හිටි අඩියේම ලංකාවේ විදුලි බිල ඉහලට නැන්ගේ අපුරු ආකාරයකටය.එය දැන් අපට දරන්නට බැරි ගනනට වැඩි වී ඇත.එහෙත් විදුලි බිල වැඩි වු පමනින් අපිට අදුරේ සිටිය නොහැක.අද විදුලි බිල වැඩි වීමට ප්‍රධාන කරුන වන්නේ අපේම වරදකි.විදුලිය ඕනෑ තරම් ඇතිවිට එය අරපිරිමැස්මකින් තොරව භාවිතා කිරිම නිසා දැන් අපටම එහි විපාක ගෙවන්නට සිදුවී ඇත.
අප කෙතරම් කෑගැසුවත් විදුලි බල මන්ඩලය විදුලි ඒකකයක් සඳහා රුපියල් 35 ක මුදලක්
වැයකරන බව කියවේ.මින් පෙනෙන්නේ අප අපේම රටට ණය වන බවය.අපට අඩුවියදමකින් විදුලි පාරිභෝජනය කල හැකිව තිබියදී විශාල විදුලි ඒකක ගණනක් දවමින් අප කරණ විනාශය දැන්වත් නැවැත්විය යුතුය.
හෙටදින අඩවිය මගින් හදුන්වා දුන් LED විදුලි පහන් ඔබට භාවිතා කල හැකිනම් ඔබේ විදුලි බිල ගැන තවත් කරදර විය යුතු නැත.වොට් 5 ක LED බල්බයක් දිනකට පැය 6 බැගින් මාසයක් දැල් වුවත් ඔබට වැයවන්නේ ඒකක 0.9 ක විදුලි ප්‍රමාණයක් පමණි.ඔබ වොට් 100 ක සුත්‍රිකා පහනක් දල්වන විට එම විදුලි ප්‍රමානයෙන් වොට් 5 LED බල්බ 20 ක් දැල්විය හැක.බල්බ 20 ක් සාමාන්‍ය නිවසක එකවර භාවිතාවන්නේ කලාතුරකිනි.CFL බල්බ වලින් සැලකිය යුතු මට්ටමේ විදුලියක් ඉතිරි නොවේ.ඇරත් ඉහල මට්ටමේ ප්‍රමිතියකින් යුතු CFL නොයෙදුව හොත් තත්වය තවත් බැරෑරුම් විය හැක.
ප්‍රධාන විදුලිය ඇති නිවෙස් වලටත් සුර්ය විදුලිය.
ප්‍රධාන විදුලිය ඇති නිවෙස් වලට ද සුර්ය ශක්තිය යොදා ගනිමින් නවතම ආකාරයේ විදුලි උත්පාදන ක්‍රමයක් හදුන්වා දීමට හෙටදින වෙබ් අඩවිය ළඟදීම කටයුතු කරනු ඇත.මෙම සුර්ය විදුලි කට්ටල පහසු ගෙවීමේ ක්‍රමයට ලබා දීමටත් භාවිතා කරන බැටරිය ඉතා දිගු කලක් යොදා ගත හැකි පරිදි එහි පරිපථය නවීකරණය කිරිමටත් අප බලා පොරොත්තු වෙමු.ලංකාව දැන් හිරු රශ්මියෙන් අඩු නැති රටක් වන නිසා සුර්ය විදුලිය වැනි විදුලි උත්පාදන ක්‍රමයක් අප රටට කාලෝචිතය.මෙම ක්‍රමය හදුන් වාදීමත් සමග සාමාන්‍ය නිවසක විදුලි බිල කලින් තිබුනාටත් වඩා අඩුවනු ඇත.
ඔබට ජය.!
Monday, April 22, 2013
2 comments:
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.
Subscribe to:
Post Comments (Atom)
වටිනා අදහසක් සුර්ය විදුලිය සමන්්ය ගෙදරක ඒකක 90 වක් වගෙ බවිතා කරන වා නම් කොපමන ඒකක ගනනක් ඉතුරු කරගන්න පුලුවන් ද
ReplyDeleteලොවෙත් නෑ.. එහෙම දෙයක් කරන්න පුළුවන් නම් ඔබට පින්
ReplyDelete