Wednesday, April 3, 2013

LED බල්බ නිෂ්පාදනය පාඩම් මාලාව 5


  ඔබ LED බල්බ නිෂ්පාදනය පටන්ගත්තාද?නැතිනම් අදම පටන් ගන්න.මොකද අනාගත හොඳම විදුලි පහන වන්නේ LED පහනයි.විදුලිය පිරිමැසිම අතින් දැනට ඉහලින්ම සිටිනුයේ මෙම පහනයි.ඔබ විශ්වාස කරනවාද LED පහන් සවිකිරීමට පෙර සාමන්‍ය සුත්‍රිකා පහන යොදා තිබු මගේ නිවසේ මසකට විදුලි ඒකක 86ක් දවා තිබුනා.ඒත් LED පහන් සවිකලාට පස්සේ එය මසකට 30 ක් දක්වා
අඩුවී තිබුනා..ඒත් තවත් විදුලි උපකරණත් භාවිතා කරලා..ඉතින් ලංකාවේ විශාල පිරිසක් LED පහන් වලට යොමු වුනොත් අපට දෛනිකව ඉතිරිවන විදුලි ඒකක ගණන සුළු පටු නෑ..
LED බල්බ 108 කින් යුතු පහනකින් නිවසක කාමරයක් ආලෝක වත් කිරීමට හොඳටම ප්‍රමාණවත්.තරමක් විශාල සාලයකට නම් එවැනි පහන් දෙකක් ප්‍රමාණවත්.ඇසට සවුම්‍ය සුදු ආලෝකයක් පිටකරන නිසා පොත් පත කියවීමටත් ඉතා උචිතයි.මේ තියෙන්නේ මං හදපු LED 108 කින් යුතු බල්බය දැල්වෙන විට ගත් චායාරූපයක්‌.

 LED පහන් වලින් පාරජම්බුල කිරණ පිට වීමක් නැති නිසා කාටවත් හානියකුත් නැහැ.බල්බය කොච්චර වේලා දල්වා  තැබුවත් ඒක රත් වෙන්න නැහැ.මේ බලන්න මම මේ අල්ල ගෙන ඉන්නේ පැය 13 ක් දල්වා තිබු මම සැදු බල්බයයි.
 සුත්‍රිකා පහනක් හරි CFLපහනක් හරි මෙහෙම  ඇල්ලුවොත් මොනවා වෙයිද?අපට බල්බයෙන් ඕනා ආලෝකය මිස තාපය නෙමෙයිනේ.එනිසා ඔබත් අදම LED පහනකට මාරු වෙන්න.මම දිගටම LED පහන් නිපදවන්න බලාපොරොත්තු වෙනවා..ඔයාලා කාටහරි බල්බ ඕන නම් මට ඊමේල් කරන්න.ගෙදරට VPP තැපෑලෙන් එවන්නම්.
LED පහන් වල වෙනත් නිෂ්පාදන.
1.ටියුප් ලයිට් හැඩ පහන්.
2.බුදු පහන.
3.නිදන කාමර පහන.
4.ආගමික කටයුතු වලයට යොදන 5W හැඩ පහන.
5.LED ඩ්‍රයිව් පරිපත අඩංගු පහන.
6.ඔබේ නිර්මාණශීලිත්වය යොදා මෝටර් රථ හා ත්‍රි වීලර්,බස් රථ සඳහා සුදුසු පහනක් සාදන්න.හීට් සින්ක් දාන්න පුළුවන් ලොකු LED පිටකොටුවෙන් ගන්න පුළුවන්.ට්‍රයි කරලා බලන්න.හරිගියහොත් මටත් කියන්න.
ඔබට ජය!

14 comments:

  1. මන් කැමතියි දැනට බල්බ් 3ක් විතර ගෙන්න ගන්න, ඒසදහා අදාල විස්තර ටිකක් මට mail කරන්න. anwind@hotmail.it

    ReplyDelete
  2. ඔබට අත දීමටයි, රටට යහපතක් වීමටයි, අපිට ලාභයක් වීමටයි
    මිල ගණන් ටිකක් දෙන්නකෝ.
    1.ටියුප් ලයිට් හැඩ පහන්.
    2.බුදු පහන.
    3.නිදන කාමර පහන.
    4.ආගමික කටයුතු වලයට යොදන 5W හැඩ පහන.
    5.LED ඩ්‍රයිව් පරිපත අඩංගු පහන.
    ඒ වාගේම මේල් එකත් ප්‍රදර්ශනය කරන්න.

