Saturday, March 9, 2013

ජංගම දුරකථන නිසා මොළයේ ගෙඩි හැදෙනවාද..

              දිගින් දිගටම ජංගම දුරකථන වල එල්ලී ගෙන සිටින්නන්ට මොළයේ ගෙඩි ඇතිවිය හැකි බව මෑත කාලයේදී කතා බහට ලක්විණි.ඇත්තටම අප සීමාවක් නැතිව ජංගම දුරකථන භාවිතා කරමු .ඉතා අඩු සොච්චමට දුරකතනයක් මිලදී ගත හැකි  බැවින් දුරකථනය අද අපට වඩාත් සමීප වී සිටී.එහෙත් අප මිලදීගන්නා  ඇතැම් ප්‍රමිතියෙන් තොර දුරකථන නිසා මොළය ආශ්‍රිතව පිළිකා හටගැනීමේ අවදානමක් නැතුවා නොවන බව ලෝක සෞඛ්‍යය සංවිධානය කියා සිටී.ඇමරිකානු වෛද්‍ය සංගමයේ පර්යේෂණ පිලිබඳ සගරාව මේ පිළිබඳව කිවේ 2011 වර්ෂයේදීය.
ඔවුන් පවසන්නේ ජංගම දුරකථනය භාවිතා කරනවිට මොළයේ අසාමාන්‍ය හැසිරීමක් පෙන්වන බවය.පිළිකා සෛල වැඩෙන විට මොළයේ ග්ලුකෝස් මට්ටම ඉහල යන්නාක් මෙන් ජංගම දුරකථන භාවිතා කරන විටද මොළයේ ග්ලුකෝස් මට්ටම ඉහල යන බවද ඔවුන් කියාසිටී.
එහෙත් ජංගම දුරකථන නිෂ්පාදකයන් කියා සිටින්නේ දුරකථන භාවිතයෙන් පිළිකා හටගැනීමේ ඉඩක් නැති බවය.ඔවුන් එසේ කියන්නේ තම වෙලෙඳපොළ කඩාවැටේදැයි බියකින් බව දැන් සැක මතුවී තිබේ.කෙසේවෙතත් අප පසක් කරගත යුතු කරුණක් ඇත.එනම් ජංගම දුරකතනයක් භාවිතා කරන්නේනම් එක්කෝ කන්යොමුවක් පැළඳීම හෝ බ්ලුටුත් උපකරණයක් භාවිතා කිරීම සුදුසු බවය.දුරකථනය හැමවිටම සිරුරින් ඈත්ව තබා ගැනීම කෝකටත් හොඳය.ජංගම දුරකතනයකින් ඉතා ඉහල කම්පනයකින් යුතු විද්‍යුත් චුම්භක තරංග නිකුත් වන අතර මොළයේ සියුම් සෛල වලට ඉන් බලපෑමක් ඇති නොවන්නේ මන්දැයි කාටනම් කිව හැකිද?

ඔබට ජය!

No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.