Tuesday, April 16, 2013

LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 6.

 අද මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නේ තවත් LED බල්බ වර්ගයක්.මෙය ටියුබ් ලයිට් හැඩ බල්බයක්.ටිකක් නිෂ්පාදන මිල ඉහල වුනත් වැඩි ආලෝකයක් ලබා ගත හැකියි.මෙයට අවශ්‍ය උපකරණ සියල්ල පිටකොටුවේ වික්‍රම ප්ලාසා ගොඩනැගිල්ලේ කඩ සාප්පුවලින් ලබා ගත හැකියි.ඔබ බල්බය සවිකරන විට සාමාන්‍ය ටියුබ් ලයිට් බල්බයේ චෝක් එක ඉවත් කරන්න.බල්බයේ දෙපසින්ම ඔබ කැමති ආකාරයට බලය ලබා දෙන්න.ගැටළු ඇතොත් දන්වන්න.

sisiramet@gmail.com

  •     LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 1.මෙතනින්
  •     LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 2.මෙතනින්
  •     LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 3.මෙතනින්
  •     LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 5.මෙතනින්
ඔබට ජය!

5 comments:

  1. මට මේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්න පුලුවන්ද
    1.මගේ ගෙදර 3W LED ලයිට් එකක් තියෙනවා රුපියල් 500 කට ගත්තු මේක දැන් ටික කාලෙක ඉඳන්
    ඕෆ් කරලා තියෙනවිටත් දැල්වෙනවා මේකට මොකද කරන්නේ?
    2. LED ලයිට් එකක ආලෝක තීව්‍රතාව පාලනය කරන්න වොලියුම් කොන්ට්‍රෝලර් එකක යොදන්න පුලුවන්ද?
    එහෙමනම් ඒක සවිකරන්න ඕන කොතනටද?
    ඒකෙ වර්ගය මොකක් විය යුතුද?
    වොලියුම් කොන්ට්‍රෝලර් යෙදීමෙන් ඒක රත්වීමෙන් විදුලිය නාස්ති වීමක් වෙන්නේ නැද්ද?
    3.ඔයා ඉදිරිපත්කල පරිපථය වෝල්ට් 230 ක DC කරන්ට් එකක් ලබාදෙන එකක්
    මම දන්න හැටියට LED එකකට වෝල්ට් 3 ක් අවශ්‍යයි ඒ නිසා මේකෙන් LED වල උපරිම දීප්තිය ලැබෙන්නෙ නෑ නේද?
    4. වක්‍ර හැඩැති (ඒ කිව්වේ පොල්කට්ටක වගේ හැඩයට ) ප්‍රින්ටඩ් සර්කිට් බෝඩ් හදාගන්න පුලුවන්ද එහෙම ආයතන ලංකාවේ තියෙනවද?

    ReplyDelete
  2. මට හිතෙන්න ඔයාගෙ .කොම් ඩොමේන් එක වැඩ කරන්නෙ නෑ... රීඩරේට එන ලින්ක් එකෙන් මට මේ බ්ලොග් එකට එන්න බෑ..

    http://www.hetadina.blogspot.com/ මෙහෙම ගැහුවම එනවා

    http://www.hetadina.com එකෙන් එන්න බෑ

    ReplyDelete
  3. ඔබ සදහන් බල්බයක මිල රු 3 ක් උනත් මීට වඩා උසින් අඩු එලිය වැඩි led බල්බයක් වෙලදපොලේ තියෙනවද?මම කඩයකින් අහපුවාම රු 20 කට විතර තියෙනවලු කිවිවා ඇත්තද ඒක

    ReplyDelete
  4. හොද led එකක් කීයක් වෙනවද මම ගත්තෙ රු 3.50/ 4.50 ට

    හවුසින් වල මිල කොහොමද අඩුවට ගන්න තියෙන්නෙ කොහෙද

    මේ හදන බල්බ් එකක් පැය කීයක් දල්වන්න පුළුවන්ද

    ReplyDelete
  5. ප්‍රභාත්July 7, 2013 at 6:56 PM

    මම අඩි 4 led tube light 1k හැදුවා ඒක ගත්තේ digital electronics (Ariyarathna - Wikrama Plaza 1) ඒක විනාඩි 5ක් වත් පත්තු වුනේ නෑ.circuit 1 පිච්චුනා.circuit 1 පාස්සලමයි තිබුනේ.bulb ටික නම් හොඳයි.led 40 ක circuit 1ක් දාලා දැන් පැය 20ක් විතර තිබුනා මොකුත් උනේ නම් නෑ.ඒත් එළිය ගොඩක් අඩුයි.ආයෙත් අර ජාතියේ circuit 1ක් දැම්මොත් පිච්චෙයිද?මේකට මොකද කරන්න පුළුවන්?

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.