ලොව ජංගම උපාංග සඳහා ඉදිරිපත්වී ඇති වේගවත්ම බ්‍රවුසරය දැන් කාටත් නොමිලේ බා ගත හැකිය.දැනට ලොව මිලියන පනහකට වැඩි සෙනගක් මෙම ඩොල්ෆින් බ්‍රවුසරයෙන් වැඩ ගනිති.මෙම බ්‍රවුසරයත් සමග ලොව ජංගම උපාංග සඳහා අවශ්‍යව තිබු කාර්යක්ෂම වෙබ් බ්‍රවුසරයක අවශ්‍යතාව ඉටුවේ.මෙය ටැබ්ලට් පරිගණක,ජංගම දුරකථන,ස්මාට් ෆෝන් ආදියට කදිමට ගැලපෙන බව එය දියුණු කරමින් සිටින චීන ජාතික 'යොංෂි යැං' කියා සිටී.මෙහි වෙනත් බ්‍රවුසර වල නැති ලක්ෂණ ගනාවක්
ඇත.ඩොල්ෆින් සෝනාර් තාක්ෂනය හෙවත් කටහඬ හදුනා ගැනීමේ විශේෂ හැකියාවක් මෙම බ්‍රවුසරයට ඇත.වෙබ් අඩවියක
නම ඇඟිල්ලෙන් ඇඳ පෙන්වුවිට එයට ක්ෂණයකින් ලොග් වීමේ හැකියාවද ඕනෑම වෙබ් අඩවියක ඇති පිටු පොතක මෙන් පෙරලා බැලීමේ හැකියාව ද මෙම බ්‍රවුසරයට ඇත.අන්තර්ජාල විශ්ලේෂකයන් පවසන්නේ මෙම බ්‍රවුසරය ලොව වෙබ් බ්‍රවුසර් වල වේගය මැනීමේ ප්‍රමිතීන් වල ඉහලින්ම සිටිනා බවය.ඩොල්ෆින් මොබයිල් වෙබ් බ්‍රවුසරය නොමිලේ බා ගැනීමට මෙතනින් යන්න.
ඔබට ජය!
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.