Friday, April 26, 2013

නිවසට නොමිලේ විදුලිය ගනිමු..

   හෙටදින අඩවිය කලින් පොස්ට් එකකදී බලශක්තිය නොමිලේ ලබාදීම ගැන කතා කළා මතක ඇති.ලංකාවේ පමණක් නොව ලෝකයේ අද බලශක්ති අර්බුධයක් මතුව ඇත.ප්‍රධාන වශයෙන්ම ඉන්ධන හිග වෙත්ම මෙම අර්බුධය මතුවන බව විද්යාක්ඤයන් අනාවැකි පලකර තිබුනේ මෑතකදී නොවේ..අද ශ්‍රී ලංකාව මුහුණ පා ඇති විදුලි අර්බුදයට ඝෟජුවම බල පා ඇත්තේ
ඉන්දනවල මිල ඉහළ යාමයි.අන්තිමේදී එය අහින්සක ජනතාව මත පැටවෙන්නේ නිතැනිනි.විදුලි මිල ඉහළයාමෙන් බලවත් අපහසුතාවයට පත්ව සිටින ශ්‍රී ලාංකික ජනතාවට තමන්ටම නිවසේදී විදුලිය නොමිලේ නිපදවා ගත හැකි ක්‍රම රාශියක් ඇත.ඒවා එකින් එක ඔබට පහදා දෙමින් තමන්ට සරිලන විදුලිය නිපදවීමේ ක්‍රමය තෝරා ගන්න අයුරු මෙතැන සිට මම ඔබට නොමිලේ කියාදෙමි.පහත දැක්වෙන්නේ ලංකාව තුල නොමිලේ විදුලි බලය ලබා ගත හැකි ක්‍රමය.
1.සුර්ය ශක්තිය.
2.සුළං බලය.
3.ජල විදුලිය.
4.සමුද්‍ර විදුලි බලය.
5.ජීව වායු මගින්.
         එම ක්‍රම අතරින් වඩාත් ප්‍රචලිතව ඇත්තේ සුර්ය විදුලි බලයයි.එහෙත් මුලිකව දරන්නට වන වියදම වැඩිවීම නිසා බොහෝදෙනා එයට යොමුවීමට මැලි වෙති.එහෙත් දැන් ඔබට කිව යුත්තේ සුර්ය විදුලි බල සැපයුමක් ස්ථාපිත කර ගැනීමට විශාල මුදලක් වැය නොවන බවය.එය ඔබට දරන්නට හැකි මට්ටමකි.නිවසක ඝාවිතය සඳහා සුර්ය පැනලය සහිතව රුපියල් පහළොස් දහසකට පමණ  සවිකර ගත හැකිය.හෙටදින අඩවිය මෙම වියදම තවත් අඩුකරමින් නව ක්‍රමයකට සුර්ය බල ශක්තිය ලබා දීමට දැන් පරීක්ෂණ කරමින් සිටී.නුදුරු දිනයකදීම එහි ප්‍රතිඵල ඔබට ඉදිරිපත් කරමි.
සුර්ය බල කට්ටලයක් මගින් නිවසකට විදුලි බලය ලබා ගතහොත් දැනට මසකට වැයවන විදුලි ප්‍රමාණයෙන් හතරෙන් තුනකට වඩා අඩුකර ගත හැක.එනම් විදුලිබල ඉතිරිය 75% ට වඩා වැඩිය.ඒ කියන්නේ දැන් ඔබට මසකට විදුලි බිල රුපියල් 100 ක් එන්නේ නම් ඔබට සුර්ය ශක්තිය ඒකාබද්ධ කලවිට ලැබෙන්නේ රුපියල් 25 කටත් අඩු විදුලි බිලකි.

  • සුර්ය ශක්තිය මගින් විදුලිය ජනනයේදී ලැබෙන වාසි.
1.විදුලිය නොමිලේ ලැබේ.
2.සුර්ය පැනලයක් වසර 20 කට වඩා භාවිතා කල හැක.
3.විදුලිය ඇනහිටීමක් නැත.
4.පරිසර දුෂණයක් නැත.
5.විදුලිසැර වැදීම වැනි අනතුරුදායක නැත.
6.නඩත්තුව පහසුය.
7.වසර පුරාම ආලෝකය ලැබෙන බැවින් ආලෝකය පිළිබඳව ගැටලුවක් නැත.
8.අතිමහත් දනස් කන්දයක් රටට ඉතිරි කරයි.
තමන් විසින්ම අඩු වියදමකින් සුර්ය වාහිනී පද්ධතියක් තම නිවසේ සවිකරගන්න අයුරු මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.
  • සුර්ය පැනලයක් වැඩකරන හැටි.
    පහත රූපය බලන්න.
  එහි සුර්ය වාහිනියේ තට්ටු තුනක් දක්නට ලැබෙයි.එහි හිරු එලිය වැටෙන පැත්තේ ඇත්තේ n වර්ගයේ සිලිකන් අර්ධ සන්නායකයකි.මෙම සිලිකන් වල විශේෂත්වය වන්නේ ආලෝකය වැටුන විට එහි පරමාණු වටා ඇති ඉලෙක්ට්‍රෝන සකොබනය වී නිදසස් වීමයි.එනම් මෙහි n නමැති සිලිකන් තට්ටුවට ආලෝකය වැටුන විට එහි ඉලෙක්ට්‍රෝන මුක්තවේ.එවිට එම කොටසේ ඉලෙක්ට්‍රෝන පීඩනය වැඩිවන බැවින් එය භාහිර පරිපථය හරහා p වර්ගයේ යටින් ඇති සිලිකන් තට්ටුවට ගැලීමට පෙළබේ.එසේ වන්නේ p වර්ගයේ සිලිකන් තට්ටුවේ ඉලෙක්ට්‍රෝන කුහර ඇති වන නිසාය.මෙය ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියා හදුන් වනු ලැබේ.
ඔබට ජය!

11 comments:

  1. patta watina lipi pelaka patan genmaak....
    digatama liyanna yaluwa..

    ReplyDelete
  2. kohenda 15000 kata ganna puluwan ??

    ReplyDelete
  3. අගෙයි, ලංකාවතුල ප්‍රචලිත කිරීමට කල යුත්තේ පුද්ගලයන්ගේ අවිශ්වාසය දුරුකිරීමයි,

    ReplyDelete
  4. කොමෙන්ට් දාන හැමෝටම ගොඩක් ස්තුතියි..ඔයාලට නිවසට ගැලපෙන අතිරේක විදුලි උත්පාදන ක්‍රමයක් කියා දෙනවාමයි..හොඳේ..

    ReplyDelete
  5. hondayi ikmaninma ithurutikath liyanna

    ReplyDelete
  6. kohoma da oyage solar experiments .. wade nagala yanawada.??

    ReplyDelete
  7. godak hodai..watinawa thorathuru walata

    ReplyDelete
  8. 15000 kohenda ganna puluvan ..thanak ikmatata kiyanna..loku udavvak

    ReplyDelete
  9. loku udavvak ,15000 kata ganna thaenk kiyanna

    ReplyDelete
  10. godak watina lipi pelak ...oyage danuma me wage beda ganna ekata watinakamak kiyanna baha...ithin ikmaninma adu wiyadam surya panalayak sada ganna hati kiyala denna....

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.