Friday, April 19, 2013

වයි ෆයි ජාලයක් හදමු..


  ඔබ දැනටමත් දන්නවා ඇති අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට wifi තාක්ෂනය භාවිතා කළ හැකි බව.ඔබේ කාර්යාලයේ හෝ යම් ආයතනයක දැනටමත් wifi භාවිතා කරනවා  විය හැක.එහෙත් ඔබ නිවසේ හෝ යාළුවන් සමග වයි ෆයි මගින් ජාලයක් ගොඩ නගා ගත හැක.විශ්ව විද්‍යාලයක  හෝ පාසලක නේවාසිකා ගාරයක මෙය පහසුවෙන් කල හැකියි.ඔබ ලෝක වෙළඳ මද්‍යස්ථානයනයට පියනගා ඇතිනම් ඔබේ ලැප්ටොප් උපකරණය හරහා හෝ දුරකථනය හරහා
වයිෆයි තාක්ෂනය රසවිඳ ඇතිවාට සැක නැත.ඇත්තෙන්ම වයි ෆයි ක්‍රමයේදී අන්තර්ජාල මුලාශ්‍රයේ සිට රවුටරයකින් ලැබෙන රේඩියෝ තරංග ඔස්සේ අන්තර්ජාල සම්බන්දතා ලබා ගත හැකිය.මෙය රවුටරයේ සිට සාමාන්‍යයෙන් අඩි 300ක පමණ දුරට බල පැවැත්වේ.එම ප්‍රදේශය හැදින්වෙන්නේ 'හොට්ස්පොට්' කියාය.
  එය රවුටරය වටා වලයාකාරව විහිදෙන්නකි.එම අඩි 300 අවසාන සීමාවට මෙපිටින් වයිෆයි ප්‍රතිවිකාශකයක් තැබීමෙන් වයි ෆයි ජාලයේ ක්‍රියාකාරී දුර අඩි 600 දක්වා දිගු කළ හැකි බව ඔබට පෙනෙනු ඇත.දැන් වයිෆයි ප්‍රතිවිකාෂක 300 mpbs ප්‍රමානවලින් ලබා ගත හැක.එකක මිල සාමාන්‍යයෙන් රුපියල් 3500 ක් පමණවේ.
ඔබ ජිවත් වන්නේ මහල් නිවාසයක නම් එක මහලකට එක ප්‍රතිවිකාශකයක් ප්‍රමාණවත්වේ.තම යාලුවන් සමග සකච්චාකර ඔවුන්ට මාසික ව සුළු මුදලක් ගෙවා අන්තර්ජාල පහසුකම් ලබා දීමට ඔබට පුළුවන.එයින් මාස කිපයක් යනවිට ඔබේ වියදම පියවා ගත හැක.ඔබට ලැබෙන ලාබයෙන් තවත් ප්‍රතිවිකාෂක පිහිටුවා තම ජාලය පුළුල් කර ගත හැක.හෙට දින අඩවියෙන් නිතරම මා ඉදිරිපත් කිරීමට සැලසුම් කරන්නේ නව නිර්මානාත්මක දේවල්ය.එනම් හෙට දිනයේ සත්‍ය බවට පත්වන දේවල්ය.

ඉලෙක්ට්‍රොනික ශිල්පියෙකු වන මම දැනට ඉතා දිගු දුරක් ෆයිෆයි සම්ප්‍රේක්ෂණය කළ හැකි උපකරණයක් නිපදවමින් සිටිමි.එයින් පසුව විදුලි සංදේශ නියාමන කොමිසමේ අවවසරය ඇතිව ගමකට හෝ නගරයක ඉතා අඩුමිලට අන්තර්ජාල පහසුකම් ලබා දීමට කැමැත්තෙන් සිටිමි.ඔබ මෙම විෂයට කැමැත්තක් දක්වන්නේ නම් මා සමග හවුල්වී එම තාක්ෂණ ක්‍රමය ක්‍රියාවට  නැගීමට සහාය ලබා දෙන මෙන් ඉල්ලමි!
sisiramet@gmail.com
ඔබට ජය!

4 comments:

  1. සහය වෙන්නෙ කොහොමද මචො

    ReplyDelete
  2. electronic mula indan igana ganna asai meka dkkama order akak dnavada

    ReplyDelete
  3. අපේ ඔෆිස් එකටත් මෙම පහසුකම් ලබා ගැනිමට අදහස් කර ඇත. විස්තර mmkchandraguptha@gmail.com වෙත දන්වන්න.

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.