Tuesday, April 30, 2013

ඉලෙක්ට්‍රොණික පන්තිය..

  නවීන තාක්ෂණයට මුහුණ දීම සඳහා ඔබට අද කාලයේ අතිශයින්ම වැදගත්වන ඉලෙක්ට්‍රොණික විද්‍යාව ඉගෙනීම ඔබටත් ඔබේ අනාගත දරුවන්ටත් ඉතා වැදගත් බව ඔබ නොදන්නවා විය හැකිය.මම කුඩා කල සිටම ඉලෙක්ට්‍රොණික විද්‍යාවට ඇලුම් කළ නිසා එය පහසුවෙන් ඉගෙන ගතිමි.ලංකාවේ විශාල පිරිසක් මෙම විෂයට ඇලුම් කරන අතර
අද පාසල් විෂය ධාරාවට මෙම විෂයද හොඳින් එක් වී ඇත.
මෙය ඉතා පුළුල් විෂයය ධාරාවකි.ඉගෙනීමට බොහෝදේ  ඇත.හෙටදින අඩවිය මගින් ඉලෙක්ට්‍රොනණික පාඩම් මාලාවක් නොමිලේ ඉදිරි පත් කිරීමට සැලසුම් කර ඇත.මුලික ඉලෙක්ට්‍රොනණික විද්‍යාවේ සිට නවීන පරිගණකය දක්වා මෙහි ඉගැන්වෙනු ඇත.විශේෂයෙන් පාසල් සිසුන් හා ඉලෙක්ට්‍රොණික අංශයේ සේවයේ නියුතු අයට මෙම පාඩම් මාලාව වැදගත් වනු ඇත.ඔබට මෙම විෂය පිළිබඳව ඇති ගැටළු පාඩම් කෙසේ සකස් කල යුතුද යන ආදී කරුණු මාවෙත කොමෙන්ට් කරන්න.එය ඉදිරි පාඩම් මාලා සැලසුම් කිරීමට වැදගත් වනු ඇත.
මුලික ඉලෙක්ට්‍රොණික විද්‍යාව.
නවීන තාක්ෂණික ලෝකය ඉතා සීග්‍රයෙන් දුයුණු වෙමින් ඇත.ගුවන් විදුලිය මුලික කරගෙන ඇරඹි මෙම ශේත්‍රය අද ලොව පුරා පැතිරී ගොසිනි.මුලික කරුණු වලදී පගත කරුණු වටහා දෙනු ඇත.
1.විදුලිය.
2.වෝල්ටීයතාව
3.ධාරාව.
4.ප්‍රතිරෝධය.
5.ධාරිතාවය.
6.ඉලෙක්ට්‍රොණික  ශිල්පියාට අවශ්‍ය උපකරණ.
7.සරල පරිපත.
8.ඉලෙක්ට්‍රොණික උපාංග හා එහි ක්‍රියාකාරීත්වය.
9.PCB හදන හැටි.
10.LED ආලෝක රටා.
11.ඉලෙක්ට්‍රොණික උපාංග වල දෝෂ සොයා ගන්න හැටි.
12.ගුවන් විදුලි අදායකය.
13.ගුවන් විදුලි සම්ප්‍රේක්ෂණය
14.ගුවන් විදුලි යන්ත්‍ර අලුත්වැඩියාව.
15.රුපවාහිනි තාක්ෂනය.
16.රුපවාහිනි යන්ත්‍ර අලුත්වැඩියාව.
17.වෙනත් විදුලි උපකරණ හා එහි තාක්ෂනය.
18.වෙනත් විදුලි උපකරණ අලුත්වැඩියාව.
19.තවත් විශාල පාඩම් මාලා රැසක්
ඔබට ජය!

3 comments:

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.