉතා ඉහල ලාභයක් ලද හැකිය.
ඔබට ජය!

8 comments:

  1. මට මේක පාස්සගන්න විදිය එච්චර පැහැදිලි නැහැනේ..... පුලුවන් නම් එක කරන හැටි පොඩ්ඩක් කියන්න..

    ReplyDelete
  2. එරන්ද4/3/13, 2:01 PM

    පින් සිදුවන කාර්යයක් ඔබගේ බ්ලෝග් අඩවියෙන් සිදුකරයි‍. දේශපාලන වල් පල් වලට වඩා අපට මේවගේ වැදගත් දෙයක් ලබාදීම ඉතාම හොද දෙයක්.

    ReplyDelete
  3. W1 led balb walin hadana balb hoda nedda.

    ReplyDelete
  4. papuwa honda kollek................

    ReplyDelete
  5. circuit diagram ekak denna (led 108 bulb eke) ,passana hati pahadili na
    Samantha -galle

    ReplyDelete
  6. ඇත්තටම මේක ගොඩක් හොඳ වැඩක්.අපිවගේ මූලික දැනුම නැති අයටත් සර්කිට් වලට පාහන හැටි තවටිකක් සවිස්තරව කියල දෙන්න පුලුවන්ද?

    ReplyDelete
  7. Hoda Wadak, kiya nima karanna be......

    ReplyDelete
  8. holder eka alwanna hoda gam ekak kiyanwada?

    ReplyDelete