Sunday, April 28, 2013

ඔබේ ඩොන්ගලය අන්ලොක් කරගන්න.ලේසිම ක්‍රම 2


  පසුගිය ලිපියෙන් ඩොන්ගල් DC මෘදුකාංගය යොදා අන්ලොක් කරන අයුරු මම  ඔබට කීවා මතක ඇති නැතිනම්
ඔබේ ඩොන්ගලය අන්ලොක් කරගන්න.පාඩම 1 මෙතනින් කියවන්න.
ZTE MF 100 Unlock කිරීම..
මෙය සාමන්‍ය ආකාරයට DC මෘදුකාංගය යොදා අන්ලොක් කළ නොහැකි බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති.අන්ලොක් කල ද
වෙනත් වර්ගයක සිම් පාතක් දැමු වහාම එය නැවත එය අන්ලොක් වන බව ඔබ දැක ඇත.මෙය ඔබට ඉතා පහසුවෙන් අන්ලොක් කරගත හැකි අකාරය පියවර වශයෙන් දක්වමි.
1.මෙය අන්ලොක් කිරීමට ප්‍රතමයෙන් මෙම ඩොන්ගලයේ Firmware update කල යුතුය.
2.Firmware update බා ගැනීමට මෙතන ක්ලික් කරන්න..
3.සිම්පත නැතිව ඩොන්ගලය  පරිගණකයට සවිකරන්න.
3.බා ගත් ZTE-ME100.zip ෆයිල් එක unzip කරගන්න.
4.ලැබෙන ZTE MF100 ෆෝල්ඩරයට යන්න.එහි ඇති dl_mf100_dlg_sz_euv1.00.00.exe ලෙස දැක්වෙන වැඩසටහන open කරගන්න.
5.මෙය ඔබේ පරිගණකයට ස්ථාපිත කරගත් යුතු නැත.
6.ටික වෙලාවකින් ඔබේ ඩොන්ගලය  මෘදුකාංගය මගින් හදුනා ගනු ඇත.එවිට පහත පරිදි පෙනෙනු ඇත.
7.එලෙස මෘදුකාංගය මගින් ඔබේ ඩොන්ගලය  හදුනා ගත් පසු දකුණු පසින් ඇති start Update යන්න ක්ලික් කරන්න.එවිට ඔබේ ඩොන්ගලයේ Firmware එක යාවත්කාලීන වනු ඇත.
8.මම කලින් පාඩමේදී කියූ පරිදි මෙහිදී ද ඔබේ පරිගණකයේ විදුලි සැපයුම විසන්ඳි නොවන බවට වග බලා ගත යුතුය. නැතිනම් ඩොන්ගලය නැවත ඝාවිතා කල නොහැකි තත්වයට පත්වේ.එමෙන්ම මෙලෙස අන්ලොක් කිරීමත් සමග ඔබේ ඩොන්ගලයේ සේවා දායකයා සමග තිබු වගකීමේ සහතිකයද ඉවත් වන බව මතක තබා ගන්න.
8.Firmware එක යාවත්කාලීන වූ පසු මම කලින් කියා දුන් ආකාරයට DC මෘදුකාංගය මගින් අන්ලොක් කර ගත යුතුයි.
9.DC අන්ලොක් මෘදුකාංගය විවුර්ත කරගෙන එහි select manufacture ස්ථානයට  ZTE data cards ලෙස දෙන්න.Select model ස්ථානයට ZTE MF 100 ලෙස තෝරන්න.දැන් search යන බොත්තම ඔබන්න.
10.සුළු වෙලාවකින් ඔබේ ඩොන්ගලය  ඕනෑම සිම් පතක් භාවිතා කළ හැකි පරිදි අගුලු ඉවත් වනු ඇත.
තවත් ඩොන්ගලයක් අන්ලොක් කරන හැටි ඊළඟ පාඩමින් කියා දෙන්නම්..
ඔබට ජය!

No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.