Thursday, April 4, 2013

අසීමිතව ට්‍රැෆික් ගන්න මෘදුකාංගයක්..

 ඔයාලා බ්ලොග් කරනවා නම් තමන්ගේ බ්ලොග් එකට කියක් හරි වැඩියෙන් සෙනග අද්දවා ගන්න කැමති ඇති.SEO කියල සමහරු ලොකු වචන දාල කියල දෙන්නේ මේ ආකාරයේ වැඩි පුර ට්‍රැෆික් ගන්න ක්‍රම තමා..ඒ සඳහා ක්‍රම රාශියක් තියෙනවා මම අද එකක් කියලා දෙන්නම්.
ඔයාලගේ බ්ලොග් එක සර්ච් එන්ජිමේ යට හැංගිලා සිටියොත් ඒක විසිටර්ලාට අහුවෙන්නේ නෑ.ඉතින් ඒ ආකාරයට හැංගිලා තියෙන බ්ලොග් සර්ච් නාමාවලියේ ඉදිරියට ගන්නට මෙම මෘදුකාංගය ක්‍රියා
කරනවා..ඔබට එකවර සර්ච් එන්ජින් 66කට ඔබේ බ්ලොගය මේ මෘදුකානගය හරහා එක් කල හැකියි.මම පහලින් දීල තියෙන ලින්ක් ඒකෙන් ගිහිල්ලා hetadina tools4web.exe යන සෙටප් ෆයිල් එක බා ගන්න.දැන් ඒක මත ඩබල් ක්ලික් කරන්න.එය ඉන්ස්ටෝල් වන්නට ඉඩ හරින්න.ඩෙක්ස්ටොප් එකේ අයිකන් එකක් එයි.එය ඩබල් ක්ලික් කරලා ඔබට එයට පිවිසෙන්න.එහි මුලින්ම ඇති කොටුවේ  ඔබේ බ්ලොගයේ නම ලබා දෙන්න.ඊළඟ කොටුවේ  සක්‍රිය ඊමේල් ලිපිනයකුත් දෙන්න.තුන්වන කොටුවේ ඔබේ බ්ලොගයේ URL එක දෙන්න.check all යන කොටුවට ටික් එකක් දාන්න.ඔක්කොම සිලෙක්ට් වේවි.දැන් පහලින් තියෙන submit the site යන බට්න් එක ක්ලික් කරන්න.සුළු වෙලාවකින් සියලුම සර්ච් එන්ජින් වලට ඔබේ බ්ලොගය එක්කල බව දැක්වෙන පණිවිඩයක් ලැබේවි.



ඔබට ජය!

3 comments:

  1. ඇත්තෙන්ම වටිනවා. බ්ලොග් එක ප්‍රසිද්ධ කර ගන්න තිබෙන උණක් නිසා නොවේ. අපගේ අදහස් අන් අය වෙත ගලාගෙන යාමට අවස්ථාවක් සැලසීමට යි.

    ReplyDelete
  2. නියමයිනේ..........

    ReplyDelete
  3. Automation error
    The requested resource is in use. kiyala enawa
    mokada karanne

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.