ඔබ විදුලිය අරපිරිමැසීම සඳහා CFL භාවිතා කල ද එහි අඩංගු රසායනික ද්‍රව්‍ය ශරීරයට ඉතා අහිතකර අන්දමින් බලපාන බව සොයාගෙන තිබේ.CFL (Compact Fluoresent Light)නමැති මේවා තුල රසදිය නමැති විෂ අන්තර්ගතව ඇත.CFL බල්බයක ඇති මෙම රසදිය හරහා
විදුලි ධාරාවක් ගමන් ගන්නා විට ආලෝකය උපදී.බල්බයේ ඇතුලත ඇති පොස්පරස් ස්තරය නිසා ද ආලෝකය වැඩිවේ.CFL එකක් ක්‍රියාත්මක වීමට රසදිය අනිවාර්ය සාධකයකි.
මෙකී රසදිය බැර ලෝහයකි.එය පරිසරයට මුසුව අහාර මගින් අප ශරීරගත විය හැක.රසදිය මගින් ප්‍රධානව මොලයට හා ස්නායු පද්ධතියට හානි පැමිණේ.CFL බල්බ නියමිත පරිදි බැහැර කිරීමට ක්‍රම වේදයන් තිබුනද ඒවා ජනතාව අතහරට යන්නේ අඩුවෙනි.ප්‍රතිචක්‍රීකරණය කල හැකි ක්‍රම තිබුනද තත්වයෙන් බාල CFL තවත් මරු පහරකි.විදුලිය අඩුවෙන් භාවිතාවන බව සතයක් වුවත් එයින් අපට සැලකිය යුතු හානියක් වනබව පෙනෙන්නට තිබේ.
වර්තමානේ ජනප්‍රිය වෙමින් ඇති LED බල්බවලින් මෙබඳු හානියක් නැත.එහි තරමක අවාසියට ඇත්තේ ඒවා මිලෙන් අදික වීමය.සාමානය ජනතාවට දරා ගතහැකි මට්ටමේ වඩාත් කාර්යක්ෂම LED බල්බයක් නිපදවීමට හෙටදින අඩවිය දැන් පරීක්ෂණ අරඹා ඇත.ඒ සඳහා 'ලංකා එල්.ඊ .ඩී බල්බ නිෂ්පාදන කර්මාන්ත ආයතනය' නමින් 2011 දී ඇරඹි LED බල්බ නිෂ්පාදන ආයතනය ට නව පණක් ලබාදීමට දැන් හැකියාව ලැබී ඇත.
ඔබට ජය !
Sunday, June 2, 2013
2 comments:
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.
Subscribe to:
Post Comments (Atom)
වාහන සඳහා ද LED බල්බ වලින් හෙඩ් ලයිට් ආදී ලයිට් නිර්මාණය කර තිබෙනවා අන්තර්ජාලයේ මා දැක ඇත. ලංකාවේ වෙළඳපොලේ මිලදී ගැනීමට තිබේද?
ReplyDeleteජය වේවා!
ReplyDelete