Sunday, March 17, 2013

පැරණි ලින්ක් අක්‍රිය වන්නේ ඇයි..

    ඔබ බ්ලොග් ලියන්නෙකු නම ඔබේ බ්ලොගයේ දමා ඇති සමහර ලින්ක් කල්යත්ම අක්‍රිය වී ඇති බව ඔබ අත්දැකීමෙන් දැක ඇති.හැබැටම මෙහෙම වෙන්නේ ඇයි?ගොඩක් වෙලාවට ඊට හේතුව තමයි බ්ලොග් අඩවි හිමිකරුවන් තම අඩවි ප්‍රතිසංවිධානය කිරීම.එවිට ඔබ ලින්ක් එකක් සපයා ඇති වෙබ් පිටුවක ඔවුන් යම් වෙනසක් කලේනම් එහි URL ඒකත් ඉබේම වෙනස් වෙනවා.නමුත් ඔබ ලබාදී ඇති URL එක පැරණි එකම නිසා එම ලින්ක් එක තුලින් අදාළ වෙබ් පිටුවට යාමට නොහැකි වෙනවා.තවත් හේතු ලෙස ස්ර්වර් වල පවතින දුර්වලතා ද තිබිය හැකියි.
ඇතැම් විට ඔබේ දත්ත මැකී තිබෙන්නට පුළුවන්.ඉතින් මෙයට විසදුමක් ලෙස ඔබට ඔබේ බ්ලොගය පරික්ෂාකර එහි ලින්ක් නැවත පිහිටු වීමට කලයුතු වෙනවා..නැතිනම් ප්‍රේක්ෂක ප්‍රතිචාර අඩුවී යන්න පුළුවන්..ඔබේ බ්ලොගයේ අධික ලෙස වෙනත් අඩවි සඳහා ලින්ක් සපයා ඇතිනම් අක්‍රිය වී ඇති ලින්ක් පිළිබඳව දැනුම් දෙන ලෙස ඉල්ලා ඔබේ බ්ලොගයේ දැන්වීමක් දාන්න පුළුවන්.තවත් හේතු තියෙනවා නම් කොමෙන්ට් කරන්න...

ඔබට ජය!

1 comment:

  1. අනේ මංදා!
    ලින්ක් අඩුවෙන් පාවිච්චිය තමා හොඳ!

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.