
ආදිය එක තැනකට එක්රැස් කර ඔවුන් ඔබ ගැන චිත්‍රයක් මවා ගනු ලැබේ..මෙය ඔබ ගැන එක පුද්ගලයෙකු නෙත් අයාගෙන කරන ක්‍රියාවක් නොවේ.අතිශය සුක්ෂම තාක්ෂණයක් හරහා මෙලෙස ඔවුන් ඔබේ රුචි අරුචිකම් සොයාබලනුයේ කොටින්ම කිවහොත් ඔබෙන් වක්‍රාකාරව යම් මුදලක් කොටා ගැනීමටය.ඔබගේ රුචි අරුචිකම් සොයා ගන්නා මෙම සෙවුම් යන්ත්‍ර විසින් ඔබට වැදගත් විය හැකි අන්දමේ වෙළෙඳ දැන්වීම් ස්වයංක්‍රීයවම ඔබ වෙත එවයි.එය විදුලි පණිවුඩ හරහා හෝ ඔබ සතු වෙබ් අඩවි හරහා විය හැක.එම දැන්වීම් දකින ඔබ එහි ඔබට අවශ්‍ය යයි හැඟෙන යමක් දුටුව හොත් ඔබ එය මිලදීගන්නට හෝ ඒ පසුපස හඹා යන්නට පෙළඹේ.සෙවුම් යන්ත්‍ර හිමිකරුවන් බලාපොරුත්තු වන්නේද මෙයයි.ඔබ ඔවුන් එවන දැන්වීම් වලට වසඟ වන තරමට ඔවුන්ට ලැබෙන ආදායමද වැඩිවේ.ලොව බොහොමයක් සෙවුම් යන්ත්‍ර තම ආදායම සපුරා ගන්නේ වෙළෙඳ දැන්වීම් වලින් ලැබෙන ආදායමෙනි.
අපට මෙලෙස නොමිලේ සෙවුම් යන්ත්‍ර ලබාදී ඇත්තේ අපට ආදරයට නොවන බව මේ අනුව ඔබට පෙනීයනු ඇත.මේ අනුව ඔබේ පුද්ගලික තොරතුරු සෙවුම් යන්ත්‍ර වලට අමතරව වෙනත් අයට යනවාද?මෙයට ගුගල් සමාගමේ පුද්ගලිකත්වය සුරැකීමේ ප්‍රධානියෙකු පවසන්නේ මෙම තොරතුරු වෙනත් අය අතට පත වීමට ඉඩ තබා නැති බවය.එහෙත් සෙවුම් යන්ත්‍ර වලින් අපට නොමිලේ ලැබෙන සේවය ගැන බැලු විට අපට ඔවුන්ට එරෙහිව චෝදනා කිරීමට ඔවුන් අපට ඉඩක් තබා නැත.
ඔබට ජය!
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.