Monday, May 20, 2013

UPS එකක් දිගු කලක් භාවිතා කරන හැටි.

  ඔබේ පරිගණකයට UPS උපකරණයක් සවිකර ඇතිනම් එහි වැදගත් කම ඔබට මැනවින් වැටහී  ඇති.ඔබ ඇතැම් විට අලුතින් මිලදී ගත් UPS එකක පවා එහි බැටරිය ටික දිනකින්ම අක්‍රිය තත්වයට පත්වන බව දැක ඇත.බැටරිය
නිතරම ආරෝපණය වුවත් මෙලෙස අක්‍රිය වන්නේ ඇයි? UPS බැටරිය අක්‍රිය වු බවට අපට ලැබෙන ඉඟියක් වන්නේ එහි ආරෝපණ ප්‍රමාණය පරිගණකය විනාඩි කීපයක්වත් සක්‍රිය තත්වයේ තබා ගැනීමට අපොහොසත් වීමය.එවිට විදුලිය විසන්ඳි වූ මොහොතක ඔබ පරිගණකය ෂට්ඩවුන් කිරීමට ප්‍රථමව UPS මගින් ලැබෙන ධාරාවද බිඳ වැටී පරිගණකය අක්‍රිය වේ.
ඔබ UPS උපකරණයක් අලුතින් යෙදුවේ නම් හෝ අලුත් බැටරියක් සවි කලේ නම් එම බැටරිය දින දෙකකට වරක් වත් REFRESH කල යුතුය.ඕනෑම නැවත ආරෝපණය කළ හැකි බැටරියක් බලවත් ලෙස බැසයාමට සලස්වා නැවත ආරෝපණය කිරීමෙන් එහි ආයු කාලය වැඩිවේ.මෙයට කදිම උදාහරණය වන්නේ වාහන වල ඇති බැටරියයි.වාහනයක අලුතිම යොදා ඇති බැටරියක් වාහනය භාවිතා නොකර තැබූ විට එයට හානියක් සිදු නොවේ.එහෙත් ටික දිනක් භාවිතා කර වාහනය භාවිතා නොකර තැබූ විට බැටරියට හානිවේ.බැටරිය තුල විද්‍යුතය ගබඩා වී ඇත්තේ රසායනික ප්‍රතික්‍රියාවක් ඇසුරු කරගෙනය.මෙම ප්‍රතික්‍රියාව චක්‍රාකාරව හොඳින් සිදු වීම බටරියකට අවශ්‍යය.වාහනයක මෙම චක්‍රය හොඳින් සිදුවේ.මන්ද වාහනයක් පන ගැන්වීමේදී ද බල්බ දැල් විමේදී ද නලාව නාද කිරීමේදී ද වායුසමන යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමේදී ද බැටරිය බැසයමින් නැවත නැවත ආරෝපණය වේ.චක්‍රය නිතරම සිදුවන නිසා එහි ඇති රසායන ද්‍රව්‍ය වලට හානි නොවේ.
නමුත් ඔබ භාවිතා කරන UPS උපකරණක ඇති බැටරිය සම්පුර්ණයෙන්ම පාහේ බැසයන්නේ කලාතුරකිනි.එනිසා ඔබේ UPS බැටරිය උපරිම අරෝපනයේ පවතී.එහෙත් ටික දිනක් යත්ම බැටරියේ රසායනික ක්‍රියාකාරිත්වයට හානි වන්නේ අදාළ ප්‍රතික්‍රියාවක් නිතරම සිදු නොවන නිසාය.මේනිසා UPS බැටරියක් ද නිතර නිතර REFRESH කල හැකිනම් එහි ආයු කාලය වැඩිවන බව ඔබට පෙනෙනු ඇත.මෙය ඔබට පහසුවෙන් කල හැක.මුලින්ම පරිගණකය ෂ්ට්ඩවුන් කර වසා දමන්න.දැන් මොනිටරය පමණක් සම්බන්දව තිබියදී UPS එකට ලැබෙන විදුලි ධාරාව කපාහරින්න.මොනිටරයේ තිරය දක්නට නොලැබුනද එහි පරිපථය ක්‍රියාත්මකව පවතී. එනිසා UPS බැටරිය ටික වෙලාවකින් බැස යයි.දැන් නැවතත් ප්‍රධාන විදුලි සැපයුම ලබාදී UPS බැටරිය ආරෝපණය වීමට ඉඩ හරින්න.මෙම පියවර දින දෙකකට වරක් වත කල හැකිනම් ඔබේ UPS එක දිගු කලක් හොඳින් තබා ගත හැකි වනු ඇත.
ඔබට ජය!

No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.