Sunday, March 17, 2013

ලංකාවට ආ සුනාමිය..

  වර්ෂ 2004 දී ලංකාව බිලිගත් සුනාමිය අපකාටත් අමතක නොවන්නකි.එකල දී ලාංකිකයන් සුනාමි යන වචනය පවා අසා තිබුනේ නැත.නොදැනුවත්කම නිසා විනාශයේ තරම දෙගුණ තෙගුණ විය.
එහෙත් සැබවින්ම ලාංකිකයන් 2004 දී සුනාමි ගැන නොදැන  සිටියා යයි කීම වැරදිය.1994 අප්‍රියෙල් 27 වන බදාදා ලංකාවේ ප්‍රකට විද්‍යා සඟරාවක් වන විදුසර පුවත්පත මගින් 'භූමිකම්පා' නමැති විශේෂ
  අතිරේකයක් මගින් සුනාමි ගැන මනාව පැහැදිලි කර තිබුණි.මා මෙම ලිපිය ලියන්නේ කුඩා කල සිටම විදුසර සඟරාව පරිශීලනය  කල මා ඔවුන් කල කාර්යයට තුති පුදන්නටය.එම ලිපිය කියවූ කිහිප දෙනෙකු හෝ එදින සිය ජීවිත බේරා ගන්නට ඇති බව මම විශ්වාස කරමි.
යලි යම් දිනක භූමිකම්පාවක් ඇති නොවෙතියි අපට කෙසේවත් කිව නොහැක.එබැවින් හෙට දිනයේ අනතුරට මුහුණ දීමට අප සුදානම් වී සිටිය යුතු වෙමු.පහත දැක්වෙනු යේ භූමිකම්පා අවස්ථාවක ඔබ පිළිපැදිය යුතු කරුණු සමුදායකි.
1.කම්පනයක් දැනුන වහාම එළිමහන් තැනකට දිවයන්න.
2.එසේ කල නොහැකි තම නිවසේ හෝ ගොඩනැගිල්ලක උළුවස්ස යටට වී සිටින්න.ඔබේ හිසට යමක් වැටීම එමගින් වැළකෙනු ඇත.
3.ජනෙල් හා බිත්ති අසලින් ඈත් වන්න.වැටෙන කොටස් වලින් ආරක්ෂාවීමට.
4.ඔබට උඩ විසිවී බිම වටුනාක් මෙන් කම්පනයක් දැනුන හොත් මහා විනාශකාරී ද්විතීක තරංග ළඟම එනවා විය හැක.හැකි ඉක්මනින් එළිමහන් තැනකට යන්න.
5.වාහනයක් පදවන්නේ  නම් වහාම වාහනය නවතන්න.
6.බිංගෙවල් තුල රැදී නොසිටින්න.
7.ගිනි ගන්නා වායු නල පුපුරා යාහැකි බැවින් භුමිකම්පා අවස්ථාවක කිසිවිටකත් ගිනිකුරක්‌ හෝ නොදල්වන්න.
8.ප්‍රධාන වහරුව විවුර්ත කිරීමෙන් නිවසේ විදුලිය විසන්දි කරන්න.
9.අතේ ගෙනයාහැකි රේඩියෝ වැනි උපකරණ ඔබ ළඟ තබා ගන්න.
10.කම්පනයක් දැනුන විට මුහුදු වෙරළ අයිනෙන් රට තුලට යන්න.
11.මුහුදු රළ නැරඹීමට නොයන්න.
විචාරශීලීව කටයුතු කිරීමෙන් ඇතිවන අනතුරු අවම කර ගත හැකිය.


එදා මතකය

2 comments:

  1. mata one sunami kiyanne mokadda kiyala ok thanx!

    ReplyDelete
  2. මට ඕනේ සුනාමි කියන්නේ මොකක්ද කියලා ඒ උනාට ස්තූතියි.

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.