අද ශ්‍රී ලංකාව තුල බහුල වශයෙන් කතා කෙරෙන මාතෘකාව ක් වන්නේ ජංගම දුරකතන අලුත් වැඩියාව පිළිබඳවය.ඇත්තෙන්ම ඔබට ජංගම දුරකථන අලුත්වැඩියාව නිවැරදිව ඉගෙන ගත හොත් නිවසේ සිටම විශාල මුදලක් සොයා ගත හැකිය.ඉතින් ඔබට පන්තිගානේ රස්තියාදු නොවී නිවසේ සිටම ජංගම දුරකථන අලුත්වැඩියා කරන අයුරු පාඩම් මාලා ඇසුරින් පියවරෙන් පියවර නොමිලේම කියා දීමට මම
අදිටන් කර ගතිමි.අදින් ඇරබෙන නව පාඩම් මාලාව සමග දිගටම රැඳෙන ලෙස මම ඔබ සැමට ආරාධනා කරමි.ඉංග්‍රීසි භාෂාව මගින් ඇති මෙවැනි පාඩම් මාලා බහුතරයක් භාවිතා කරන සිංහල භාෂාව දන්නා අය අතරට මෙම තාක්ෂනය ගෙනයාම හෙට දින අඩවියේ අරමුනයි.
ජංගම දුරකතන අලුත්වැඩියාවට පළමුව අප දුරකතනයක් ක්‍රියා කරන අයුරු ඉගෙන ගනිමු.
ලොවට රේඩියෝව හදුන්වා දුන්නේ ගුග්ලියෙල්මෝ මාකෝනි විසිනි.එතන් පටන් රේඩියෝව වඩවඩාත් සංවර්ධනය වෙමින් ජංගම දුරකථනය දක්වා පැමිණි ගමන ඉතා දිගුය.අද ජංගම දුරකථනය හා රේඩියෝව එක්තැන් වී සිටී.ලොවට නව නිපදවන්නන් අවශ්‍ය බව අපට පෙනීයන්නනේ රේඩියෝව නිෂ්පාදනය කෙතරම් වැදගත්වී ද යන්න සිතා බැලීමේදීය.ගුග්ලියෙල්මෝ මාකෝනි දැන් ලොව ජිවත්ව නොසිටියත් ඔවුන්ගේ නාමය කිසිදා නොමැකෙන්නකි.ඔවුන් නිපදවන්නට වු රේඩියෝව පසුකාලයකදී ජංගම දුරකථනය දක්වාම සන්වර්ධනය වනු ඇතැයි ඔවුන් කිසිවිටෙකත් නොසිතන්නට ඇත.
ඔබ දන්නා පරිදි අතීතයේදී ජංගම දුරකථනය දැන් පරිදි අතේ ගෙනයා හැකි හුරිබුහුටි උපාංගයක් නොවේ.එය කාමරයක් තරම් විශාල විදුලි බලයකින් ක්‍රියාකරන උපාංගයක් විය.මුල් කාලයේදී එය දුරකථන ඇමතුම් ලබා ගැනීමටත් SMS යැවීමටත් යොදා ගැනින.දැන් එය අන්තර්ජාල සේවා හා මුදල් හුවමාරුව දක්වා දියුණුවී ඇත.එදා සිට දියුණුවූ GSM,EDGE,2G,CDMA,HSDPA.3G,4G,අද හිනිපෙත්තටම නැග ඇත.
දුරකතනයක දත්ත හුවමාරු කිරීම මුල්කාලේ වුයේ ප්‍රතිසම සංඤා(Analog)ලෙස විකාශය කිරීමය.එය දිගුදුරක් ගමන් කල නොහැකි වු අතර ටහර සංඤා වලට නිරන්තර භාදා ඇති විය.නගරයක ස්ථාපනය කර තිබු කුළුනකින් දුරකථන සංඤා විකාශය කෙරිණි.ඒවා සැතපුම් කිහිපයක් දුරට ගමන් කළේය.එක කුළුණකින් විකාශය වුයේ සංඤා කිහිපයකින් පමණි.එනිසා එකවර දුරකථන රාශියක් ක්‍රියා කල නොහැකිවිය.අධික ශක්තියක්ද යොදන්නට සිදු විය.මෙම ගැටලුව මග හැරුනේ දුරකථන cell නමැති අදහස ක්‍රියාත්මක වීමත් සමගය.ඒ මගින් අඩු වියදමකින් වැඩි දුරකථන ගන්නක් සසුරුවන්නටත් වඩාත් කාර්යක්ෂමව දුරකථන සේවා ලබා දෙන්නටත් හැකිවිය.
cell එකක් ක්‍රියා කරන අයුරු ඊළඟ පාඩමින්.
ඔබට ජය!
Monday, April 29, 2013
1 comment:
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.
Subscribe to:
Post Comments (Atom)
niyamaii. ithuru tika nedda? mata phone hadanna igena ganna one
ReplyDelete