    ReplyDelete
    Replies
    1. LED බල්බ් සෑදීමට අවශ්‍ය උපාංග අඩු මිළට සැපයිය හැකියි. විමසන්න 0252257412, 0775791175, 0714394219.
      3w - 90/-
      5w - 140/-
      7w - 150/-
      9w - 200/-
      12w - 260/-
      15w - 420/-
      18w - 800/-
      24w - 1100/-
      36w - 1700/-
      50w - 2200/-
      ලංකාවේ ඕනෑම තැනකට එවිය හැක.

      Delete
  3. පෝස්ට් ටික ඔක්කොම කියෙව්වා...
    මෙන්න මේ ටිකට උත්තර දෙන්නකෝ... ලොකු උදව්වක්

    1. බල්බ සවි කරන්නේ ශ්‍රේණිගතව නිසා එකක් හෝ පිච්චුනොත් ඒ සෙට් එකම අයින් කරන්න වෙනව නේද ?

    2.පෑස්සූ බල්බ් හයි කරන ලොකු ප්ලාස්ටික් ආවරණයට කියන්නෙ මොකක් කියලද ? ඒක කඩවලින් ඉල්ලන්නෙ කොහොමද ?

    3.වෙළද පොලේ LED වර්ග 2ක් තියේ... මුහුණත රවුම්, අනික පැතලි... මේ දෙකෙන් වැඩිපුරම හොඳ මොකක්ද ?

    4. කෑපෑසිස්ටර් ඉක්මනටම පිච්චෙනවා. මං දාල විනාඩි 30ක් යන්න කලින් පිච්චුනා.. 0.2uf 400V

    5.ඔබ හදපුවා විකුණන්නෙ නැද්ද ? මට බලන්නවත් එකක්..
    ( info@yasith.net )

    ReplyDelete
  4. මං දන්න දැනුමෙන් කියන්නම්කෝ

    1 නෑ එ පිච්චුන එක බළලා අලුතින් එකක් දැම්මම හරි

    2 නිකං හවුසිං කියල තමයි එහෙම විශෙෂ නමක් නෑ මා දන්නා තරමින්

    3 මං දාලා තියෙන්නෙ රවුම් මුහුණත් හැබැයි එකෙ රුපියල් 5 එක ගන්න කියල තමා කියන්නෙ

    4 හරියට +/- බලලාද ගැහුවෙ

    5 නොදනී

    ReplyDelete
  5. this circuit 105 k 400 V capacitor burn regularly hoe do i overcome this .

    ReplyDelete
  6. ela machan. math me gana igena ganna kramayak hoya hoya hitiyee. godak aya mewa danagaththata katawath kiyala denne na. ubata goadk pin. digatama liyapan. JAYAMA WEWA!!!!!!1

    ReplyDelete
  7. මහත්මයාණනී,
    මමත් ඔබ විසින් ඉදිරිපත් කරනලද DVD තැටියක් මිලදී ගත් අතර ඒය මාගේ ඉදිරි පියවරයන් වලට මහත් පිටුවහලකී. තවද LED බල්බ මිල දර්ශණයක් මෙම ලිපිනයට හැකිනම් යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබට ජය

    ReplyDelete
  8. me weda walata sudusuma bawuth wargaya kumakka?
    40w bawutha ekak thiyenawa rs.180 eka hodaidaaaaa ?

    ReplyDelete
  9. AIYE PODI AWLAK THIYENAWA MATA W5 BALB EKATA ONE BADU LIST EKA EMAIL HARI SMS HARI KARANNAKO PLZ IKMANTA LOKU UDAWWAK
    0773275547 EMAIL-shashikanimantha@hotmail.com

    ReplyDelete
  10. Mata led bulb part Hanna thanak kiyanna aduvata

    ReplyDelete
  11. Machan mata bvd ekakai.badu ganna thiyena shop vala vistharai mila gannan tikai magi gmail ekata danna loku udauvak thanks bro

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.