Saturday, April 27, 2013

වැඩිහිටියන්ට පමණක් නොවේ..

  මා මේ සැරසෙන්නේ හැමෝටම බලන්න පුළුවන් ෆිල්ම් එකකක් පෙන්වීමට නොවේ.අපේ සමාජ ජාලය කෙතරම් පිරිහීද යන්න ගැන වචනයක් කතා කිරීමටය.අද facebook ගිනුමක් නැති අයෙකු නැති තරම්ය.විවිධ අසබ්‍ය පින්තුර ඇතුළු කරමින් අනිකුත් අය මහත් අපහසුතාවයකට පත් කරමින් ඒ ආකාරයට කටයුතු කරන්නේ ඇත්තටම මානසික රෝගීන් සමුහයකි.වෙනත් රටවල කුමන සංස්කෘතියක් තිබුනද අප රටේ ඇත්තේ අපටම ආවේනික වූ සංස්කෘතියකි.
අන්තර්ජාලය අපට සේවය කිරීමට පැමිණ ඇත.
එහෙත් එයින් නියම ප්‍රයෝජනය ගන්නේ කීයෙන් කීදෙනාද?අන්තර්ජාලය තුල සැරිසරමින් අහිංසක දෙමාපියන්ගේ මුදල් නාස්තිකරන දරුවන් අද දුලබ නොවේ.කුඩා දරුවන් පවා යොමුවී ඇත්තේ අනෙකෙකුට රිදවා එයින් අසාමාන්‍ය තෘප්තියක් ලැබීමට ය.වර්තමානයේ කල සමීක්ෂණ වලින් පෙන්වා දී ඇත්තේ වැඩිහිටියන් ට වඩා කුඩා දරුවන් අන්තර්ජාලය හරහා අසබ්ය දර්ශන නරබන බවය.මෙය ශෝෂනීය තත්වයකි.අප රට තුල අපරාධ වර්ධනය වෙමින් පැවතීමට මෙය රුකුලක් වී ඇත.
හෙටදින අනාගතය බාරගැනීමට සිටින දරුවන් මෙවැනි දේවලට යොමුවීම සැබවින්ම භයානකය.කුඩා කලදීම විවිධ අපයෝජනවලට ලක්වී ජීවිතය අදුරුකරගන්න දරුවන් අප අරට තුල කොතෙකුත් සිටීද?
දෙමාපියන්ට අද දරුවන් වෙත යොමු කලහැකි කාලය අඩුවී ඇත.ඉන් ප්‍රයෝජනය ගන්න දරුවන් හොර රහසේම විවිධ අගතිගාමී කටයුතු වල නිරතවෙති.
පසුගිය කාලෙයේ ලංකාවේ සමලිංගිකත්වය වෙනුවෙන් ඇතැමෙක් සටන් ප්‍රාඨ කියුහ.අද ප්‍රංශයේ සමලිංගිකත්වය නීති ගතවී ඇත.ඒ ප්‍රන්ශයේය ..ප්‍රංශයේ හොඳනම් අපට මොකදැයි කිසිවකු වරදවා වටහා ගතයුතු නැත.අපරටේ ඇතැම් මිනිසුන්ගේ කලින් නොතිබුන චර්යා වලට යොමුවී ඇති බව අපට විතක්ෂණ ණුවන යොදා බලන විට පෙනීයයි.මෙවැනි සිද්ධීන් නිසා පවුල් අවුල් වී මහා ජංජාලයක් වන බව ඔවුන්ට නොපෙනෙන කරුණකි.දෙමාපියනි හෙටදිනය  භාරගැනීමට සිටින ඔබේ වටිනා දරුවන් කරන්නේ කුමක්ද යන්නේ කොහිද යන්න මැනවින් සොයා බැලීමට දැන් කාලය එළඹ තිබේ.

1 comment:

  1. ඔබ මතු කරන සමාජීය ප්‍රශ්නවලට දක්වා ඇති හේතු සාධාරණ ඒවා නොවේ. අපරට තුළ අපරාධ වැඩිවීමට හේතුව මිනිසුන් ආගම දහමින් ඈත්වීම විනා අන්තර්ජාලය නොවේ. අන්තර්ජාලයෙන් කුඩා ළමුන් වැඩි වැඩියෙන් ලිංගික දර්ශන නැරඹීමට හේතුව ලංකාවේ වයසට ගැළපෙන නිසි ලිංගික අධ්‍යාපනයක් නොලබා දීමයි. පාසල් අධ්‍යාපානය තුළින් ජීවන කුසලතා වර්ධනය නොකිරීමයි. අන්තර්ජාලය තුළින් මෙවන් මානසික රෝගීන් බිහිවීමට හේතුව වත්මන් තරඟකාරී මුදල් පසුපස හඹායන සමාජයක් තුළ ගුණාත්මක පාසල් අධ්‍යාපනයක් ලංකාවේ පාසල් දරුවන්ට නොලැබීමයි.
    සමලිංගික විවාහ නීතිගත වී ඇත්තේ ප්‍රංශයේ පමණක් නොවෙයි. තවත් රටවල් 13 ක පමණ එය නීතිගතයි.එය ප්‍රජාතන්ත්‍රවාදී රටක සුළුතර ලිංගික ප්‍රජාවේ මානව අයිතිවාසිකම් තහවුරුකිරීමක්. සමලිංගිකත්වය යන්න උපතින් එන්නක් බව විද්‍යානුකූලව තහවුරු වූවක්. ලංකාවේ මිනිසුන් තුල මෙය කලින් නොතිබුණු දෙයක් නොවෙයි. සිදුවී ඇත්තේ වර්තමානයේ වේගයෙන් තොරතුරු ගලායන පසුබිම තුළ මෙවන් සිදුවීම් වැඩියෙන් වාර්තා වීමයි.

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.