අප සාමාන්‍යයෙන් භාවිතා කරනා බැටරියක විදුලිය ගබඩාවී ඇත්තේ රසායනික ශක්තිය
වශයෙනි.බැටරියේ අග්‍ර දෙක පරිපථය හරහා සම්බන්ද කිරීමේදී බැටරිය තුල ඇති ඉලෙක්ට්‍රෝඩ වල ක්‍රියාකාරීත්වයෙන් විදුලිය උපදී.එහෙත් මා ඔබට හදුන්වා දෙන්නේ ඊට වෙනස් විදුලි ගබඩා කළ හැකි උපකරණයකි.මෙය දැන් විවිධ රටවල භාවිතයට ගැනෙයි.
මෙය ජවරෝධය නැවත ඉපදීමක් ලෙස හැදින් විය
හැක.උපකරණය සරලය.පිටත වායුගෝලීය පීඩනය දරා ගත හැකි සවිමත් ලෝහ බදුනකි.එහි අබ්යන්තරයේ සවිකර ඇති ජවරෝදය කි.එම ජවරෝදයේ අක්ෂයට ඩයිනමෝවක් හා මෝටරයක් ලෙස ක්‍රියා කල හැකි උපකරණයක් සවිකර ඇත.මෙයට විදුලිය ලබා දුන් විට මෝටරය ලෙස ක්‍රියා කරමින් ජවරෝධය අතිවිශාල වේගයකින් කරකැවිය හැක.මෙම ජව රෝධය සවිකකර ඇත්තේ බදුනේ කිසිඳු තැනක ස්පර්ශ නොවන ලෙසය.ඒ චුම්බක බෙයාරින් මගිනි.එම නිසා ජවරෝදය කරකැවෙන විට ඝර්ෂණය නිසා වන ශක්ති හානිය නැතිවේ.ලෝහ බදුනේ ඇති වාතය ඉවත් කර එතුල රික්තකයක් සාදයි.එවිට වාතය මගින් ජවරෝදයට වන ඝර්ෂණය නැතිවේ.මෙවිට ඉතා දිගු කාලයක් ජවරෝදයට කැරකෙමින් සිටිය හැක.
වරක් විදුලිය ලබාදී ජවරෝදය කරකීමට සලස්වා විදුලිය විසන්ඳි කරනු ලැබේ.දැන් ජවරෝදය කරකැවූ මෝටරය ඩයිනමෝවක් ලෙස ක්‍රියා කරමින් විදුලිය නිපදවයි.වයර් මගින් පිටතට එන විදුලිය අපට ඕනෑම කාර්යයක් සඳහා යොදාගත හැකිය.ඇතුලත ඝර්ශණය ඉතා අල්ප බැවින් ජවරෝදය නතර වීමට මාසයක් පමණ ගතවේ.

මෙම ජවරෝධය යොදාගනිමින් නවතම වාහනයක් ඉදිරිපත් කිරීමට දැන් පර්යේෂකයෝ අර අඳිති එවිට රත්‍රී කාලයට විදුලිය සම්බන්දකර ජවරෝධයේ චාලක ශක්තිය ගබඩා කර පසුදින විදුලිබලය අධාරයෙන් ගමන් කිරීමට ඔබට ලබෙනු ඇත.වාහනයේ බර තවත් අඩු වන්නේ එන්ජිමක් අවශ්‍ය නොවන නිසාය.

මෙම ජවරෝධ තාක්ෂණ ක්‍රමය නිවෙස්වලට විදුලිය ගබඩා කර තබා ගැනීමට සකස් කිරීමට හෙටදින අඩවිය දැන් පරීක්ෂණ අරඹා ඇත.එවිට සුර්ය කෝෂ මගින් ලබා ගන්නා විදුලිය ජවරෝදය තුල ගබඩා කර අපට බැටරි භාවිතයකින් තොරව බලශක්තිය ලබා ගැනීමට හැකිවනු ඇත.ජවරෝදය තුල පරිසර විනාශකාරී ඊයම් අඩංගු නොවන බැවින් බැටරි යුගය ළඟදීම කුඩා ඉලෙක්ට්‍රොනික උපකරණ වලට පමණක් සිමා වනු ඇත.
ඔබට ජය!
කර ගත්තොත් නම් ගොඩේ ගොඩම තමා...
ReplyDeleteඒත් ඕකෙ ක්ෂමතා අවම කර ගන්න විකල්පයක් තියේද හානිය ?
දිගටම අපි ඉන්නවා "හෙටදිනත්" එක්ක
පුදුම සොයා ගැනිමක් ඉදිරිය අනාගතෙ මෙ නිසා ලොකු වෙනසක් වෙවි මෙම තක්ශනය ඉක්මනින් අපෙ රටවල් වලටත් ඒනවානම් ලොකු විසදුමක්
ReplyDeleteපුදුම සොයා ගැනිමක් ඉදිරිය අනාගතෙ මෙ නිසා ලොකු වෙනසක් වෙවි මෙම තක්ශනය ඉක්මනින් අපෙ රටවල් වලටත් ඒනවානම් ලොකු විසදුමක්
ReplyDeletesamahara dee walata, aka parama akaga nathi unath, mewagee dee idiripath kireema gana agaya karanawa
ReplyDelete