ඔබ අලුතින්ම පැමිණෙන කාර් වල පිටිපස්සේ VVT යනුවෙන් සටහන් කර තිබෙනවා දැක ඇති.ඇත්තටම VVT යනු කුමක්ද?මෙය රථයේ ඉන්දන කාර්යක්ෂමතාවය ඉහල නැංවීමට අලුතින්ම ආ උපක්‍රමයක් ලෙස දැක්විය හැකියි.එය ඉතා දීර්ඝ ලෙස විස්තර කල හැකි වුවත් ඔබේ තේරුම් ගැනීමේ පහසුව උදෙසා කෙටියෙන් දක්වමි.
මෙය VVT(Veriable Valve Timing) ලෙස දැක්වෙනවා..සමාන්‍ය
එන්ජිමක ඉන්දන දහනය සඳහා සැපයෙන වාතය එන්ජිමේ ලැසි දියුම් වේගය (Idiling) සිට ඉහල වේගයක් දක්වා යන විට වැඩි ඉන්දන ප්‍රමාණයක් දහනයට අවශ්‍ය නියමිත වායු ප්‍රමාණය නොලැබෙන්නට පුළුවන.එවිට අර්ධ දහනයක් වන අතර ඉන්දන අපතේ යයි.එහෙත් නවිනව පැමිණෙන vvt එන්ජිමේදී එහි වේගය වැඩිවත්ම එන්ජිමට වාතය සැපයෙන කපාට විවුර්තව තිබෙන කාලසීමාවන් විචලනය වෙයි.එනම් වැඩි ඉන්දන ප්‍රමාණයක් දහනය වන වැඩි වේගයකදී එහි වායුව ඇද ගන්නා කපාටය වැඩි වේලාවක් විවුර්තව තබමින් සරු වායු මිශ්‍රණයක් එන්ජිමට ලබා දේ.
එවිට ඉන්දන සම්පුර්ණයෙන්ම දහනය වන අතර ඉන්දන කාර්යක්ෂමතාවය වැඩිවේ.මෙම කපාට ක්‍රියාකාරිත්වයට ඔයිල් දායක වන බැවින් නියමිත කාලයට අනුමත ඔයිල් පමණක් භාවිතා කල යුතුය.නතිනම් කපාට සිරවීමත් අනිකුත් කොටස් වලට හානි වීමත් සිදුවේ.
ඔබට ජය!
Tuesday, April 2, 2013
2 comments:
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.
Subscribe to:
Post Comments (Atom)
අඩේ මේ හොඳ ඔත්තුවක් මට තැන්කු කිව්ව
ReplyDeleteකෝරලේ වලව්ව
ඔය එන්ජින් එන්නෙ v type එකටද
ReplyDelete