Tuesday, April 2, 2013

සිංහලෙන් ලියන්න ලේසිම ක්‍රමයක්..

  ඔබ සිංහල බ්ලොග් ලියන්නෙකු නම් ඔබට සිංහල යතුරු පුවරුව හුරු නැතිනම් ඇතිවන අපහසුතාවය ගැන අමුතුවෙන් කිව යුතු නෑ..එහෙත් ඔබ ඒ අපහසුතාවයෙන් නිදහස් කරන්න මම ඔබට ඉතා පහසුවෙන් සිංහල ටයිප් කරන ක්‍රමයක් කියලා දෙන්නම්.ඔබ සමහරවිට මේ ගැන
ලියපු මගේ පළමු ලිපිය කියවලත් ඇති.ඔබට ඉංගිසි යතුරු පුවරුව හුරුවීම පමණයි අවශ්‍ය.ඔබ එහිදී සිංග්ලිෂ් වලින් ලියන වචන ක්ෂණිකවම සිංහල යුනිකෝඩ් වලට හැරවිය හැකියි.මෙම ක්‍රමය ගුගල් සමාගම ඉදිරිපත් කරන්නේ මෙහෙමයි..  
Windows සඳහා Google Input Tools යනු ලතින් (ඉංග්‍රීසි / QWERTY) යතුරු පුවරුව භාවිතා කර ඕනෑම ආධාරක භාෂාවකින් භාවිතකරුවට පෙළ ඇතුල් කිරීමට ඉ‍ඩ දෙන යෙදවුම් සංස්කාරක ක්‍රමයකි. ලතින් අක්ෂර භාවිතා කර වචන ශබ්ද වන ආකාරයට වචනයක් ටයිප් කිරීමට භාවිතකරුවන්ට හැකි වන අතර Windows සඳහා Google Input Tools භාවිතා කර මව් භාෂාවේ වචනවලට පරිවර්තනය කරයි. තිබෙන ආදාන උපකරණවලට අක්ෂර පරිවර්තනය, IME සහ තිරය මත යතුරු පුවරු ඇතුළත් වේ.

Windows සඳහා Google Input Tools දැනට විවිධ භාෂා 22කින් තිබේ: ඇම්හැරික්, අරාබි, බෙංගාලි, පර්සියන්, ග්‍රීක්, ගුජරාටි, හීබෲ, හින්දි, කන්නඩ, මලයාලම්, මරාති, නේපාල, ඔරියා, පංජාබි, රුසියානු, සංස්කෘත, සර්බියානු, සිංහල, දෙමළ, තෙළිඟු, ටිග්‍රින්යා සහ උර්දු භාෂාවෙනි.
තවත් බොහෝ දේ දැනගන්න මෙතනින් යන්න..

ඔබට ජය!

No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.